•~•
•~•Y/N POV:
"Mark?" එයා මගෙ දිහා මහ ජරා විදිහට බලන් හිටියා.
"කෝ අමුත්තක් ආවම ඇතුලට ගන්නේ නැද්ද හ්ම්?"
එයා එහෙම කියලා ගේ ඇතුලට එන්න හැදුවා. ඒත් මම ආයේ දොර වහන්න හැදුවේ. මගේ දුර්වල කම නිසා මට එක බැරි උනා. එයා මම දොර වහන්න කලින් එක එයාගේ අතින් අල්ලගෙන මාවත් පැත්තකට විසිවෙන්නම දොර තල්ලු කලා. දොර හොදටම ඇරුනත් එක්කම එයා මගෙ දිහා බලාගෙනම ගේ ඇතුලට ආවා.
මගෙ හිතට බය, දුර්වල කම හැමදේම එකපාරටම දැනෙන්න ගත්තා. මට එයාව දකින හැම වෙලේම ඒ හැගීම දැනෙනවා. මම එකට තමා ගොඩක් වෛර කරන්නේ. එයා ගැන මගෙ හිතේ තියන බය. එක තමා මට තියන ලොකුම දුර්වල කම. අවුරුදු ගානක්ම එකම ගෙයක එයාට බයේ මම ජීවත් වෙද්දි මට ඒ දුර්වල කම මගහරවගන්න බැරි උනා. ඒ බය එහෙම්මයි.
"ඔ-ඔයා කො-කොහොමද මෙ-මෙහෙට ආවේ?"
මගේ බය එක්ක රැදිලා තිබ්බා වෙව්ලන්න හඩත් එක්ක මම එයාගෙන් අඩි දෙක තුනක් ඈත් වෙමින් ඇහුවා.
"මමයි එයාව එක්කගෙන ආවේ!"
හොදට පුරුදු ගෑණු කටහඩක් මගේ ප්‍රශ්නයට උත්තර දුන්නා. Mark ගෙ පිටිපස්සේ ඉදලා දොරෙන් ඇතුල් උන ඒ ගෑණු කෙනා මගේ ඉස්සරහට ආවේ මගේ හිතට උත්තර නැතුව ප්‍රශ්න සීයක්
විතර එකතු කරලා."Hana?" මම මගේ වේගවත් හුස්ම සමග මිමිනුවා.
"මම කිව්වනේ තමුසෙට මම මේක ලේසියෙන් අතරින්නේ නෑ කියලා" එයා මගෙ ලගටම කෙලින්ම ඇවිල්ලා මගෙ මූම දිහා කේන්තියෙන්, වෛරයෙන් පිරුණු ඇස් එක්ක කතා කලා.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?