•~•
•~•Y/N POV:
මම Taehyungගෙ උණුසුම් ඇතුලෙම අවදි උනා. පොඩි ඈනුමක් මගේ කටට ආවත් මම එක තද කරගෙන් හිටියෙ ආයේ නිදාගන්න බැරි නිසා. මම හිමීට Taehyungව ඇහරවන්නේ නැතුව එයාගෙන් ඈත් උනා. මම ඈත් උනත් එක්කම එයා අනිත් පැත්ත හැරිලා කොට්ටෙත් බදාගෙන ආයේ නිදාගත්තා. එයාගේ හුරතල් වැඩවලට මම හිනා වෙලා bathroom එකට ගියේ උදෙන්ම නාන්න හිතාගෙන.
විනාඩි පහලවකට විතර පස්සේ මම bathroom එකෙන් එලියට ඇවිල්ලා කිසි සද්දයක් කරනෙ නැතුව ටවල් එක පිටින්ම කාමරෙන් එලියට ගියේ, මගේ ඇදුම් මගේ කාමරේ තියන නිසා. මම ඉක්මනට මගේ කාමරයට දුවලා සැහැල්ලු ඇදුමක් ඇදගෙන පල්ලෙහාට යන්න ලෑස්ති උනේ අපිට උදේට කන්න මොනාහරි හදන්න හිතාගෙන.
පැයබාගෙට විතර පස්සේ මම ඔක්කොම කෑම හදලා මේසේ උඩින් පිළිවෙලට තිබ්බා.
"ඔහ්! ඔයා කෑම හැදුවද? මම බඩගින්නේ හිටියෙ!" Hana කෑම කාමරයට ඇවිල්ලා පුටුවක් ඇදලා ඉදගෙන කිව්වා.
"හ්ම්ම් කන්න!" මම එහෙම කියලා කාමරයට යන්න හැදුවෙ Taehyungව නැගිට්ටවන්න හිතාගෙන.
YOU ARE READING
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡
Fanfictionමොකද වෙන්නේ y/n ට එයා කවදාවත් හිතපු නැති රස්සාවක් ලැබුණොත්?. Y/n ඒකට කැමති වෙයිද? නැත්ද?