~1~

5K 489 16
                                    

මම කිම් ජියෝන් ජන්ග්ගුක්..

වාසගම් දෙකක්?

ඔව් මං විවාහකයි...

කිම් ටේහ්යුන් එයා...

එයාගෙ දෙමව්පියන් මගේ දෙමව්පියන්ට යෝජනා කරපු නිසා අපි විවාහ වුනා..

මං දන්නෙ නෑ එයා මේකට කැමති වුනාද නැද්ද කියලවත්. කවදාවත් දෙමව්පියන්ගෙ කීමකට විරුද්ධ වෙලා නැති නිසා මං කැමති වුනේ.. කැමති වුනා කිව්වට... මං කරේ මොකුත් නොකියා හිටපු එක..

ටේහ්යුන් හ්යුන් ගෙ වැරැද්දක් මට පේන්න නෑ.. එයා හොදයි.. මට සාමාන්‍ය විදිහට සලකනවා.. හරියට... යාලුවෙක්ට වගේ...? නෑ.. මං එයාට වඩා වයසින් පොඩී කියන එක මට දැනෙන විදිහට... මල්ලි කෙනෙක්ට වගේ? මන්දා... මට ඒක කියන්න තේරෙන්නෙ නෑ...

ඒත් ආදරේ කරන දෙන්නෙක් අතර තියෙන විදිහෙ සම්බන්ධයක් අපි අතර නෑ කියන එක මම හොදටම දන්නවා..

මං කාටවත්ම මීට කලින් ආදරේ කරලා නෑ.. මං හිතන්නෙ දැනටත් නැතුවැති... මොකද මං කාත් එක්කවත් සමීප සබඳතා තියාගන්න කැමති වුන කෙනෙක් නෙවෙයි... තාමත් ඒක එහෙමමයි..

හැමෝම කියන විදිහට මම නිහඬ චරිතයක්...

එතකොට ටේහ්යුන් හ්යුන්...

මං එයා ගැන ඇත්තටම දන්නෙ නෑ...

මට ඒක දැනගන්න උනන්දුවක් නෑ...

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now