~26~

1.8K 408 50
                                    

මං ඇහැරෙනකොටත් හ්යුන් මාව රෑ වගේම තුරුල් කරන් හිටියා..
හ්යුන්ට මං හින්දා හරියට නිදාගන්නත් බැරි වුනා...
තාම පහයි හමාරයි වෙලාව.. හ්යුන් කම්පැනි එකට අට වෙනකොට යනවා හැමදාම... තව වෙලා තියෙනවනෙ...

හ්යුන්ට නිදහසේ නිදාගන්න දීලා මං පැත්තකට වුනා නම් හොදයි කියල හිතුනා.. මං හෙමී...ට හ්යුන්ගෙ තුරුලෙන් ඈත් වෙන්න හදනකොට හ්යුන් නින්දෙන්ම මාව තවත් තදට තුරුල් කරගත්තා...

දැන් නම් එහාට වෙන්න හැදුවොත් හ්යුන්ටත් ඇහැරෙයි... ඒ නිසා මෙහෙමම ඉන්නවා මං... මොනා උනත් එහෙමම ඉන්න ලැබුන එකට මං හිත යටින් සතුටු වුනා...

මට ටිකක් නින්ද ගිහින් ආයෙ ඇහැරෙද්දි හය හමාරයි.. වෙනදට නම් හ්යුන් මේ වෙද්දි නැගිටලා.. ඒත් අද තාම නිදි... මගෙ බෙල්ල මුලට මූණ ඔබාගෙන තාමත් මාව තුරුල් කරන්... හ්යුන් ඉන්නෙ තද නින්දක කියලා මට තේරුනේ මගෙ බෙල්ලට වැදුනු හ්යුන්ගෙ හුස්ම රටාවෙන්..

ඒක හරිම උනුසුම්... මට ලාවට කිතියකුත් දැනුනා..
ඒක මගෙ හිතට හරි අමුතු ලස්සන හැගීමක් අරන් ආවා... අපි නිදාගෙන ඉන්නෙ එකම ඇඳක...හ්යුන් ඉන්න මාව තුරුල් කරන්... හ්යුන්ගෙ එක අතක් මගෙ උරහිස වටෙත්.. අනික් අත මගෙ ඉනවටෙත් එතිලා තිබුනා... හ්යුන්ගෙ කකුලක් මගෙ කකුලක පටලවන් තිබුනා... හ්යුන්ට තුරුල්වෙලා මං හුගක් සතුටින් හිටියා... අන්තිමේදි අපි මැරි කරපු කපල් එකක් විදිහට ලං වෙලා නේද කියල මට සතුටක් දැනුනා...

ඒත්... තව කරන්න ගොඩක් දේවල් තියෙනවා... හ්යුන්ට ආදරෙයි කියන්න ඕන... මට ඕන ඒක ඇත්තටම එයාට කියන්න... හදවතින්ම... ඒත් මටවත් තාම ඒක හොයාගන්න බැරි වුනා... ඉන්නකෝ මං අර ඉතුරු පොත් ටිකත් කියවලා ඉක්මනට හොයාගන්නම් ඒක.. ඒත් හ්යුන් මට ආදරේ කරනවද නැද්ද දන්නෙ නෑනෙ... බැරි වෙලාවත් එහෙම නැත්නම්... මං හ්යුන්ට ආදරෙයි කිව්වොත් එයාට මාව එපා වෙයිද... ආයිශ්.. මට බෑ ඔම්මා... මට මේවා තේරෙන්නෑ...

හතත් වෙලා... කල්පනා කර කර ඉන්න ගිහින්...
ඈහ්.. හතයිද? ඉවරයි...

"හ්යුන්... හ්යුන් නැගිටින්නකෝ..."

මං හෙමින් තට්ටු කරා හ්යුන්ට. මෙයා හ්ම් සද්දයක් නෑ...

"හ්යුන්න්න්න්...."

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now