chapter 35

392 95 0
                                    

" ජීමිනා ප්ලීස් මන් කිව්ව එක ගැන හොදට හිතල බලන්න... " බෙක්ජේ මගෙ උරහිස් වලින් අල්ලල මගෙ ඇස් වලට එබුනා.

" මොනා බලන්න්ද මිස්ට, මන් කැමති නෑ...
යුන්ගි ඇරෙන්න වෙනකෙනෙකුට මගේ හිතේ ඉඩක් නෑ, අනික මට එයාව එදා නැතිවුනේ ඔයාගේ වැරැද්දෙන්... "
මන් කේන්තියෙන් එයාගේ අත් මගේ උරහිස් වලින් අයින් කරලා දැම්මා...

"ජීමීන් ඔයා පොඩ්ඩක් තාර්කික වෙන්නකො, මන් නිසා තමා එදා ඔයාගේ ජීවිතේ බේරුනේ, ඔය වගේ විනාසයක් වෙනෝ කියලා දන්නවනම් මම අනිවා ඔයාගේ බෝයිටත් එන්න කියනවා, ඔයාගේ බෝයිගෙ තමා වැරැද්ද කියලා මන් කියන්නේ නෑ... ඒත් ඒක මගෙ වැරැද්ද නෙවේ කියලා ඕනි කෙනෙක්ට තේරෙනවනේ..." බෙක්ජේ ආයිත් මගෙ උරහිස් වලින් ඇල්ලුවා...

" මට ඒවා අදාලම නෑ...
ඔයා මොනා කිව්වත් මම ඔයාට කැමති නෑ මිස්ට, කරුණාකරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න, ප්ලීස්..."
මන් කිව්වේ තරහින්

ඇයි මේ මනුස්සයට මන් කියන දේ තේරෙන්නෙ නැති හැටි මාසෙක පස්සේ මාව හොයන් ඇවිත් මට ආදරේලු...

මට මොලේ අමාරුවනේ මෙයාට අදරේ කරන්න... මට යුන්ගි ඇරෙන්න කවුරුත් ඕනි නෑ...

කවුද දන්නේ නෑ මේ පිස්සට මෙහෙ ඇඩ්‍රස් එක දුන්නේ, අහුවුනොත් හම ගහනවා ඇත්තමයි...

මෙයා නිසා තමයි මට යුන්ගි එක්ක එද ඉන්න බැරිවුනේ, මන් එදා එයා එක්ක හිටියනම් සමහරවිට එයාව බේරගන්න තිබ්බා...

නැත්නම් එයා එක්ක මේ ලෝකෙන් යන්න තිබ්බා, එහෙනම් මෙච්චර දුක් විද විද මට ඉන්න වෙන්නේ නෑනේ...

" ජීමින් මන් ඔයාට කැමති වුනේ එදා ඔයාගේ ඔෆිස් එකේ දැකපු වෙලාවෙමයි, ප්ලීස් මන් ඒත් මගේ හිත පාලනය කරන් හිටියේ ඔයා ටේකන් නිසා...

දැන් එයා නෑනේ, අනික ඔයාට හිත හදාගන්න ඕනි තරම් කාලෙකුත් තිබ්බා...
ඉතිම් ඇයි අලුත් කෙනෙක් වෙනුවෙන් ඔයාගේ හදවතේ තැනක් දෙන්නේ නැත්තේ, ප්ලීස් මට එක අවස්තාවක් දෙන්න" බෙක්ජේ කදුලු පුරවන් බැගැපත් වෙනවා...

ඒත් මේ ලෝකේ කිසිම දේකට බෑ මගේ හිතේ යුන්ගිට තියන තැන ගන්න...

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Where stories live. Discover now