~22~

1.9K 408 70
                                    

ඇස් පියා ගත්තත් ගොඩක් වෙලා යනකන් මට නින්ද ගියේ නැහැ... මට ඔලුවක් තියෙනවා කියල දැනෙන තරමටම ඔලුව රිදුනා...

ටික වෙලාවකින් හ්යුන් ඇවිත් ඇද ලගින් වාඩි වෙනවා මට දැනුනා... එයා මගෙ අතක් එයාගෙ අත් අතරට අරන් පරිස්සමින් අල්ල ගත්තා... ඒ හ්යුන් වෙන්න ඕන... වෙන කවුරු එන්නද...

"ජන්ගු නිදිද ටේ.."

"මං හිතන්නෙ ඔව්"

ජින් හ්යුන් ආයෙත් ඇවිත්..

"එයාට තිබුන අමාරුකම් වල හැටියට නම් නින්ද යන්න විදිහක් නෑ.."

ටේ හ්යුන් මගෙ අත තද තවත් කරලා අල්ලගත්තා...

"හරි හරි ඉතින් අඩන්න ඕන්නෑනෙ ටේ... ඔයාට මීට වඩා මේ ලමයා ගැන හොයලා බලන්න තිබුනා මේ තියෙන ප්‍රශ්න වල හැටියට... "

හ්යුන් නහය සුරුස් ගාලා උඩට අදිනවා ඇහුනා...

"යා.... ටේ... ඔයත් අසනීප වෙන්න හදන්න එපා... මට පොඩි වුන් බලාගන්නවට වඩා කරන්න වැඩ තියෙනවා..."

"මියානෙ ජින් හ්යුන්.. කරදර කරනවට.."

"ඔයාටත් ඉන්ජෙක්ෂන් එකක් ඕන වෙලාද ටේ..."

"අ...ආනී... හ්යුන්.. එ-එපා..."

"එහෙනම් කටවහන් මේ ලමයව බලාගන්නවා දැන්වත්.."

"හ්ම්"

හ්යුන් මගෙ අත එයාගෙ මාපටැඟිල්ලෙන් හෙමින් පිරිමැද්දා...

"ටේ... ජන්ගුට හොදට නින්ද යන්න නම් නැතුවැති... මං ස්ලීපින් ඩෝස් එකක් සේලයින් එකට දානවා..."

"ම්ම්.. හා"

ජින් හ්යුන් යනවා ඇහුනා...

"මියානේ ජන්ගුකී...."

හ්යුන් මගෙ අත උඩින් හෙමීට ඔලුව තියාගත්තා..

"මං දන්නවා... සමාව ඉල්ලන්න වටින වැරැද්දක් නෙවෙයි මං කරේ... කොහොමද මට ඔයාව මෙච්චර මගෑරුනේ.... ඔයාට මේ තරම් අසනීප වෙනකන් මං මොනවා කරාද... ඊයෙ රෑ ඉදන් ඔයා අසනීපෙන් කියල මං දැනන් හිටියෙ නෑ... ඔයාට මට කියන්න තිබුණා ජන්ගුකී... නෑ.. මගේ වැරැද්ද... මට හොයලා බලන්න තිබුනා... ඔයාගෙ මූනෙන් මහන්සි පාටක් පෙනුනත් මං ඒක ගනන් නොගෙන හිටියා ජන්ගූ.... සමාවෙන්න මට..."

හ්යුන් ටිකක් වෙලා සද්ද නැතුව හිටියා...

"දන්නවද... උදේ ඔයා තනියම ෆාමසියට ගිහින් බෙහෙත් අරන් එන්නම් කියලා කිව්වම මට රිදුනු තරම... මට කෑ ගහලා අඩන්න හිතුනා ජන්ගුකී..."

මගෙ අතේ උනුසුම් දෙයක් ගෑවෙනවා දැනුනා...
හ්යුන් අඩනවා.... ඒත් එයා වෙව්ලන කටහඬකින් දිගටම කතා කරා...

"මං කොහොමද ඔයාව ඒ තරම් මග ඇරියේ... ඔයා ඒක මගෙන් අහන්න ඇත්තෙත් ඉවසගන්න බැරිම තැන වෙන්න ඇති... එවෙලෙ වැටෙන්නත් ගියා ඔයා... ඒ තරම් අමාරුවෙන් ඉදලත් ඔයා කිව්වෙ ඉක්මනට ගිහින් එන්නම් කියලා... ඇයි ජන්ගූ... ඔයාට අසනීපයි කියලා මට කියන්න බැරි තරමට මං ඔයාගෙන් ඈතයි ද... ම්-මාව පිට කෙනෙක් වගේද ජන්ගුකී ඔයාට.."

හ්යුන් කිව්ව දේවල් වලට මගෙ ඇස් වලිනුත් කදුලු වැටුනට ඔලුව තියන් ඉන්න නිසා හ්යුන් ඒවා දකින එකක් නෑ කියලා මං හිතනවා.... මට ටික ටික නින්ද යාගෙන ආවා.. බෙහෙත් වලට...

"ඔච්චර ඈතට යන්න එපා මගෙන්... මං දන්නවා මට ඕන කරෙත්~..."

මට හ්යුන් කියන දේවල් අහගන්න කොච්චර උවමනාවක් තිබුනත් ඒ හැමදේම අහගන්න බැරිවෙන විදියට මාව ගැඹුරු නින්දකට වැටුනා...

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now