~5~

2K 440 15
                                    

මාව උදේම යුනි එකට දාලා එයා හැමදාම වගේ කම්පැනි එකට ගියා..

සෙරමනි එක නවයට වුනත් උදේම මම යුනි එකට ගියා..

මට කරන්න වැඩ ටිකකුත් තිබුනා...

ඒ මදිවට ස්තූති කතාවක්!!!!

මං ආසම නැති දෙයක් වේදිකාවක ගොඩක් අය ඉස්සරහා කතා කරන එක..

ඒත් බෙස්ට් ස්ටුඩන්ට් විදිහට මේක මට කරන්නම වෙනවා...

උත්සවය පටන් ගත්තා... හැමෝමටම උපාධි ලැබුනා... අන්තිමටමයි මට...

The best student of the year.... කිම් ජියෝන් ජන්ග්ගුක්....!!!

යුනි එකම දන්නවා මම දැනටමත් විවාහකයි කියලා...

ඒක සාමාන්‍ය දෙයක්...

මම උපාධිය අරන් මගෙ කතාව ඉදිරිපත් කරන තැනට ගියා...

මට ඕනෙ වුනේ ඉක්මනට මේක ඉවර කරලා මේ වේදිකාවෙන් බැහැලා යන්නයි...

ඒ නිසාම මගෙ කතාවත් හරිම කෙටි එකක් වුනා...

ඒත් කතාව අතරතුර... මට කවදාවත් නැතුව ඇවිත් ඉන්න අය දිහා බලන්න ආසාවක් ආවා... මං දන්නෑ... ඇයි කියලා... ඒත් මං බැලුවා...

පුරුදු ඇස් දෙකක් පෙනෙද්දි හිත ටිකක් ගැස්සුනත්... මට සතුටක් දැනුනා...

ටේහ්යුන්... එයා ඇවිත් හිටියා..!!!

ඒවගේම එයා මගේ කතාව වීඩයෝ කරමින් හිටියා!!

ජීවිතේ පලවෙනි වතාවට මට අමුතු සතුටක් දැනුනා..

හරියට... බලාපොරොත්තු වුන දෙයක් උනාම.. දැනෙන හැගීමක් වගේ..

ඒත් මං ඒ හැගීම දන්නෙ නෑ... මොකද මම කවදාවත් කාගෙන්වත් මොකුත්ම බලාපොරොත්තු වෙලා නැති නිසා...

මොනා උනත් මම සතුටු වුනා..

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now