Chapter 4♥

592 158 30
                                    

Jimin's p.o.v.

.

මන් දැක්කේ මීට කලින් කවදාවත් දැකලා තිබුනේ නැති පිරිමි ලමෙක්, එයාගෙ හිනාව නිකම් ඉර එලිය වෙගේ...

.

"අන්න්‍යාසයෝ , බාදාවක් වුනා නම් සමාවෙන්න, මගේ නම හෝසොක්, මායි මගෙ යාලුවයි තමා ඔයාලගෙ අල්ලපු ගෙදර පදිංචියට ආවේ" එයා හිනාව අතරින්ම කිව්වා...

.

"ඕ හායි මන් ජීමින් , ඉතිම් එන්න ඇතුලට, අපි තේ එකක් බොන ගමන් කතා කරමු" මන් එයාට කිව්වා, එයා නම් ගොඩක් හොද පිරිමි ලමෙක් වගේ පෙනුනේ, එතකොට මෙයාගෙ යාලුවා වෙන්න ඇති අර අමුතු කොල්ලා.

.

.

"අනේ දැන් නම් බැහැ ජීමින් , මන් දවල්ට කෑවා විතරයි, ඇත්තටම මන් ආවෙ පුංචි උදව්වක් ඉල්ලන්යි, අනේ සමාවෙන්න හම්බුනු පලවෙනි දවසෙම උදව් ඉල්ලනවට" එයා කනගාටුවෙන් කිව්වා.

.

"අයියෝ ඕක මොකක්ද අසල්වැසියො වුනාම උදව් නොකර කෝමද"මන් කිව්වා...

.

"මෙන්න මේකයි අපේ ගෙදර හීටර් එක කැඩිලා, ඔයාට පුලුවන්ද චුට්ටක් ඒක බලන්න,මොකද ගෙවල් අයිතිකාර මිස් කිම් කිව්වා ඔයා ඒ දේවල් වලට දක්ශයි කියලා..."

.

"අහ්, යමු එහෙනම් , මන් ඒක හදන්න පුලුවන්ද කියලා බලන්නම්",මන් කිව්වා, ඇත්තටම මට ඒ වෙලාවෙ එයාලගෙ ගේ ඇතුල බලන්න තිබ්බේ ලොකු උවමනාවක්

ඒ වගේම අර කොල්ලවත්...

.

.

ඉතින් මන් එය එක්ක ඒ ගෙදරට ගියා, අප්පේ හැම තැනම් කලු කර්ටන් එල්ලලා, ඉර එලිය පොදක් ගේ ඇතුලට වැටෙන්නේ නෑ, හැම තැනම අදුරැයි, අනෙ මංදා හැම තැනම තිබ්බේ මහ ගුප්ත බවක්....

.

"ආහ් ඔයා බලන්වා ඇති ඇයි මේ හැම තැනම කලු කියලා, මේකයි මගෙ යාලුවට ඉර එලිය ඇලජික්, එයාගෙ ඇගේ රෑශශ් එනවා" හෝසොක් හරියට මගේ හිත කියවලා වගේ කිව්වා..

.

"අහ් ඒක තම, කෝ ඉතිම් මට පෙන්නන්නකො හීටර් එක තියන තැන" මන් එහෙම කියලා ඔලුව කරකෝ කරකෝ හීටරේ තියෙන තැන හොයන බව පෙන්නුවට ඇත්තටම මන් හෙව්වේ අර කොල්ල, මොක්ක්දෝ හේතුවකට මට එයාව දකින්න ඕනි උනා...

.

.

" කෙලින්ම උඩට ගියාම හම්බෙන පලවෙනි කාමරේ, ඔයා ඒක බලන්නකො, මන් ඔයාට තේ එකක් හදන් එන්නම්" එහෙම කියපු එයා යන්න ගියා..

.

මන් එයා කියපු විදියට ඒ කාමරයට ගියා, ඒකත් අර වගේම කලුවරයි, මන් හීටර් එක ලගට යන්න හදනකොටම පිටි පස්සෙන් ආපු කවුරු හරි මාව බිත්තියට තියලා තද කරා, ඇස් ඇරලා බලද්දී ......................

.

.

.

ඒ අර පිරිමි ලමයා, එයාගෙ ඇස් කහ පාටයි, හරිම අමුතුයි, කොන්ඩෙනම් තද කලුයි, කැපිලම පෙනුන දේ එයාගෙ හම, ඒ හම ඇත්තටම හිම වගෙ සුදුයි, තොල් 2 රතුම රතුයි

ඒ මදිවට එයාගෙ ස්පර්ශය...

හරිම සීතලයි, වගේම ශක්තිමත්.. මන් වශී වෙලා වෙගෙයි එයා දිහා බලන් හිටියේ, එයාගෙ බැල්ම හරියට අකුණු වගේ තියුනුයි ..

.

"ම්ම්ම් සුවදයි ....මගෙ කනට එහෙම කෙදිරැව එයා මන් හිතන්නත් කලින් මගෙ මුලු බෙල්ලම සිප ගන්න ගත්තා, වේගෙන් හුස්ම ගනිමින්, මාව එයාගේ සිරැරට තෙරපමින්, මගේ ඇගෙ ඇතිල්ලෙමින් නොනවත්වාම එයා මාව සිපගත්තා...

මීට කලින් කවුරුත් මෙහෙම මට ලංවෙලා තිබුනේ නෑ, ඒත මන් මේ වැඩේට කැමති වුනේ නෑ කිව්වොත් ඒක බොරුවක් , මේ ස්පර්ශය නිසා මාව හොදටම ඇවිස්සිලයි තිබුනෙ,

.

.

.

"ආහ්" මට එක පාරට කෑ ගැහුනෙ එයා මගෙ බෙල්ල හපන්න ගත්තු නිසයි"......මට දැනුනේ මගේ සිහි නැති වේගෙන යනාවා වගේ..

.

.

"ඕක නවත්තනවා යුන්ගි" මට අන්තිමට ඇහුනේ හෝසොක්ගේ කටහඩ ..

.

.

.

.

.

.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Dove le storie prendono vita. Scoprilo ora