~25~

1.8K 408 142
                                    

අපි උදේම කම්පැනි එකට යන්න ලෑස්ති වුනා... හ්යුන් මාවත් එක්ක යන්නම් කිව්වා...

"ජන්ගූ ඉක්මනට එන්න පරක්කු වෙලා..."

මාත් දුවලා ගිහින් කාර් එකට නැග්ගා...
හ්යුන් ගොඩක් වේගෙන් ඩ්‍රයිව් කරේ... මට බයකුත් දැනුනා...

"හ්යුන් අපි ටිකක් හෙමින් යමුකෝ.."

"බෑ ජන්ගුකී හොදටම පරක්කු වෙලා දැන්..."

"අනේ හ්යුන්... මට බයයි ටිකක් හෙමින්~"

"ජන්ගුක්!! මේ කන්ට්‍රැක්ට් එක කැන්සල් වුනොත් ඔයා වග කියනවද?"

හ්යුන් තරහින් කෑ ගහද්දි මං බයෙන් හ්යුන් දිහා බැලුවෙ...
ඒත් එකපාරටම ඒ පැත්තෙ අතුරු පාරකින් ලොකු කන්ටේනර් එකක් අපේ වාහනේ පැත්තට ආවා...

"හ්යුන්...."

මං යටිගිරියෙන් කෑ ගහද්දි කන්ටේනර් එක හ්යුන් ඉන්න පැත්තෙ වැදුනා... වාහනේ පැත්තක් පොඩි වෙලා යද්දි කන්ටේනර් එකත් එක්කම වාහනේ මීටර ගානක් ඇදිලා ගිහින් තවත් වාහනේක මං හිටිය පැත්ත වැදිලා නතර වුනා... මොහොතකට හැමදේම නතර වුනා වගේ මට දැනුනෙ...

හ්යුන්... ම-මට එයාගෙ අත්දෙකයි මූණයි විතරයි පේන්න තිබුනෙ... එයාව පොඩි වෙච්ච වාහනේ ට හිර වෙලා තිබුනා... හ්යුන්ගෙ නලලෙ පැත්තකින් ලේ ගලාගෙන යද්දි එයාගෙ බෙල්ලත් කඩන් වැටිලා තිබුනා...

"හ්යුන්... අනේ... ඇස් අරින්න... හ්යුන් කතා කරන්න.... හ්යුන්...."

මං කෑගගහා හ්යුන්ව හෙලෙව්වා...

"අනේ හ්යුන්.... ඔයාට බෑ මෙහෙම මාව දාලා යන්න.. හ්යුන් කෝ මෙහෙ බලන්නකෝ... මං තාම ඔයාට ආදරෙයි කිව්වෙත් නැහැ.. දෙයියනේ ඇස් අරින්න... හ්යුන්.."

මං.. මං කෑ ගහලා ඇඩුවා...

"ජ්-ජන්..."

"හ්යුන්..."

"ආ..දරේ..ද.. ම්-මට..?"

"ඔව් හ්යුන් ඔව්..මං ගොඩක් ආදරෙයි... අනේ මාව දාලා යන්න එපා... හ්යුන්.. ඇස් වහගන්න එපා.. මෙහෙ බලන්නකෝ..."

"ම්-මාත් ආ..දරෙයි.. "

"හ්යුන්..."

මට අඩන එක නවත්තගන්න බැරි වුනා...

"මියා..නෙ ජන්ගු..කී..."

ආයෙමත් හ්යුන්ගෙ බෙල්ල පැත්තකට හැරවිලා ඇස් පියවුනා...

"දෙයියනේ එපා.... හ්යුන්ගී....."

මං මුලු සෝල් වලටම ඇහෙන තරම් හයියෙන් කෑ ගැහුවා...

ඒත් එක්කම මට එක පාරටම ඇහැරුනා...
දෙයියනේ ඒක හීනයක්... ඒත්.. ඒත් ඇද ලග හ්යුන් සුදු පාට ඇදුමකුත් ඇදගෙන සුදුමැලි වෙච්ච මූණකින් මං දිහා බලන් හිටියා... මං එකපාරටම බය වෙලා ඇදේම පස්සට පස්සට ගියා...

"ජන්ගූ... මොකද වුනේ... ඇයි මේ..."

ඒ.. ඒ හ්යුන් ද... සුදු පාට ඇදුමක් ඇදන් මොනා කරනවද... මාව තවත් බය කරා...

"ඇ-ඇයි..."

"ඔයා.. බයවෙලා කෑගැහුවා ජන්ගූ.. ඒ..කයි මං බලන්න ආවෙ... මොකද වුනේ..."

හ්යුන් මං ලගින් හෙමින් වාඩි වෙලා මගෙ අතකින් අල්ලගත්තා...

"ඔයා... වෙව්ලනවා ජන්ගූ... ඇයි මේ... ආයෙත් සනීප නැද්ද... නැත්තනම් මොකක් හරි නරක හීනයක් දැක්කද..."

මං හ්යුන් දිහා බලන් හිටියත් මට ආයෙ ආයෙත් පෙනුනෙම මං හීනෙන් දැකපු දේ...

"මේ වතුර එක බොන්න ජන්ගූ... "

මං ඒක එක හුස්මට බිව්වා...

හ්යුන් මගෙ මූණ අත්දෙකෙන්ම අල්ලගත්තා..

"ජන්ගුකී... කතා නොකර ඉන්න එපා.. මට බය හිතෙනවා.."

මට එක පාරටම ඇඩුනා....
හ්යුන් බයෙන් බලන් ඉදලා ටිකකින් මං ලගට ඇවිත් මාව තුරුල් කරගත්තා... ඒත් මං කරේ තවත් හයියෙන් අඩපු එක...

"සේරම හරි... පැටියෝ... අඩන්න එපා... මං ඔයා ලග ඉන්නවනේ.... "

හ්යුන් මාව සනසන්න හදනවා... ඒත් හීනයක් වුනත් ඒ වෙච්ච දේ මට කියාගන්න තේරෙන්නැති දුකක් දුන්නා...

"ම්-මාව දාලා.. යන්න.. එපා හ්යුන්..."

ඇඩුම් අතරින් මට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි...

"මං යන්නෑ මැණික... ඔයා ලගමයි ඉන්නෙ... හැමවෙලේම.. බය වෙන්න එපා..."

මං හ්යුන්ට තුරුල් වෙලා හුගක් වෙලා ඇඩුවා...
හ්යුන් හෙමින් මගෙ ඔලුව අතගෑවා...

ඊට පස්සෙ මට එහෙමම නින්ද යන්න ඇති...

හීනෙකින්වත් ඒ වගේ දෙයක් ආයෙනම් වෙන්න එපා...!

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now