අද තමයි දවස... ජින් හ්යුන් කිව්වා හැමදේම ලෑස්තියි කියලා.... හවසට ජන්ගු එක්කන් යන්න විතරයි මට තියෙන්නෙ...
ජන්ගු තාම නිදි... කම්පැනි එකට යන්න කලින් එයාට කියන්න ඕන හවසට ගමනක් යන්න තියෙනවා කියලා...
නිදන් ඉන්න විදිහට ඇහැරවන්න හිතෙන්නෙත් නෑ...
ඒත් කියලා යන්න වෙනවනෙ...මං එයා ලගට ගිහින් හෙමින් තට්ටුවක් දැම්මා...
"ජන්ගූ.... ජන්ගුකී...."
"ම්ම්ම්..."
ඒ පාර අනික්පැත්ත හැරුනා නේ....
"ජන්ගූ.... චුට්ටක් අහන්නකෝ..."
"ම්ම්හ්ම්..."
අයියෝ.. කොහොමද ඇහැරවන්නේ...
ම්ම්... වෙන විදිහක් මතක් වෙන්නෙත් නෑනේ... මං ඉක්මනට එයාගෙ තොල් වලට බර වුනා... ටිකක් තදින් සිපගනිද්දි මං හිතන්නෙ ජන්ගුට ඇහැරුනා... මගෙ බෙල්ල වටෙන් අතක් යවලා එයා සිපගැනීමට ප්‍රතිචාර දැක්වුවා... ඇහැරවන්න හිතාගෙන කලත් තව ටික වෙලාවක් ගියොත් මගෙත් පාලනේ නැති වෙනවා කියලා තේරුන නිසා මං එයාගෙන් ඈත් වුනා...
"ගුඩ්මෝනින් පැටියෝ..."
"ගුමෝනින් හ්යුන්..."
එයා තාමත් නිදිමතේ...
"ජන්ගූ... මේ අහන්නකෝ... අද හවසට ගමනක් යන්න තියෙනවා අපි දෙන්නට..."
"අනේ හ්යුන්... ඔයා දන්නවනේ මං"
"ජන්ගු ප්ලීස්... ඔයයි මායි විතරයි... මං දන්නවා ඔයා සෙනග ඉන්න තැන් වලට ආස නෑ කියලා..."
ජන්ගු ඒත් බෑ වගේ මූනකින් බලන් හිටියේ...
"ජන්ගුකී... ඔයා දන්නවනේ මං ඔයා අකමැති දෙයක් කරන්නෙ නෑ කියලා... ම්ම්? "
ජන්ගු ටික වෙලාවක් කල්පනා කරා
"හරී.. යමුකො එහෙනම් "
"කුමාවෝ ජන්ගූ.... මං හවසට කලින් එනවා.... හතර වෙද්දි ලෑස්ති වෙලා ඉන්න එහෙනම්..."
"හරි..."
මං ජන්ගුට කිස් එකක් දීලා පහලට ආවා...
YOU ARE READING
𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]
Fanfiction'ඉක්මනට එන්න හ්යුන්.. මට පාලුයි.. මං බලන් ඉන්නවා❤' . . . . . . 'මගෙ ජන්ගු මගෙ ලගින් ඉන්නවා! කාටවත් බෑ එයාව මගෙන් ඈත් කරන්න' ▪︎My 3rd story book ▪︎Short chapters ▪︎Completed ❌Please don't read if you are not interested bl❌ Thankyou!