Taehyung's pov
තව ටික වෙලාවකින් මෙච්චර කල් තිබුන හැම ප්‍රශ්නයක් ම ඉවරයි... යුන්ගි ගනුදෙනුවකින් මේක ඉවර කරලා දාන්න කැමති වුන එක කොච්චර දෙයක්ද... එයා ඉල්ලුව දේත් හරි ලේසියෙන් හොයාගන්න පුලුවන් වුනා ජින් හ්යුන්ටයි මටයි...
ඊයේ දවසම ග්වැන්ජු වල ඇවිදලා ජිමින්ව හොයාගන්න අපිට පුලුවන් වුනා... ජිමිනුත් එයාගෙ යුන්ගි හ්යුන්ව හොය හොයාම ඉදලා නිසා අපිට එයාව යුන්ගි ලගට එක්කන් එන එක හරිම ලේසි දෙයක් උනා... ගනුදෙනුවෙ හැටියට ජිමින්ව හොයලා එයාට ගෙනත් දුන්නොත් එයා ජන්ගුටයි මටයි පාඩුවෙ ඉන්න දෙනවා කිව්වා... ඉතින් දැන් හරිනේ... තව ටික දුරයි යුන්ගිගෙ ප්ලේස් එකට...
එයා එච්චර ලොකු මැරයෙක් නෙවෙයි... ඒත් ජන්ගුට කරදරයක් කරන්න පුලුවන් තරම් හැකියාවක් එයාට තිබුනා... යුන්ගි එච්චර දරුනුත් නෑ... නැත්තනම් මේ වගේ ගනුදෙනුවකින් මේක ලේසියෙන් ඉවර කරයිද... යුන්හිගෙ අයියා වුනත් යුන්හිගෙ තරම් පහත් ගතිගුණ යුන්ගිට තිබුනෙ නෑ... මොනවා උනත් තවමත් මගෙ හිතේ පොඩි බයක් තිබුනා එයා ලේසියෙන් මේක අතාරීද කියලා...
අපි එතනට ආවා... ඔක්කොටම කලින් වාහනෙන් බැස්සෙ ජිමින්.. එයාට හුගක් හදිස්සියි වගේ...
ජින් හ්යුන් එක්ක ජිමින්වත් එක්කන් මං ඇතුලට ආවා... මීට කලින් දවසකුත් මෙහෙ ආව නිසා එච්චර පුරුදු නැති තැනකුත් නෙවෙයි... එදා මගෙ බෙල්ලෙ සීරුම් පාරවල් තිබුන දවස!! යුන්හි ඇවිත් මගෙ ඇගේ එල්ලිලා විකාරයක් කරා එදා... මාව බලෙන් කිස් කරන්න හැදුවෙ එයා යුන්ගිත් ඉස්සරහම.. කිසිම හැදියාවක් නෑ.. එදා මගෙ ශර්ට් එකේ ලිප්ස්ටික් පාර දැකලා ජන්ගුගෙ ඇස් වල කදුලු පිරුනු විදිහ... මට කවදාවත් අමතක වෙන්නෑ... සමාවෙන්න ජන්ගුකී ඔයාගෙ හ්යුන්ට... මෙච්චර රිද්දුවට... අදින් මේ දේවල් ඔක්කොම ඉවරයි... ඉවසලා ඉන්න...අපි එනකන් යුන්ගි බලන් ඉදලා... ජිමින් එක තැන නතර වෙලා ඇස්වල කඳුලු පුරවන් යුන්ගි දිහා බලන් හිටියා... යුන්ගි ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා... යුන්ගි අත් දෙක දෙපැත්තට විහිදුවලා ජිමින්ට ඔලුවෙන් සංඥා කරා... ලගට එන්න කියලා...
YOU ARE READING
𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]
Fanfic'ඉක්මනට එන්න හ්යුන්.. මට පාලුයි.. මං බලන් ඉන්නවා❤' . . . . . . 'මගෙ ජන්ගු මගෙ ලගින් ඉන්නවා! කාටවත් බෑ එයාව මගෙන් ඈත් කරන්න' ▪︎My 3rd story book ▪︎Short chapters ▪︎Completed ❌Please don't read if you are not interested bl❌ Thankyou!