~2~

2.6K 444 9
                                    

අදත් සාමාන්‍ය දවසක්..

ටේහ්යුන් උදේම කම්පැනි එකට ගියා...

ඔව් එයා ව්‍යාපාරිකයෙක්... එයාට හැමදේම තිබුනා...

මම සාමාන්‍ය පවුලක තාමත් යුනිවර්සිටි යන ලමයෙක්...
ලමයෙක් මත් නෙවෙයි නේ... මට වයස 22යි.

ටේහ්යුන් ට?

එයාට 26ක් වෙනවා මං දන්න විදියට...

මං ඒකවත් හරියට දන්නැද්ද?

ඔව් දන්නෙ නෑ... එයා මාත් එක්කවත් මං එයත් එක්කවත් කතා කරන්න මේ වෙනකන් උනන්දු වෙලා නෑ...

Good morning.. Good night වගේ දේවල් ඇරුනම... අපි වචන විස්සකටත් අඩුවෙන් කතා කරනවා ඇත්තෙ..

ඒක අපි දෙන්නගෙන් කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි...

මං උදේට නැගිටලා කන්න මොනවහරි හදනවා...

අපි දෙන්නම එකට උදේ කෑම ගන්නවා.

එයා කම්පැනි එකට යන ගමන් මාව යුනිවර්සිටි එක ගාවින් දාගෙන යනවා.

මම ලෙක්චර්ස් ඉවරවෙලා තනියම ඇවිදගෙන ගෙදර එනවා... ඒ තරම් ලොකු දුරක් නැති නිසා...
අනික ඒකට මං ආසයි... තනියම.. සින්දුවක් අහන්... පාරක ඇවිදන් යන්න... ඒක හරිම සැනසීමක්..

ගෙදර ඇවිත් අසයින්මන්ට් තියෙන ඒවා කරලා ඉවර වෙලා රෑටත් මොනවහරි හදලා ඉවරවෙනකොට වගේ ටේහ්යුන් ගෙදර එනවා..

අපි එකට රෑ කෑම කනවා...

එයා නිදාගන්න යනවා...

මම ගේ අස් කරලා දාලා නිදාගන්න යනවා...

සරලයි නේ...

හරියට කොහෙහරි බෝඩ් වෙලා ඉන්නවා වගේ නේද..

මට ඒක නිදහසක්...

ටේහ්යුන් ට කොහොමද කියන්න මම දන්නෙ නෑ...

මට ඒක දැනගන්න උනන්දුවක් නෑ..

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now