වෙනදට වඩා ගොඩක් සනීපෙට මට නින්ද ගියා...
රෑ හ්යුන්ව බදාගත්තෙ මන් වුනත් මට ඇහැරෙද්දි හ්යුන් මාව තුරුල් කරන් හිටියා... හ්යුන් තාම නිදි...
ඒ නිසා මාත් එහෙමම ඇස් පියන් හිටියා...
මෙහෙම ඉන්න එක හරිම සනීප හැගීමක්... මං දන්නෙ නෑ ඒ ඇයි කියලා...අපි මැරි කරලා මාස හයකට කිට්ටු වුනත් මං හ්යුන් එක්ක අතේ ඇගිලි ගානටවත් මෙහෙම ඉදලා නෑ... හ්යුන් වුනත් මං ලංවුනොත් මිසක් මට ලං වෙන්නෙත් නෑ... එයාට මට ලං වෙන්න ඕන නැතුවැතිද දන්නෙ නෑ... මං තාමත් දන්නෙ නෑ එයාගෙන් කැමැත්තෙන්ද මේ මැරේජ් එක වුනේ කියලවත්.. සමහරවිට එයාගෙ වැඩි කැමැත්තක් නැතුවැති...
වෙන දෙන්නෙක් අතරනම් මේ වෙනකොට කොච්චර දේවල් වෙනවා ඇතිද... ඒත් හ්යුන් තාම මාව කිස් කරලවත් නෑ.. එයානෙ හ්යුන්... එතකොට එයානෙ මේවට මුල් වෙන්න ඕනෙ... ඒත් එහෙම කිසි දෙයක් නොකර මට කැමති දෙයක් කරගන්න දීලා නිකන් ඉන්නෙ ඇයි දන්නෙ නෑ.. සමහරවිට එයා කැමති ගෑනු ලමයිට වෙන්න ඇති... ආයිශ්.. මගෙ ඔලුවත් විකාර වෙනවා මේවා හිතන්න ගිහින්.. මට ආදරේ ගැන තාමත් කිසිම අදහසක් ගන්න බැරි වුනානෙ..
ඔයාටවත් මේවා තේරෙනවද හ්යුන්...
මං තව ටිකක් එයාට තුරුල් වුනා.. හ්යුන් හරි සනීපයි... පැන්ඩෙක් වගේ.. හරි සොෆ්ට්...
ටික වෙලාවකින් හ්යුන්ට ඇහැරුනා... මං ඒත් නිදි වගේ හිටියා...
මගෙන් ටිකක් එහාට වෙලා ටික වෙලාවක් ඉදලා හ්යුන් එකපාරටම මගෙ නලලට ලාවට කිස් එකක් දුන්නා...
නෑ..නෑ ජන්ගුකී... නෑ දැන් නෙවෙයි... අනේ... රතු වෙන්න එපා...
කොච්චර ඉවසන් ඉන්න හැදුවත් මගෙ මූණට හිනාවක් ආවා..."ඔයා නිදි නැද්ද ජන්ගූ..."
හ්යුන් කලබලෙන් ඇහුවා... මං හ්යුන් දිහා බලලා ඇස් පුංචි කරලා හිනාවුනා.. හ්යුන් නැගිටලා ටිකක් එහාට වෙලා ඇදෙන් ඉදගෙන අත්වල ඇගිලිත් එකට පටලව පටලව බිම බලන් වගේ හිටියෙ වැරැද්දක් කරලා අහුවුන පොඩි ලමෙක් වගේ...
මං දන්නවා ඊලගට කියන්න හදන දේ...ඊට කලින් මං නැගිටලා හ්යුන්ගෙ කම්මුලකට පොඩි කිස් එකක් දිලා වොශ් රූම් එකට දුවලා ඇවිත් දොර වහගත්තා...
YOU ARE READING
𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]
Fiksi Penggemar'ඉක්මනට එන්න හ්යුන්.. මට පාලුයි.. මං බලන් ඉන්නවා❤' . . . . . . 'මගෙ ජන්ගු මගෙ ලගින් ඉන්නවා! කාටවත් බෑ එයාව මගෙන් ඈත් කරන්න' ▪︎My 3rd story book ▪︎Short chapters ▪︎Completed ❌Please don't read if you are not interested bl❌ Thankyou!