•~•
•~•Y/N POV:
Bora Bora, මම කවදාවත් කොහොමටවත් හිතුවෙ නෑ මට මේ වගේ තැනකට එන්න පුලුවන් වෙයි කියලා. මගේ වාසනාවටද නැත්තම් වෙන්න තිබ්බ දෙයක් නිසාද දන්නේ නෑ මට කොහොනහරි මෙහෙට එන්න සිද්ද උනා.
නැන්දලා එක්ක ඉද්දි මම ගෙව්වේ පුදුමාකාර පාළු, හිත් රිදීම් වැඩි, කදුලු වලින් පිරිච්ච ජීවිතයක්.
එදා Jimin ගේ වාහනෙට හැප්පෙන ගිය දවසෙන් පස්සේ මගේ ජිවිතෙ පුදුම විදිහට වෙනස් වෙන්න ගත්තා, මමවත් හිතපු නැති විදිහට. මම ඒ වෙනස් වීමට ආසයි. එත් මට දැනෙන හෑගීම් වලට මම ආස නෑ.
ඒක සමාන්‍ය දෙයක් කියලා මම පිළිගන්නවා. ඒත් එයා මට වඩා ගොඩක් උඩ, මට එයා ලගට යන්න බැරි තැනක එයා ඉන්නේ. මට බෑ කොහොමටවත් එයාගේ වෙන්න. අනික මම කවුද? අම්මා තාත්තා නැති ඉන්න තැනක් හරියට නැති අනාථයෙක් විතරයි.
මම මගේ හැගීම් පාලනය කරගන්න ඔනී. නැත්තම එකෙන් මට වගේම Taehyungටත් රිදෙයි.
මම දැනගෙන හිටියෙ නෑ මම මේ දේවල් හිතන ගමන් Taehyung දිහා ඇස් පිල්ලමක්ව ගහන්නෙ නැතුව බලන් ඉන්නවා කියලා.
මම එ ලොකෙන් මිදිලා ආයේ හරි ලෝකෙට ආවේ Tzuyu මගෙ මූන ඉස්සරහ එයාගේ අත වනන කොටයි.
"ඒයි~~ මොන ලෝකෙද හිටියේ?" Tzuyu හිනා වෙන ගමන් අහලා මගේ එහා පැත්තෙන් ඉදගත්තා.
දැන් වෙලාව හවස පහට කිට්ටුයි. ඔක්කොම අය beach එකේ සෙල්ලම් කර කර හිටියේ. ඒත් මම මගේ සිතුවිලි එක්ක තනියම beach එකට පොඩ්ඩක් ඈතින් තියන බෙන්ච් එකක ඉදගෙන හිටියේ.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?