~33~

1.8K 400 153
                                    

අදත් මං උදේම නැගිටලා ලෑස්ති වුනා.. නිදාගෙන හිටිය ජන්ගුකී ගෙ නලලට හාදුවක් දීලා මං පහලට ආවා...

ජින් හ්යුන් නිදිමතේම කෑම හදනවා...

"ගුඩ්මෝනින් හ්යුන්"

"මෝනින් ටේ.."

"හ්යුන් දැන්ද ආවේ..."

"දැන් ටිකක් වෙලා ටේ.."

"හ්යුන් නිදාගන්න එපැයි... මට එලියෙන් කෑම ගන්න පුලුවන් නේ..."

"යා... තමුන්ට නෙවේ මේවා.. මට"

ආයිශ් මං නිකන් නෝන්ඩි වුනා...

"හරි හරි ඉතින් මූන එල්ලගන්න ඕන්නෑනේ... දෙන්න ඔයාටත් ටිකක්.."

"මට ඕන්නැ හ්යුන් මං යන්නං.."

"යා... මගෙ යකා අවුස්සගන්නෙ නැතුව ගිහින් මේසෙන් වාඩි වෙලා ඉන්නවා ටේ..."

"හ්යුන් කෑ ගහන්න එපා.. ජන්ගු තාම නිදි.."

"ආ.. ම්ම් හරි..."

හ්යුන් සද්ද නැතුව කෑම ටික ප්ලේට් වලට දාලා අරන් ආවා...
අපි හෙමින් කන්න පටන් ගත්තා....

"ටේ.."

"හ්යුන්.."

අපි දෙන්නම එක පාර කතා කරේ...

"හ්යුන් කියන්න..."

"නෑ නෑ ටේ කියන්නකෝ"

"ම්ම් මේකයි හ්යුන්... මට... ජන්ගුකීව... ඩේට් එකකට එක්කන් යන්න ඕන..."

හ්යුන් සද්දයක් නෑනේ...

"හ්යුන්?"

"කියන්න ටේ මං අහන් ඉන්නෙ.."

"ම්ම් ඉතින්... මට ඕවා ගැන තේරුමක් නෑනේ... හ්යුන්ට පුලුවන්ද මට උදව් කරන්න..."

හ්යුන් ටික වෙලාවක් මං දිහා ලස්සනට හිනාවෙලා බලන් හිටියා

"අනේ ප්ලීස් හ්යුන්... මං වෙන කාගෙන්ද උදව් ඉල්ලන්නේ..."

"යා... මගෙ මල්ලිට මං නැතුව වෙන කවුරු උදව් කරන්නද ආ... මට කියන්නකො ජන්ගු ආස විදිහක්... මං තැනක් ලෑස්ති කරන්නම්... සේරම මගේ ගානේ... හරිනේ..."

"ඔයා තමයි හොදම හ්යුන්..."

මං කෑම එකත් පැත්තක දාලා ගිහින් හ්යුන්ව බදාගත්තා...

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now