53

2.7K 491 104
                                    





•~•




•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







•~•






Y/N POV:

"M-Mark?"

"කොහොමද පැටියො?" එයා කටකොනින් හිනා වෙන ගමන් ඇහුවා.

"ඔ-ඔයා මෙ-"

"හ්ම්ම් ඔයා තවත් ලස්සන වෙලා නේ පැටියො" එයා මගෙ ඔලුවෙ ඉදන් කකුල් වෙනකන් බැලුවේ මගෙ හිතේ බය තවත් වැඩිකරලා.

මගෙ අත් පොඩ්ඩ පොඩ්ඩ වෙව්ලන්න පටන් ගත්තා. කොච්චර කල් ගියත් මට එයා ගැන හිතේ තියන බය එහෙම්මයි. එයා ඉස්සර හැදුවෙම මට කරදර කරන්න.

"අපි හිතුවෙ ඔයා මැරිලා කියලා. දැන් කාගේ ගෙදරද වැඩ කරන්නෙ?" එයා කින්ඩියට අහනවා වගේ ඇහුවා. එත් මම උත්තර දුන්නේ නෑ.

"ඔයා දනන්වද පැටියො මට කොච්චර ඔයාව මතක් උනාද කියලා. ඔයාගේ සුවද, ඔයාගේ ඒ සිනිදු තොල් හ්ම්ම්~" එයා එයාගෙ තොල් ලෙවකන ගමන් කිව්වා.

මම එයාට කිසිම දෙයක් කියන්නේ නැතුව එතනින් යන්න හැදුවා. ඒත් යන්න කලින් එයා මගෙ වැලිමිටෙන් අල්ලගෙන මාව නවත්ත ගත්තා.

"කොහෙද යන්නේ?" එයා මාව එයාගේ ඇගට ලන් කරගෙන කිව්වා.

"ය-යන්න දෙන්න" මම මගේ අත එයාගෙන් ඇදලා ගන්න ගමන් කිව්වා. එත් බෑ එයා මාව ගොඩක් තදින් අල්ලගෙන හිටියෙ.

"තමුසෙ දනන්වද තමුසෙ නිසා මට උන ඒවා අහ්?!" එයා මගෙන් එකපාරටම තරහින් ඇහුවා.

"අ-අතාරින්න"

මම වටපිට බල බල කිව්වේ මිනිස්සු අපිව දකින්න කලින්. මම දන්නවා එයාට මේ මිනිස්සු ගොඩෙ මුකුත් කරන්න බෑ කියලා ඒත් මගෙ හිත බයෙන් පිරිලා තිබ්බේ.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now