~17~

1.8K 416 69
                                    

ඊලග දවසෙ හ්යුන් කම්පැනි එකට ගියෙ නෑ
එයා දවසම මන් ලගට වෙලා හිටියා...

උදේට පැත්තක් කර වුනු රසම රස පෑන්කේක්...
දවල්ට වතුර වැඩි වුන රාමෙන්...
හවසට ලුනු ටිකක් වැඩි වුන රස සුප් එකකුත් හ්යුන් මට හදලා දුන්නා...

මං හරි ආසාවෙන් ඒවා කෑවෙ බිව්වෙ...

හවස් වෙද්දි මට ටිකක් සනීපයක් දැනුනා...
මම නැගිටලා පහලට යද්දි හ්යුන් කිචන් එකේ.. තව මොනවහරි හදනවා...

"යා... ජන්ගුකී... ඇයි පහලට ආවේ... ඇදට වෙලා ඉන්න.... "

"මට දැන් හොදයි හ්යුන්.... මොනවද හදන්නෙ ඔය"

"මං මේ..."

"Gimbap?"

"ඔ-ඔව්.. ඒත්.. ඇත්තටම මට ඒක හදන්න තේරෙන්නෑ ජන්ගූ..."

මම එයාට උදව් කරා... ඒත් වැඩි හරියක් හැදුවෙ එයා.. මං එයාට කියලා දුන්නා... අන්තිමට ඒක රෝල් කරලා කෑලී වලට කැපුවට පස්සෙ හරිම ලස්සනට තිබුනා... එවෙලාවෙ හ්යුන් සතුටින් උඩ පැනපු විදිහ... එයාගෙ ඇස් සතුටින් දිලිසුණ විදිහ... එයාගෙ ලස්සනම හිනාව දාලා මන් දිහා බලපු විදිහ...

මට හැමදාටම මතක තියේවි...

හ්යුන්ම මට රෑ කෑමත් කැව්වා..

"ජන්ගූ... හෙට මම කම්පැනි එකට යන්න ඕන.."

"හරී... මාත් එන්නම් හ්යුන්"

"එපා... ඔයාට තාම-"

"මට දැන් හොදයි හ්යුන්..."

"ඒත්..."

"ඔයා මාව ගෙදර තනියම දාලා යන්නද හදන්නෙ හ්යුන් ?"

"හරි හරි... එක්කන් යන්නම් "

ඊලග දවසෙ නම් මටත් කරන්න වැඩ ටිකක් කම්පැනි එකේ තිබුනා...

දවල් එක වෙද්දි හ්යුන් විසි අටවෙනි වතාවටත් මගෙන් බඩගිනිද ඇහුවා...

"මට බනානා මිල්ක්ශේක් එකක් ඕන හ්යුන්.."

එයා ස්ටාෆ් එකේ කෙනෙකුට කතා කරලා ඒවා අරන් එන්න කිව්වා...

ටිකකින් හ්යුන් කැබින් එකෙන් එලියට ගියා.
ස්ටාෆ් එකේ කෙනා ඇවිත් මිල්ක්ශේක් එක මේසෙ උඩින් තියලා ගියා..

වාව්... ෆ්‍රෙශ් මිල්ක්ශේක් එකක්...

මං කර කර ඉදපු වැඩේ ඉවර කරලා මිල්ක්ශේක් එක බොන්න හදද්දිම හ්යුන් කැබින් එකට ආවා.. ආවා කිව්වට කඩා පැන්නා වගේ..

"ජන්ගුක්..."

"ඇයි හ්යුන්..."

"අ.. මේ.. නිකන්.. ඕක රසයිද... "

"මං තාම බිව්වෙ නෑ හ්යුන්.."

"ජන්ගූ... මට මේ ෆයිල් එක පොඩ්ඩක් චෙක් කරලා දෙන්නකෝ... "

හ්යුන් මං ලගට ඇවිත් ෆයිල් එකක් දුන්නා...
මං ඒක බල බල ඉද්දි හ්යුන් යන්න හැරුනා... එයාගෙ අතේ වැදිලා මිල්ක්ශේක් එක පෙරලුනා... ඔක්කොම ටික හැලුනා.. අපරාදේ..

"මියානෙ ජන්ගූ.. මං ඔයාට වෙන එකක් ගෙනත් දෙන්නම්..."

"ඒකට කමන්නෑ හ්යුන්... "

වැඩ ඉවරවෙලා ගෙදර යද්දිත් හ්යුන් හිටියෙ වෙන කල්පනාවක... අනේ මන්දා... මොකුත් ප්‍රශ්නයක්ද දන්නෙ නෑ..

"හ්යුන් මට බඩු වගයක් ගන්න තියෙනවා... "

"හ්ම්.. "

හ්යුන් සුපර් මාර්කට් එකක් ලග නැවැත්තුවා..
මං ඉක්මනට ගියේ ඕන කරන බඩු ටික ඉක්මනට අරන් එන්න... හ්යුන්ට මහන්සිත් ඇති...

එක බඩුවක් ගන්න මට ස්ටෝල් එකේ කෙලවරකටම යන්න වුනා.. කවුරුත් හිටියෙත් නෑ ඒ පැත්තෙ... මං බඩු තෝරමින් ඉද්දි ඒ පැත්තට එක මනුස්සයෙක් ආවා... කලු ඇදලා කලු කැප් එකක් දාලා හිටියෙ එයා... මං ඉක්මනට මට ඕන කරන දේවලුත් අරගෙන යද්දි අර කෙනාගෙ ඇගේ වැදුනා මාව.
මගෙ අතේ තිබුන දේවලුත් බිමට වැටුනා.

"මියානෙ"

ඒ කෙනා එහෙම කියලා බඩු ටික ඇහිදින්නත් උදව් කරා.

"තැන්ක්යූ..."

මම එයාට ආචාර කරලා ආපහු එන්න හැරෙද්දි ටේහ්යුන් මං ලගට දුවගෙන ආවා...

"මොකද වුනේ"

"අනී හ්යුන් මේ ටික වැටුනා පොඩ්ඩක්"

"එන්න යන්න"

හ්යුන් මාව ඇදගෙන ඉක්මනට කැෂියර් එක ලගට ආවා

ඉක්මනට බිල් එකත් ගෙවලා හ්යුන් මාවත් ඇදන් ගිහින් කාර් එකට නැග්ගා...

"ඇයි මේ හ්යුන්..."

"ඔයා හොදින් නේද ජන්ගුකී.."

"ඔව් හ්යුන්..."

"හරි"

එයා මොකුත්ම නොකියා කාර් ඩ්‍රයිව් කරා..

එයාට මොකුත් ප්‍රශ්නයක් ද.. මට හිතාගන්න බෑ

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now