~16~

1.8K 419 54
                                    

ඔලුවෙ පැත්තකින් දැනුනු ලොකු වේදනාවක් එක්ක මම හෙමින් ඇස් ඇරියා...

"ම්ම් එයාට සිහිය එනවා ටේ..."

මම කලින් දැකලා නැති කෙනෙක් මා දිහා බලන් හිටියා.. එයා.. මං හිතන්නෙ ඩොක්ට කෙනෙක්..

ටේ හ්යුන් පැත්තක හිටගෙන බිම බලන් හිටියා... එයාගෙ මූණ හොදටම රතු වෙලා... ඇසුත්.. නහයත්..

"ඔයාට කොහොමද ජන්ගුකී.."

ඒ ඩොක්ට මගෙන් ඇහුවා...
මම හොදින් නෙවෙයි... මට කතා කරගන්න බැරි තරම් පන නැති ගතියක් දැනුනා..
මං ඒනිසා මොකුත් නොකියම ඒ ඩොක්ට දිහා බලන් හිටියා...

"ම්ම් හරි... ඔයාට ඇගට පන නැති ගතියක් දැනෙනවද?"

මං හෙමින් ඔව් කියන්න ඔලුව වැනුවා...

"ඔලුව කැක්කුමක්?"

ඒකටත් මම ඔලුව වැනුවා..

"බඩගිනිද ජන්ගුක්..."

ටේහ්යුන් හයියෙන් ඉකි ගහනවා ඇහෙද්දි ඒකටත් මම ඔලුව වැනුවා...

"මම ඔයාට සුප් එකක් හදන් එන්නම් පැටියෝ..."

ඩොක්ට කෙනෙක් ඒවත් කරනවද...

"මම ජින්... කිම් සොක්ජින්.. ටේගෙ හ්යුන්.. ඩොක්ට කෙනෙක්... මට රසට කෑම හදන්නත් පුලුවන්... ඔයා ආස වෙයි... මං ඉක්මනට හදන් එන්නම් මොනවහරි..."

මං හිනාවෙලා ඔලුව වැනුවා..

ටේ හ්යුන් තාමත් හිටිය තැනම ඉදන් අඩනවා...

"හ්යුන්... ඔයා මොනවහරි කාලද..."

එයාගෙ ඇඩිල්ල තව වැඩි උනා...

"අනේ අඩන්නැතුව කියන්නකො හ්යුන්..."

"මීටින් එකේදි... ම්-මං කෑවා..."

එහෙනම් කමන්නෑ.. එයා බඩගින්නෙ නෙවෙයිනේ...

"මියානේ ජන්ගුකී... මං..."

එයා ඇද ලගින් දනගහගෙන අඩමින්ම කතා කරන්න ගත්තා...

"මං උදේ ඉදන් හරිම නපුරු විදිහට හැසිරුනේ... මං මං ඔයාට කෑගැහුවත් එක්ක... මං ඔයා කාලද බීලද කියලවත් හොයල බැලුවෙ නෑ... මියානෙ ජන්ගූ... මං මහ නරක මනුස්සයෙක්.. මං.. මට.. සමාව ලැබෙන්නවත් සුදුසු නෑ ජන්ගූ මං..~"

එයාගෙ කියවිල්ලයි සමාව ගැනිල්ලයි නතර වෙන්නෙම නැති තැන මං මගෙ අතින් එයාගෙ කට වැහුවා...

"ශ්ශ්ශ්... ඇති හ්යුන්.. ඔයා දවසකට කී පාරක් මියානෙ ජන්ගූ කියනවද..."

"මං ඒතරම්ම ඔයාට වැරදි කරනවා ජන්ගු..."

"එහෙම නෑ හ්යුන්... දැන් ඕක ඇති.."

"හ්ම්.."

මගෙ ඔලුව මෙච්චර රිදෙන්නෙ ඇයි... මං ඇස් දෙක තද කරලා වහගත්තා...

"ඔලුව ගොඩක් රිදෙනවද ජන්ගුකී.."

"හ්ම්.."

"ඔ-ඔයා වැටෙද්දි.. කාර් එකෙ දොරේ ඔලුව වැදිලා ටිකක් තුවාල වෙලා තිබුනා ජන්ගූ.."

"ම්ම්.."

ටික වෙලාවකින් හ්යුන්ගෙ දිග ඇගිලි මගෙ කොන්ඩෙ අතරින් සනීපෙට එහෙ මෙහෙ ගියා...

"නිදාගන්න එපා ජන්ගු... ජින් හ්යුන් එනකන් ඉන්න... මොනවහරි කාලා ඉමු..."

"ම්ම්..."

ජින් හ්යුන් ටිකකින් කාමරේට ආවා මට ඇහුනා...

"එයා නිදිද ටේ... "

"ආ.. නෑ... නැතුව ඇති.."

මං ඇස් ඇරියා... ජින් හ්යුන් සුප් එකක් එක්ක සැන්ඩ්විච් වගයක් හදාගෙන ඇවිත් තිබුනා... ඒක හරිම රස පාටයි... මගෙ බඩගින්න එක පාරට වැඩිත් වුනා..

මට ඇදේ කෙලින් වෙලා හේත්තු වෙන්න ටේ හ්යුන් උදව් කරා...
සුප් එක අතට අරන් හ්යුන් මට ටික ටික පෙව්වා...

අසනීප වෙච්ච කෙනෙක්ව බලාගන්න වැඩේට එයා හරි දක්ශයි කියල මට හිතුනා... එයා හරි පරිස්සමින් මට සුප් එක පෙව්වෙ...

ජින් හ්යුන් ඇදේ කෙලවරේ වාඩි වෙලා හිනා වෙවී බලන් හිටියා...

සුප් එකත් බීලා එතන තිබුනු සැන්විචස් ඔක්කොමත් මම කෑවා... ඇත්තටම එතන ගොඩක් තිබුනා... දහයක් විතර... ජින් හ්යුන් පුදුමෙන් වගේ බලන් හිටියා...

"මං තව හදන් එන්නද ජන්ගුක්..."

"එපා ජින් හ්යුන්.. තැන්ක්යූ.. ඒවා ගොඩක් රසයි..."

"ජ්-ජන්ගූ.. ඔයා ගොඩක් බඩගින්නෙ ඉදලා තියෙන්නෙ..."

ටේ හ්යුන් ආයෙත් අඩන්න වගේ කියනකොට මටත් දුක හිතුනා..

"අනේ හ්යුන්... දැන් බඩ පිරුනනෙ... මට නිදිමතයි... මගෙ ඔලුව අතගාන්න හුම්.."

මං පොඩි ලමෙක් වගේ කියද්දි එයාගෙ මූණට හිනාවක් ආවා...

එයා මගෙ ඔලුව අතගාද්දි මට සනීපෙට නින්ද යාගෙන ආවා...

අන්තිමට එයා මගෙ නලලට හාදුවක් දුන්නා...
මට හීනෙන් වගේ දැනුනා...

ලස්සන හීනයක්...

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now