~20~

1.8K 413 56
                                    

මං ඇස් අරිද්දි හිටියෙ මගෙ කාමරේ... ඇද උඩ...
කොහොම මෙතනට ආවද කියල නම් මතකයක් නෑ මට...

හොදටම එලිය වැටිලා තිබුනා... වෙලාව දොලහයි කාලයි... මං එච්චර වෙලා නිදාගෙන... ඒත් මට නැගිටින්න හරි අමාරුවක් දැනුනා...

ඔලුව කැක්කුමක්... කකුල් කැක්කුමක්... හෙම්බිරිස්සාවක්... ලාවට මූණෙ පැත්තක් රිදෙන ගතියක්.. මේ ඔක්කොම මට තිබුණා..

තවත් ඇදට වැටිලා හැමදාටම ඇස් පියන් ඉන්න තරම් උවමනාවක් හිතට දැනුනත් මං කොහොමහරි නැගිටින්න හිතුවා..

මට බඩගින්නෙ මැරෙන්න ඕන නැති නිසා!!

මූණ හෝදද්දි කන්නාඩියෙන් මං දැක්කා... වම් කම්මුල ටිකක් ඉදිමිලා... ටිකක්ද?.. ඔව් ටිකක් කියමු... ලාවට නිල් පාටක් වෙලා වගෙත් තිබුනා...

කන්නාඩියෙන් පේන මගෙම රූපෙට මං හිනා වුනා... ඔයාට මෙහෙම වෙලා මදි ජන්ගුක්... තියෙන මුරන්ඩු කමට...

මං මුරන්ඩුයිද? නැහැ... මං හිතන්නෙ මං නොසැලකිලිමත්... මට තිබුණා හ්යුන්ට කියලා යන්න... මට තිබුණා ගිය තැනකින් හවස් වෙද්දිවත් ගෙදර එන්න... අඩුගානෙ ෆෝන් එක සයිලන්ට් නොදා ඉන්න... හ්යුන් ගෙදර ඇවිත් මාව හොයද්දි මං ගෙදර නැති වුනාම එයාට මොනවා හිතෙන්න ඇතිද... කෝල් දහපහලවක් අරගනිද්දිත් මං ආන්ස්වර් නොකරද්දි එයා කොච්චර බයවෙන්න ඇතිද... ඒ තරම් දෙයක් කරපු මට එක කම්මුල් පාරක් විතරක් ගහලා එයාගෙ තරහා ඉවර වෙන්න ඇතිද... නැහ් නේ.. එයා ඒ ටිකත් තනියම දරාගන්නවා ඇති... මං සමාව ගන්න ඕනෙ...
සමාවෙන්න හ්යුන්...

වොශ්රූම් එකේ කන්නාඩියෙ ස්ටිකි නෝට් එකක් තිබුනා...

"කෑම ෆ්‍රිජ් එකේ... රත් කරලා කන්න.."

හ්යුන් මං ගැනත් හිතනවා නේ...

පහලට ඇවිත් කෑම රත් කරලා ගත්තත් මට කන්න තරම් පිරියක් තිබුනෙ නෑ... ඒත් නොකා ඉදලා අසනීප වුනොත් ඒකෙත් වදේ හ්යුන්ට නිසා මං ටිකක් කෑවා...

ඔලුව කැක්කුම එන්න එන්නම වැඩි වෙන නිසා මං පැනඩෝල් එකක් බීලා ආයෙ කාමරේට ආවා... නිදාගන්න ඕන නැති වුනත් මට නින්ද ගියා...

ආයෙ ඇහැරෙද්දි පහයි හතලිස් පහයි...
දැන් හ්යුන් එනවා ඇති... මං නැගිටලා පහලට ගියා... ආයිශ්.. තාම පන නෑ වගේ... පඩිපෙල බහින්න ගිහින් තව ටිකෙන් වැටෙනවා...
එතකොටම වගේ හ්යුන්ගෙ වාහනේ එනවා ඇහුනා... මං ගිහින් දොර ඇරියා... හ්යුන් මං දිහා බලන්නෙවත් නැතුව ඇතුලට ගියා... බැලුවොත්නෙ පුදුමෙ... එයා තාම තරහින් ඇත්තෙ...

මං දොරට හේත්තු වෙලාම කල්පනා කරා

ටිකකින් සීතලක් දැනෙද්දි මං දොර වැහුවා...

හ්යුන්ට බඩගිනිද දන්නෙනෑ... වෙනදා වගේ ලොකු දෙයක් හදන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ මට... ඒත් මං මොනවහරි හැදුවා... කෑම මේසෙට තියලා පුටුවක වාඩි වෙලා මං මේසෙට ඔලුව තියන් හිටියා... ඒ ටිකට මට ආයෙත් නින්ද ගිහින්...

"ජන්ගුක්.. නැගිටින්න... "

"ම්ම්..."

"කාලා ඇදට ගිහින් නිදාගන්න..."

"හ්ම්.."

මං කෙලින් වුනා... ඇස් දෙකත් එක්ක දැවිල්ලයි වගේ...
හ්යුන් කෑම කනවා..

"හ්යුන්..."

"ම්ම්.."

"හ්යුන් ඊයෙ මං~"

"ඔයා කියන්න හදන්නෙ ඊයෙ වෙච්ච දේට සමාවෙන්න කියලනම්... ඔයාට ඒකට සමාවක් නෑ ජන්ගුක්..."

"ම්ම්හ්.. හ්-හරි"

මට එතන තවත් ඉන්න බෑ වගේ දැනුනා... මං නැගිටින්න හදද්දි හ්යුන් තරහින් මා දිහා බැලුවෙ...

"විකාරයක් වෙන්නැතුව කෑම කනවා... තමුසෙ නොකා ඉදලා අසනීප වුනාම ඒකෙ වදෙත් මටනේ..."

මාව නිකන්ම ආයෙත් ඉන්දුනා...

ඇත්ත... හ්යුන්ට වදයක් වෙන්න බෑ... මං හ්යුන්ට වදයක් වෙන්නෑ... කොහොමටවත්ම... ඒ නිසා මං කෑවා... මං ගැන හිතලා නෙවෙයි.. හ්යුන්ට වදයක් වෙන්න බැරි නිසා...

හ්යුන් කාලා නැගිටලා ගියා...

මං ඔක්කොමත් අස් කරලා දාලා කාමරේට ආවා..
ඇස් දෙක තාම දැවිල්ලයි... සීතලයිත් එක්ක මට... මං හිතන්නෙ මට ලාවට උණ...
මං ආයෙමත් පැනඩෝල් එකක් බීලා නිදාගත්තා...

මං හ්යුන්ට වදයක් වෙන්නෑ...

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now