Chapter 7♥

591 158 26
                                    

Jimin's p.o.v

"ඒ.... ඒත් මේ ඊයේ රෑ...." මට වචනත් පැටලෙනවා

කොහොමද මෙහෙම දෙයක් වුනේ.. වස ලැජ්ජාවයි... ඒත් කලින්.......එහෙම පැල්ලමක් තිබ්බනේ...

.

.

ආයිශ්. දැන්නම් ඔලුවත් විකාරයි,

.

.

.

" එනිවේ , මන් මින් යුංගි" එයා කිව්වේ අහක බලාගෙන...

" පාක් ජීමින්" මන් බිම බලාගෙන උත්තර දුන්නේ මට ඇත්තටම ලොකු අපහසුවක් දැනුන නිසා....

.

.

.

"යුන්ගි ජීමින් දෙන්නම පොඩ්ඩක් පහලට එන්නකො, මන් ඩම්ප්ලින්ග් සුප් හැදුවා, උනුවෙම කමු" හෝසොක් පහල ඉදන් කෑ ගැහුව සද්දෙට මාව ගැස්සුනත් එක්ක....

යුන්ගි එයාගෙ ඇස් වලින් මට පහලට යන්න කියලා සන් කලා, ඒ කහ පාට ඇස් ඇත්තටම හරිම ආකර්ෂණීයයි...

පූසෙක් වගේ.....

.

.

.

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

.

.

.

පහලට යනකොට හෝසොක් මේසේ ලෑස්ති කරලා තිබ්බේ...

"ආහ් එන්න එන්න කමු කමු" හෝසොක් අර ඉර වගේ හිනාව දාගෙනම කිව්වා

මාත් බෑ කියන්නේ නැතුව ගිහින් වාඩි වුනේ යුන්ගිට බයින්න හිතන් දඩිබිඩියේ ආවට කෑමවත් කෑවෙ නැති නිසා...

මන් චොප්ස්ටික් 2 අත්ට අරන් ඩම්ප්ලින්ග් එකක් කටට දාගත්තා, ශා ඒව රසයි...

" ඕ ඔයාට හොදටම බඩගිනි පාටයි, කන්න කන්න මේ ඕනි තරම් තියෙන්නේ , ඇත්තටම ඇයි ජීමින් ඔයාට මේ උදේ පාන්දර අපේ යුන්ගියා හම්බෙන්න ඕනි වුනේ" හෝසොක් ඇහුවා...

ඒ අහපු ප්‍රශ්නයට මට කෑම එකත් හිරවුනා

මන් කැහැ කැහැ වතුර එක ලගට ගත්තේ මොන වගෙ උත්තරයක් දෙනවද කියලා හිතාගන්න බැරැව

.

.

"එයා හීනෙන් මන් වගේ කෙනෙක් දැකලා...ඒකයි"

එකපාරටම මාව පුදුම කරමින් යුන්ගි උත්තර දුන්නා, මන් ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බැලුවත් එයා මාව සත පහකට ගනන් ගන්නේ නැතුව ඩම්ප්ලින්ග් එකක් කටේ ඔබා ගත්තා

.

"අහ්, පේන විදියට නම් ඒක නරක හීනයක් වගේ, ඉතිම් ඔයාගේ කලන්තෙ ගතිය දැන් හොදයිද? මන් ගොඩක් බය වුනා ඊයේ හීටර් රූම් එකේ ඔයා වැටිල ඉන්නකොට" හෝසොක් ආයෙත් ඇහුවා

.

.

" මොකක් , ඒ කියන්නේ මන් ඊයෙ සිහිය නැතුව වැටුනද" මන් ඇහුවෙ පුදුමෙන්

.

එතකොට යුන්ගි කියන විදියට එයා මගේ බෙල්ල හැපුවෙත් නැත්නම්

.

රෑ ගෙදරට ආවෙත් නැත්නම් ඒක තමා වෙන්න ඇත්තේ, සිහි නැතුව වැටිල, ඔලුව වැදිලා තමා අර විකාර පේන්න ඇත්තේ...

"ඕ යුන්ගියි මායි ඔයාව ඇදෙන් තියලා ආවා" හෝසොක් විශ්වාසී කටහඩකින් කිව්වා

.

.

මන් මුකුත්ම නොකිය තවත් ඩම්ප්ලින්ග් එකක් කටේ ඔබා ගත්තා ....

.

.

.

.

.

.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Where stories live. Discover now