~12~

1.8K 419 47
                                    

මටත් දිගටම ගෙදර ඉන්න බැරි නිසා මම හ්යුන් එක්ක කම්පැනි එකට යන්න හිතුවා..

අද පලවෙනි දවස..

මම මෙහෙට කලින් ඇවිල්ලම නැහැ... හිතුවට වඩා නං හොදයි වගේ...

එයා ඔෆිස් එකේ අයට මාව අදුන්වලා දුන්නා..

හැමෝම වගේ මාත් එක්ක සුහදව කතා කලත් එක ගෑනු ලමෙක් විතරක් ටිකක් අමුතු විදිහට හැසිරුනා..

මම කවදද ඕවා ගනන් ගත්තෙ...

මට ගියාට එහේ කරන්න ලොකු වැඩක් තිබුනෙත් නෑ. හරිම කම්මැලියි..

ටේ හ්යුන් නම් ගොඩක් සතුටින් වගේ... ඇයි දන්නෙ නෑ... මම එයාගෙ කැබින් එකට වෙලා පොතක් කියව කියව ඉඳිද්දිත් එයා කීප වතාවක් ම මන් දිහා බලන් හිටියා... මගෙ මූණෙ මොනාහරි තියෙනවවත් ද.. මං දෙතුන් පාරක්ම ඇදුමෙ මොකක් හරි අවුලක්ද කියලත් බැලුවා... අනේ මන්දා...

ටික වෙලාවකින් එක්ස්කියුස් වත් නොකර කැබින් එකට අර ගෑනු ලමයා කඩා පැන්නා... ඔව් ඒක කඩා පැනීමක් වගේ තමයි.. ටේ නුරුස්සන ගතියකින් ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයා ටේගෙ මේසෙ ලගටම ගිහින් ටේට ෆයිල් එකක් දික් කරා...

"මේක සයින් කරලා දෙන්න සර්"

සාමාන්‍යයෙන් එහෙම දෙනකොට සයින් කරන්න ඕන තැන පෙරලලා නෙවෙයිද දෙන්න ඕනෙ? එයා දුන්නෙ වහපු ෆයිල් එක පිටින්...

"කොතනද සයින් කරන්න තියෙන්නෙ?"

මං හිතන්නෙ ටේහ්යුන් ඒක ඇහුවෙ ටිකක් තරහින්...

"මෙතන සර්..."

ඒ ගෑනු ලමයා ටේගෙ ලගටම ගිහින් ෆයිල් එකටම එබිලා පිටුවක් පෙරලලා පෙන්නුවා...

ඕක පෙන්නන්න ඔච්චර ලගට යන්න ඕනද? හරිම අශීලාචාරයි!!!..

ටේ ඉක්මනට සයින් කරලා පුටුව පස්සට ගත්තා...

"ආපහු කැබින් එකට එද්දි එක්ස්කියුස් කරලා ආවොත් හොදයි... මොකද මගෙ හස්බන්ඩ් එක්ක මම ඉන්නෙ මෙතන... This is the last warning යුන්හි."

"ඕකේ සර්"

මොකක්? ඕකේ? අඩුම ගානෙ සමාව ගන්නෙවත් නැද්ද...

මම මෙච්චර වෙලා ටේ දිහා බලන් මේවා කල්පනා කරලා තියෙන්නෙ රවාගෙන මන් හිතන්නෙ... මොකද ටේ බය වෙලා මන් දිහා බලන් හිටියා...

"මියානේ ජන්ගූ මං..."

මෙයා මොකටද සොරි කියන්නෙ...
මම නැගිටලා එයා ලගට ගියා... තවත් බය වුනාද මන්දා... කරන්න දෙයක් නෑ...

"ජ්-ජන්ගූ... ඇ-ඇයි ම්මේ.."

මම එයාව පුටුවත් එක්කම තල්ලු කරලා බිත්තියට හේත්තු කරන් මූණට එබුනා... ආයෙත් බෝල වෙච්ච ඇස්... ආයිශ් මට මොකක් හරි වෙනවා ඒ ඇස් දකිද්දි...

"ජ්-ජන්ගුකී...."

"ඔයාගෙ කම්පැනි එකේ අයට ඩිසිප්ලීන් කියල දෙන්න ඕන මමද කිම් ටේහ්යුන්...?"

"මියානෙ මං.. මං.."

"ඇයි හැම එකටම සමාව ගන්නෙ තමන්ගෙ කිසිම වැරැද්දක් නැතුව..."

"ජන්ගූ..."

"මීට පස්සෙ ඔහොම වෙන්න බෑ හ්යුන්..."

"හරි"

මං එයාගෙ පුටුවත් වටයක් කරකවලා ඇවිත් ආපහු පොත කියවන්න ගත්තා...

බය වුනාමත් හරි ශෝයි

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now