තද ඔලුවෙ කැක්කුමයි ලොකු බඩගින්නකුයි දැනුන නිසා මට ඇහැරුනා... උදේ දහයත් වෙලා...
මං මූණ හෝදන් පහලට ආවා... හ්යුන් නම් කම්පැනි එකට ගිහින් වගේ...
රාමෙන් එකක් හදාගත්තා ඊට වඩා දෙයක් කරගන්න පන නෑ වගේ නිසා... රෑ බෙහෙත් බිව්වෙත් නෑනෙ... ජින් හ්යුන් කිව්වා බෙහෙත් හරියට ගත්තෙ නැතොත් ඔලුව කැක්කුමක් එයි කියලා... ආයිශ්... මගෙ ඔලුව... ඒ අස්සෙ ඊයෙ රෑ ඇහුන දේවල් ආයෙත් මතක් වුනා මට...
රඟපෑම ඇති වෙලා කිව්වෙ මොකද්ද... හ්යුන්... මාත් එක්ක සුහද විදිහට හැසිරෙන්නෙ බොරුවට වත්ද... කවද්ද මේවා ඉවර වෙන්නෙ කිව්වෙ... එයා බලන් ඉන්නෙ මේකෙන් නිදහස් වෙන්නද... ඒකද මාව මග අරින්නෙ... මට නපුරු වෙන්නෙ ඒ නිසාද...
මට කෙලින්ම කියන්න හ්යුන් මාව වදයක් නම්...මං මේසෙට ඔලුව තියාගත්තා... මට හරි තනියි... ඊයෙ ඒ දේවල් ඇහුන වෙලාවෙ ඉදන්... මං තනියම ඉන්න ආස කෙනෙක් වුනත්... මේ දැනෙන තනිකම මට ඕන නෑ... ඇයි හ්යුන් මට ලං වුනේ.. ඔයා මුල් දවස් වල විදියටම දිගටම හිටියනම් මට මෙහෙම තනියක් දැනෙන එකක් නෑ...
මට මේක අමතක කරන්න ඕනෙ... හ්යුන්ට මාව එපා නම් කොයිවෙලාවක හරි මට යන්න කියයි නේ... එතකන් මේවා හිතන්නෙ නැතුව ඉන්න ඕන...
මං හොද හුස්මක් අරන් නැගිට්ටා... දොලහ පහු වෙලා නිසා දවල්ට තියෙන බෙහෙත් ටික බීලා මං ගාර්ඩ්න් එකට ගියා... ලොකූවට නැතත් මෙහෙ ගාර්ඩ්න් එක ලස්සනට තිබුණා.. මං නම් මේවයෙ වැඩ දන්නෙ නෑ... ගාර්ඩ්න් එක බලාගන්න සතියකට දවසක් ගෑනු කෙනෙක් එනවා...
අද හ්යුන්ගෙන් ස්ටිකී නෝට් එකක්වත් තිබුනෙ නෑ නේ.. හ්යුන් මාව ගෙදර දාලා යන හැම දවසකම මොනවමහරි ලියල තියලා යනවා.. අද නෑ... කමක් නෑ.. හ්යුන්ට ඇහැරෙන්න පරක්කු වෙන්න ඇති..
මං මාවම සනසගන්න හදනවා...
හවස් වෙනකන් මං ගෙදර තැන තැන ඇවිද ඇවිද හිටියා... ඊට පස්සෙ රෑට කෑම හදන්න පටන් ගත්තා..
හ්යුන් උදේට දවල්ට කෑවද දන්නෙත් නෑ... අහලා මැසේජ් එකක් දැම්මත් රිප්ලයි ආවෙ නෑ... වැඩ ඇති..
කෑම හදලා ඉවර වෙලා මං මේසෙට ලෑස්ති කරේ හ්යුන් දැන් එන වෙලාව නිසා...
![](https://img.wattpad.com/cover/276024441-288-k327603.jpg)
YOU ARE READING
𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]
Fanfiction'ඉක්මනට එන්න හ්යුන්.. මට පාලුයි.. මං බලන් ඉන්නවා❤' . . . . . . 'මගෙ ජන්ගු මගෙ ලගින් ඉන්නවා! කාටවත් බෑ එයාව මගෙන් ඈත් කරන්න' ▪︎My 3rd story book ▪︎Short chapters ▪︎Completed ❌Please don't read if you are not interested bl❌ Thankyou!