~11~

1.9K 421 41
                                    

"ජන්ගූ... දුවන්න එපා ඔහොම ඉන්න.."

"බෑඈඈ..."

කිචන් එකේ විතරක් නෙවෙයි සාලෙ පුරාමත් පිටි හැමතැනම...
අපි දෙන්නම හොදට පිටි නාලා... මගෙ ලග තිබුනු පිටි ඔක්කොම ඉවර උනත් එයාගෙ අතේ තව පිටි අහුරක් ඉතුරු වෙලා තිබ්බා... ඒ ටික මගෙ ඇගේ ගාන්න ඔය දුවගෙන එන්නෙ...

මම ඉක්මනට කිචන් එකට දුවලා බිත්තියකට කවර් වෙලා හිටියත් එයා ආවෙ නෑ... හරිනං... එන්න ඕනෙ නේ... ඒත් සද්දයක්වත් නෑ... මං හිටපු තැනින් එලියට ඇවිත් ආයෙත් සාලෙ පැත්තට ගියා... කොහෙවත් නෑ... මට ඒ වතාවෙනම් බයකුත් දැනුනා...

එකපාරටම හැඩි දැඩි අතක් මගෙ ඉනෙන් අල්ලලා ඇදලා ගත්තා

ටේ...!!!

මාව එයාගෙ ඇගට හිර කරගෙන අතේ තිබුනු පිටි ටික මගෙ මූණෙ ගෑවා එයා...!!

මට මොහොතකට අමතක උනා අපි පිටි රන්ඩුවක හිටිය බව... සමහරවිට... එයාගෙ දුඹුරු පාට ඇස් අතර... එහෙම නැත්නම් මගෙ මූණටම වැටෙන ගැඹුරු හුස්ම හඩවල් අතර... එහෙමත් නැත්නම් ගොඩක් සද්දෙට ඇහුන කාගෙදෝ හදවතක් හයියෙන් ගැහෙන හඬ අතර... කොහෙමහරි තැනක මාව අතරමං වුනා වගේ දැනුනා මට...

එයත් මං දිහාම බලන් ඉද්දි මගෙ කම්මුල් පවා රත් වේගෙන එනවා දැනුනා මට...
එයා ටිකෙන් ටික මට ලන්වෙද්දි... මට දෙයක් වෙන්න යන බව දැනුනා...

අනේ... ඒකනම් එපා...



"හාච්චිස්..."

"ඔ-ඔයා හොදින් ද ජන්ගූ?"

"මං හොදි~ හච්චිස්... මියානේ.. පිටිවලට.. හාච්චිස්.."

ආයිශ් කතා කරගන්නවත් බෑ... මේකත් මේ වෙලාවෙම පටන් ගත්තා නේ...

"ජන්ගූ... මියානේ... චොම්මල් මියානේ... අපි ඩොක්ට ලගට යමු.. එන්න..."

එයා ගොඩක් බය වෙලා... මට වීස් එක තියෙන නිසා මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි... මං අමාරුවෙන් හචින් යන එක නතර කරගත්තා...

"මං හොදින් හ්යුන්..."

"මියානෙ ජන්ගුකී..."

"අයියෝ මෙහෙ එන්න අනේ... ඒකට කමක් නෑ.. මේ ටික අස් කරමු දැන්වත්..."

ඉතින්.... ඔව්.. එයා එහෙම තමයි මට කෑම හදන්න උදව් කරේ...

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now