~21~

1.8K 416 70
                                    

ඇගට දැනුන ලොකු සීතලක් නිසා මාව ඇහැරුනා...
වෙලාව උදේ හයයි... කාමරේ ජනෙල් සේරම වහලා තිබුනත් මට හරි සීතලක් දැනුනා... මං හිතන්නෙ උණ ටිකක් වැඩි වෙලා... ඔව්..ටිකක්...

ඔලුවෙ කැක්කුමත් වෙනසක් නැතුව එහෙමම තිබුනා... ඇද ලග තිබුනු කබඩ් එකෙන් පැනඩෝල් එකක් අරන් මං බිව්වා... ආයෙමත්..

ඒක විතරයි ඉතුරු වෙලා තිබුනෙත්... මං දන්නවා පැනඩෝල් බිව්වට උණ අඩු වෙන්නෙ නෑ.. ඒත් වෙන බොන්න බෙහෙතක් මං ලග ඇත්තෙත් නෑ...

ආපහු නිදාගන්න ඕන වුනත් මට ඇස් දෙක පියන් ඉන්නත් හරි අපහසුවක් දැනුනා... ටිකක් වෙලා හාන්සි වෙලා ඉදලා මං නැගිටලා පහලට ගියා...
හ්යුන් නිදිමතේ ඇසුත් පොඩි කරකර ඇවිත් සෝෆා එකේ ඉදගත්තා... එයාට බඩගිනී මං හිතන්නෙ...

මං ඉක්මනට රාමෙන් දෙකක් හදලා ගත්තා...

"ගුඩ් මෝ..නින් හ්..යුන්.."

මං වචන අහුලන් වගේ කතා කරද්දි හ්යුන් ටිකක් වෙලා මගෙ මූණ දිහා බලන් ඉදලා රාමෙන් එක කන්න ගත්තා...

මං ආසම ෆ්ලේවර් එක උනත් රාමෙන් එකෙන් මට කිසිම රහක් දැනුනෙ නෑ... නොකා බැරි කමට කෑවා මිසක්...

කාලා හ්යුන් එයාගෙ වැඩ කරන කාමරේට ගියා.. අද නිවාඩු දවසක් වුනත් එයාට වැඩ මොනවහරි ඇති කරන්න..

දහය විතර වෙනකන් මං මගෙ රූම් එක අස් කලා..
දැන්නම් හොදටම දැවිල්ලයි ඇස් දෙකත්...
තවත් පැනඩෝල් බීලා වැඩක් නෑ කියල මට හොදටම තේරුනා.. ඒකෙන් උණ වැඩි වෙන එකද මන්දා වුනේ..

මං පහලට ඇවිත් first aid box එකේ බැලුවා.. මට ඕන කරන ජාතියෙ බෙහෙතක් ඒකෙ තිබුනෙ නෑ..

ගිහින් අරන් එන්න වෙන්නෙ...

එලියට යන්න හැරෙනකොටම මට මතක් වුනේ එදා හ්යුන් වැටෙන්න දීපු කම්මුල් පාර... ආයෙනම් එපා..

මං හ්යුන් වැඩ කරන කාමරේ ලගට ගියා...

"එක්ස්කියුස් මී.... හ්යුන්..."

ගෙදර තමයි... වැඩි හොදට මං එක්ස්කියුස් කරේ

"එන්න.."

හ්යුන් ලැප් එකේ මොනාහරි කරන ගමන් හිටියෙ...

"හ්යුන්... ම්-මං.. ටිකක් එලියට.. ගිහින්~"

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now