හැමදාම වගේ උදෙන්ම ඇහැරුනේ මට...
හ්යුන් මගෙ ඉනවටේ අතක් දාගෙන මගෙ ඇගට උඩින් කකුලකුත් දාගෙන හොදට නිදි...
එයාගෙ මූණ මගෙ බෙල්ල අස්සෙ හන්ගගෙන..පොඩි ලමෙක් වගේ... හරි අහිංසකයි.. ආදරේ හිතෙනවා...
ආදරේ හිතෙනවා? කාටවත් ආදරේ කරල නැතුව මං කොහොමද කියන්නෙ මේ දැනෙන දේ ආදරේ කියලා..
මොනා උනත් කලබල වෙලා මොනවත් තීරණය කරන්න බෑ... අපිට තව කල් තියෙනවනෙ... ආදරේ වුනත් නැතත්... ඔයා මට ගොඩක් ලගයි වගේ දැනෙනවා හ්යුන්...
එතකොටම වගේ එයාට ඇහැරුනා මං හිතන්නෙ.. ටිකකින් එක පාරට මගෙන් එහාට වෙලා එයා මං දිහා බලන් හිටියා...
"මියානේ ජන්ගූ... මං"
ආයිශ්... ආයෙත් සමාව ගන්නවා...
"මං හිතලා කරේ නෑ... මියානෙ... ඒ වගේම මට ඔයා ලග නිදාගන්න දුන්නට තැන්ක්යූ ජන්ගුකී.. මං යන්නම්.."
මං මොනවත් කියන්න කලින්ම එයා කොට්ටෙත් අරන් කාමරෙන් එලියට දිව්වා...
අනේ මන්දා එයාගෙ හැසිරීම නම්..
වෙනදා වගේම කම්පැනි එකට... කම්පැනි එකෙන් ගෙදරට....
ගේ ඇතුලට එනකොටම වගේ කෝල් එකක් ආව නිසා හ්යුන් ආයෙ එලියට ගියා..
මම වොශ් එකක් දාන් පහලට එද්දිත් හ්යුන් එලියෙ...
දැන් සීතලයිත් එක්ක... මොනවා කරනවද..මම එයා ලගට ගිහින් කතා කරා...
"හ්යුන්..."
එයා ගැස්සුනා..
"යමු ඇතුලට... වහී තව ටිකකින්..."
එයා ඔලුව වනලා මාවත් පහු කරන් නැගිටලා ඇතුලට ගියා...
කෑම හදලා මේසෙට යවද්දි එයා වොශ් දාන් පහලට ආවෙ...
අදත් අකුනු ගහනවට බය වෙලා වගේ...
බර කල්පනාවක ගිලිලම එයා කන්න ගත්තා...
"හ්යුන්..... "
"ම්ම්ම්..."
"මිරිස් කෑලි කන්න එපා හ්යුන්..."
"ආහ්..?"
එතකොටයි එයා මං දිහා බැලුවෙ...
"ස්ස් ආව්...ආහ්..සැරයි.."
දැන්ද මෙයාට සැර දැනුනෙ.. මම ඉක්මනට වතුර එකක් දුන්නා... කදුලුත් එනවා එයාගෙ ඇස් වලින්...
ටිකකින් ඒක අඩුවුනා...
හ්යුන් සද්ද නැතුවම කාලා ඉවරවෙලා එයාගෙ කාමරේට ගියා..
තාම වැස්ස පටන් අරන් නැති උනත් අනිවාරෙන්ම රෑට වහී... ඒනිසා මම කොට්ටයක් අරන් එයාගෙ කාමරේට ගියා...
මුනින් අතට වැටිලා ඇද බදාගෙන එයා නිදන් හිටියා...
මමත් ගිහින් එයාගෙ එහා පැත්තෙන් නිදාගත්තා...
ගුඩ් නයිට් හ්යුන්...
~♡~
YOU ARE READING
𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]
Fanfic'ඉක්මනට එන්න හ්යුන්.. මට පාලුයි.. මං බලන් ඉන්නවා❤' . . . . . . 'මගෙ ජන්ගු මගෙ ලගින් ඉන්නවා! කාටවත් බෑ එයාව මගෙන් ඈත් කරන්න' ▪︎My 3rd story book ▪︎Short chapters ▪︎Completed ❌Please don't read if you are not interested bl❌ Thankyou!