~23~

1.8K 412 50
                                    

අත හිරි වැටිලා වගේ දැනෙද්දි ටික ටික මට ඇහැරුනා... හවස හයත් පහු වෙලා...

ටේ හ්යුන් මගෙ අත අල්ලගෙනම නිදි... පව් එයාට එහෙම ඉන්න අමාරු ඇති...

"ජන්ගූ.. ඔයා නැගිට්ටද..."

ජින් හ්යුන් අහද්දි මන් හිනා වුනා...
එයා මන් ලගට ඇවිත් උණ චෙක් කරා...

"ආ... දැන් අඩුයි... ඔයාට තාමත් මොකක් හරි අමාරුවක් දැනෙනවද ජන්ගූ..?"

"අනී හ්යුන්... ටිකක් මහන්සියි වගේ... එච්චරයි.."

මං හෙමින් කතා කරේ ටේ හ්යුන් ඇහැරෙයි කියලා බයෙන්...

"යා... ටේ... නැගිටිනවා... මේ ලමයත් නැගිටලා.. මේකා තාම නිදි..."

ජින් හ්යුන් වහලෙ උඩ යන්න කෑගැහුවා...

"හ්යුන්... අනේ ඇහැරවන්න එපා... නිදාගන්න දෙන්න එයාට..."

ඒත් එතකොටත් ටේ හෙමින් ඔලුව උස්සලා මා දිහා බලන් හිටියා... එයාගෙ ඇස් තාමත් රතු වෙලා වගේම ටිකක් ඉදිමිලත් තිබුනා... මං හිතුවට වඩා එයා අඩලා..

"ඔයාට කොහොමද ජන්ගුකී..."

නිදිමත කටහඬකින් එයා එහෙම අහද්දි මට මොකද්ද වුනා... හ්යුන්ට මහන්සි පාටයි ගොඩක්...

"මං හොදින් හ්යුන්..."

"ජින් හ්යුන්... මට දැන්.. ගෙදර යන්න පුලුවන්ද..."

"යා... කොහෙ යන්නද... මෙන්න මෙහෙ ඉන්නවා.. මට මේ මනුස්සයව වොන් එකකටවත් විශ්වාස නෑ.. මහ ලොකුවට පරිස්සම් කරපු හැටි නෙ මේ.. ඔයා මෙච්චර අසනීප වෙනකන් මේකා කොහෙද හිටියෙ..."

"හ්යුන්... අනී... ටේට බනින්න එපා... මමයි වැරදි.. මං එයාට කිව්වෙ නැහැනේ මට අසනීපයි කියලා..."

ආයෙමත් ඇස් වල කදුලු පුරවන් බිම බලන් ඉන්න ටේ හ්යුන්ව දැක්කම මට පුදුම විදිහෙ දුකක් දැනුනෙ... ජින් හ්යුන්ටත් තේරුනා ටේ හ්යුන් දුකින් කියලා...

"දෙන්නම මෙහෙ ඉන්න... මං රෑට කෑම අරන් එන්නම්.. ඔය දෙන්නා කොහොමත් මැරීඩ් නිසා එක ඇදක් තිබ්බම ඇතිනේ... ජන්ගු.. බෙඩ් එක ශෙයා කරගන්න ටේ එක්ක..."

ජින් හ්යුන් ඇහැකුත් ගහලා එලියට ගියා...

ජින් හ්යුන්ටත් කට වහන් ඉන්න බෑනේ.. ආයිශ් මාව රතු වේගෙන එනවා... හ්යුන් ඉස්සරහා මේම රතු වෙන්න බෑ දෙයියනේ...

"අම්... මේ.. හ්යුන්..ඔයා.. මූණ එහෙම හෝදන් එන්න..ගිහින්.."

"අහ්.. ආ..හා..හරි.."

හ්යුන් ඉක්මනට වොශ් රූම් එකට ගියා..

විනාඩි විස්සකින් විතර ජින් හ්යුන් කෑම ගොඩක් උස්සන් එද්දි ටේ හ්යුනුත් වොශ් එකක් දාන් ආවා...
අපි ඇදුම් වත් අරන් ආවෙ නෑනේ.. ජින් හ්යුන් අපි දෙන්නට හොස්පිට්ල් කිට් දෙකක් දුන්නා..

මාත් ගිහින් මූණ හෝදන් ඇවිත් කන්න ලෑස්ති වුනා..
ඇත්තටම මං ගොඩක් බඩගින්නෙ හිටියෙ..

"මං කවන්නද ජන්ගූ.."

ටේ හ්යුන් බලාපොරොත්තු ගොඩක් ඇස්වල පුරවන් මගෙන් ඇහුවෙ... මට ඒක දැනුනා..

"හා..."

මට කවන ගමන් එයත් කෑවා... අන්තිමට ජින් හ්යුන් ගෙනාව කෑම ඔක්කොම අපි දෙන්නා කාලා ඉවර කරා...

"ජන්ගුකී ගොඩක් කනවා නේ ටේ.."

"එයා ගෙදරදි මෙහෙම කන්නෙ නෑනෙ ජින් හ්යුන්.."

"අනී...මං හැමවෙලේම ගොඩක් කන්නෙ නෑ..."

ඊට පස්සෙ ජින් හ්යුන් අපිට නිදාගන්න කියලා ගියා...

ටේ හ්යුන් ටිකක් වෙලා මං ලගට වෙලා බලන් ඉදලා... සෝෆා එක තිබ්බ පැත්තට යන්න හැදුවා..

"හ්යුන් කොහෙද යන්නෙ..."

"ම්ම් ජන්ගූ.. මං මේකෙ නිදාගන්නම්.."

"මෙන්න මෙහෙ එන්න අනේ..."

මං එයාගෙ අතින් එක පාරටම ඇද්දා... එයා එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ කියලා මට හොදටම තේරුනේ හ්යුන් මගෙ ඇග උඩටම වැටුන නිසා... වෙච්ච දේ තේරුම් ගන්න වගේ ටිකක් වෙලා මං දිහා පුදුමෙන් බලන් ඉදලා හ්යුන් ඉක්මනට එහාට වුනා...

"මියානේ ජන්ගූ මං~"

"ශ්ශ්ශ්...නිදාගන්න..."

මං ඇස් වහන් හ්යුන්ගෙ ඉන වටේ අතක් දාගත්තා...
එයා හෙලවෙන්නෙවත් නැතුව එහෙමම හිටිය නිසා මං තව ටිකක් හ්යුන්ට ලන් වුනා..

ටික වෙලාවකින් හ්යුන් හෙමීට මගෙ ඔලුව අතගානකොට මට සනීපෙට නින්ද යාගෙන ආවා...

මං මේ වෙලාවෙ හොදටම හොදින්...

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now