~9~

1.9K 434 40
                                    

මම සැර ගොඩක් අඩුවෙන් රෑට කෑම හැදුවා...

එයා කන්න ආස දේවල් මොනවද දන්නෙ නෑ...
එයා කන්න ආස නැති දේවල් තියෙනවද දන්නෙ නෑ...

මට ඒවා දැනගන්න උනන්දුවක් ආවා... පලවෙනි වතාවට..

කන්න ආවාම කෑම දැකලා එයා පුදුම වෙනවා මං දැක්කා...
හැමදේම සැර පොඩ්ඩක්වත් නැතුව මම හැදුවේ...

එයා මං දිහා බලලා අහිංසක විදියට හිනා වුනා...

එයා කෑම කාලා ඉවරවෙනකන්ම මම එයා දිහා බලන් හිටියා...

එයා වෙනදට වඩා අද කෑම ගොඩක් කෑවා...
එයා සැලඩ් එකෙන් කෑවෙ හරිම පොඩ්ඩයි... හරියට කනවා කියලා පෙන්නන්න වගේ... කිම්චි නම් ගොඩක් කෑවා... ඒ කියන්නෙ සැලඩ් වලට ආස නෑ.. කිම්චි වලට ආසයි...

ප්ලේට් එකේ තිබුනු ඉස්සෙක් චොප්ස්ටික්ස් දෙකට අරන් එයා හෙමින් මං දිහා බැලුවා...

මං එයා දිහාම බලාගෙන ඉන්නවා දැකලා ආයෙ එයා බිම බලාගත්තා... ටික වෙලාවක් ආපහු ඉස්සා දිහා බලන් ඉදලා හෙමින් එයා ඒක කටට ලන් කරා...

"ඒයි...."

එයා ඒක කන්න හදනකොටම මං එයාට බාධා කරා...

"ඇලජික් දේවල් කාලා ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ හ්යුන්..."

"ම්-මං.. ඔයා... ක්-කොහොමද?"

"ඔයා ඒකට අකමැති වුනානම් සැලඩ් එකෙන් චුට්ටක් ටක්ගාලා කෑව විදිහට කන්න තිබුනා... ඒත් ඔයා ඕක කන්න ගොඩක් වෙලා කල්පනා කරා හ්යුන්... ඒකෙ තේරුම ඔයාට ඕක කන්න බෑ කියන එක... ඒ කියන්නෙ ඇලජික්.... "

"ඔයා සේරම බලන්ද හිටියෙ...ජන්ගූ.."

"ඔව්..."

එයා ආයෙත් ලාවට හිනා වුනා...

"හ්යුන්... මට ඔයා කන්න ආස දේවල් නැති දේවල් ඇලර්ජි වෙන දේවල් කියන්න... සද්ද නැතුව මං හදලා දෙන හැම එකම කන්න එපා..."

"හරි ජන්ගූ... මං කියන්නම්...."

ආයෙත් එයාගෙ ලස්සන boxy smile එක...

එයා හරි ලස්සනයි හිනාවෙනකොට...

~♡~

𝙼𝚒𝚜𝚜𝚎𝚍 𝚕𝚘𝚟𝚎 || VKOOK [Completed]Where stories live. Discover now