~30~

2K 420 164
                                    

හ්යුන්ට උදෙන්ම ඇහැරිලා... මං හ්යුන්ව ගොඩක් තදින් බදාගෙන හිටිය නිසා හ්යුන්ට නැගිටින්න විදිහක් නැහැ... මට ඇහැරිලා ගොඩක් වෙලා වුනත් හ්යුන්ගෙන් ඈත් වෙන්න තියෙන ලෝබ කමටයි මං මේ තාමත් නිදි වගේ ඉන්නෙ...

මං කලින් වෙලාව බලද්දි පහයි කාලයි... තව ටිකක් නිදාගත්තට කමක් නෑනේ... ඒ නිසා මං හ්යුන්ට නැගිටින්න නොදී හිටියා... හ්යුන් මාව ඇහැරෙන්නෙ නැති වෙන්න පරිස්සමින් එහාට කරන්න හදද්දි මං තවත් හ්යුන්ට තුරුලු වුනා...

හ්යුන් ලොකු හුස්මක් පිට කරලා මාව ආයෙත් තුරුල් කරගත්තා... ටික වෙලාවකින් හ්යුන් මං ඇදගෙන හිටිය ටී ෂර්ට් එකේ කර එහාට කරනවා දැනුනා... ඊට පස්සෙ....

එයා මගෙ උරහිස් සිපගන්න පටන් ගත්තා!!!

මීට කලින් මං ඒ වගේ අත්දැකීමක් විදලා තිබුනෙ නැහැ... ඒ නිසාමද මංදා මට ඒක ඉවසන් ඉන්නත් ටිකක් අපහසු වුනා... උරහිස දිගේ දිගටම හාදු තියමින් ඇවිත් හ්යුන්ගෙ තොල් නතර වුනේ මගේ බෙල්ල පාමුල තැනක...

මගෙ ලොකුම දුර්වලකම මගෙ බෙල්ල... එතන හිතාගන්න බැරි තරම් සංවේදියි... කවුරුහරි නිකන් ඇල්ලුවත් මාව ඇඹරිලා යනවා... හ්යුන් කිස් කරද්දි මං කොහොමද ඉවසන්නෙ?

මං දැනටමත් අත් වලින් හ්යුන්ගෙ ටී ෂර්ට් එක තද කරලා අල්ලන් ඉන්නෙ... ඒ නින්දෙන් කියලා හ්යුන් හිතුවොත් හොදයි... අනේ හ්යුන්.... නවත්තන්නකෝ...

"ම්ම්ම්හ්..."

ඉවරයි... ආයිශ්... නෑනෑ නිදි වගේ ඉන්න ජන්ගුක්... නිදි වගේ ඉන්න...
හ්යුන් එහාට වුනා... මං තාමත් හොදට නිදි වගේ රගපානවා... මට ආර්ට් නැතුව ඩ්‍රාමා කරන්න තිබුනෙ... බලන්න ජන්ගුක්... ඔයාට හ්යුන් කිස් කරද්දිවත් කට වහන් සද්ද නොකර ඉන්න බෑ... මීට වඩා දෙයක් වෙච්ච දවසට ඔයා.. ආආයිශ් ඔම්මා... මොනවද මං මේ හිතන්නෙ... සන්සුන් වෙන්න... සන්සුන්...

හරී... දැන් හරි....

මීට වඩා රගපාන්න බෑ... මං එවෙලෙ ඇහැරුනා වගේ හෙමින් ඇස් ඇරියා... හ්යුන් මගෙ දිහාම බලන් ඉන්නවා දැකලා මාව ගැස්සුනා...

"ආහ්..ම්.. ගුඩ් මෝනින් හ්යුන්..."

"ගුඩ් මෝනින් ජන්ගුකී..."

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now