~29~

1.9K 410 81
                                    

වෙනදා වගේ නැතුව මම උදේම නැගිට්ටා අද... මං ඊයෙ රෑ හිතාගත්ත දේ කරන්න තියෙනවා මට...

ඔයා දිගටම මේ විදිහට මට මොකුත් නොකියා මාව මග අරින්න හදනවනම්.. මං ඒකට උදව් කරන්නම්.. එතකොට හරි නේ...

මං පහලට ගිහින් කෑම හදන්න පටන් ගත්තා... ටික වෙලාවකින් සරල උදේ කෑමක් හදලා මේසෙට තියන්න මට පුලුවන් වුනා.... ඔරලෝසුවත් අතේ බදින ගමන් හ්යුන් පහලට ආවෙ එතකොටයි...

"ගුඩ් මෝනින්..."

මං ටිකක් සද්දෙට කිව්වෙ එයාගෙ අවධානය ගන්න...
එයා එක පාරට නතර වෙලා මං දිහා බැලුවා... හරියට.... ඔයා කොයි වෙලාවෙද නැගිට්ටෙ? නැත්නම්... කොයි වෙලාවෙද මෙතනට ආවෙ වගේ බැල්මකින්...

"කාලා ඉන්න හ්යුන්.."

එක පාරටම ගොඩක් නපුරු වෙන්න හොද නෑ කියල හිතුන නිසා මං ටිකක් සුහද විදිහට කතා කලා...

හ්යුන් සද්ද නැතුවම ඇවිත් වාඩිවෙලා කෑම කෑවා...

"ජන්ගුකී..."

මං කාලා නැගිටලා යන්න හදනකොට හ්යුන් කතා කලා මට...

"ම්ම්..."

"ඊයෙ රෑ වෙච්ච දේට... ඒක... ඒක ඔයා හිතනවා වගේ දෙයක් නෙවෙයි ජන්ගූ... මියානෙ... මට ඒක පැහැදිලි කරන්න විදිහක් නෑ..."

"ඕන නෑ හ්යුන්... මං මොකුත් හිතන්නෙ නෑ... ඒක අමතක කරලා දාන්න.. පරිස්සමින් ඔෆිස් ගිහින් එන්න.."

මං එහෙම කියලා නැගිටලා ආවා...

ටිකකින් වාහනේ යන සද්දෙ ඇහුනා මට..

මට තේරෙන්නෙ නෑ මං මේ මොනවද කරන්නෙ කියලා... කරන්න ඕන මොනවද කියලත් මං දන්නෙ නැහැ... මං කරන දේවල් වලින් හ්යුන්ගෙ හිත රිදෙනවත් ඇති... සමහරවිට... ඒත්... ඒත් හ්යුන්ට තියෙන ප්‍රශ්නයක් මට කියන්න පුලුවන් නේ.... ඇයි එයා කිසි දෙයක් කියන්නෙ නැත්තෙ... මේක ලේසියෙන්ම කතා කරලා විසදගන්න පුලුවන් කමක් තියෙද්දි ඇයි මෙහෙම කරන්නේ...

මට තේරෙන්නෙ නෑ හ්යුන්...

අඩන එක නවත්තගන්න ඕන වුනත් මං දැන් අත්දැකීමෙන් දන්නවා ඒකෙන් වෙන්නෙ වේදනාව තවත් වැඩි වෙන එක විතරයි කියලා...
ඒ නිසාම මං කඳුලු වලට නිදහසේ ගලාගෙන යන්න දුන්නා...

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now