•~•
•~•/ඊළග දවසේ උදෑසන/
TAEHYUNG POV:
මම මගේ නින්දෙන් ඇහැරුනේ, කිටන් මගේ තුරුලෙන් අයින් වෙන්න හදනවා කියලා දැනෙන්න යද්දි. එයා නැගිටින්න හැදුවත් මම එයාව ඒකෙන් නවත්තලා මගේ ලගට තවත් ඇදලා අරගෙන මට තුරුල් කර ගත්තා.
"තව චුට්ට වෙලාවක් මෙහෙම ඉන්න"
මම එයාගේ කනට කොදුරලා කිව්වා. ඊළග මොහොතේ එයා මගේ පැත්තට හැරිලා එකපාරටම පුදුමයෙන් වගේ මගේ දිහා බලන් හිටියා. මම මගේ ඇස් ඇරගෙන නොහිටියත් ලාවටවගේ එයාගේ මූන දැක්කා. එයා බය වෙලා බලන් ඉන්න කොට හරි හුරතල්.
අපේ මූනවල් අගලක් දුරින් වගේ තිබ්බේ. මගේ හිතට අමුත්තක් දැනුනත් මම ඒකට ආසයි. එයා එයාගේ ලස්සන ඇස්වලින් තාම මගේ දිහා බලන් හිටපු නිසා මට ලාවට වගේ හිනත් ගියා.
"ඔහොම මගෙ දිහා බලන් ඉන්න එපා කිටන්"
"මම බලන් හි-"
මම එයාගේ වචන නවත්තන්න ඔනී නිසා, පොඩි ඉක්මන් හාදුවක් එයාගේ තොල් වලින් තියලා මගේ මූන එයාගේ බෙල්ලේ අස්සෙන් තියාගෙන එයාව තදින් තුරුල් කර ගත්තා.
එයා ලග සුවදයි. ඒක හරි අමුතුම සුවදකේ වගේම හරිම සිනිදුයි.
මම ඇයි මෙහෙම කරන්නේ කියලා මට හිතා ගන්න බැරුව හිටියේ. මට මගේ හිත පාලනය කරන්න බැරිම නිසා මම මගේ හිත කියපු දේ තමා කලේ. මගේ කටට පොඩි හිනාවක් ආවේ මට ඇහුනා එයාගේ හදවත වේගයෙන් ගැහෙන එක.
'මම දන්නවා කිටන් ඔයාට දාහක් දේවල් දැන් මගෙන අහන්න තියනවා කියලා ඒත් දැන් ඒකට වෙලාව නෙවේ. මට නිදිමතයි'
මම එයාගේ සුවද මගේ නහයට ඇදගනිමින් හිතුවා.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?