මට යුන්ගිට මූණ දෙන්න බෑ වගේ දැනුන නිසා ලැජ්ජාවෙන් බිම බලන් කන්න පටන් ගත්තත් කලින් අපි අතරෙ මෙලෝ දෙයක් වුනේ නෑ වගේ යුන්ගි නම් කිසි ගානක් නැතුව කනවා...
අනේ ඇත්තමයි, මාවත් හොදටම අවුස්සලා දැන් මෙතන උපාසක බලලා වගේ කන ලස්සන විතරක්...
එයාට ලැජ්ජ නැත්නම් මන් මොකට ඇබරෙනවද,
මාත් ඔලුව උස්සලා කන්න ගත්තා..." කෑම නම් රසද මන්දා මන් කලබලේ ඉව්වේ කොහෙද ඉතින් මේ ටේමින් මාව කලබල කලානේ එක්ක යන්න එනවා කියල... "
හෝසොක් මෙලෝ සිහියක් නැතුව කියෝනෝ..." කව්ද ටේමින් කියන්නේ හෝසොක්ශී... "
මන් ඇහුවෙ කුතුහලයෙන්..." අහ්... මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ජිමින්ශි... "
හෝසොක් ඉර වගේ හිනාවක් දාන ගමන් කිව්වා.ඒත් එක්කම අපිට ඇහුනේ ගෙදර බෙල් එක වදින ශබ්දය...
"හපොයි මෙයා වෙලාවටම ඇවිත්නේ... යුන්ගි, ජීමින් මට දැන් ටේමින් එක්ක ගමනක් යන්න වෙනෝ ඔයාලා කාලා රෙස්ට් කරන්නකො ඒනම්... " එහෙම කියපු හෝසොක් එලියට දිව්වා.
මායි යුන්ගියිත් කතා නොකරම කෑවා , යුන්ගි කාලා ඉවර වුන ගමන් උඩට යන්න හැදුවේ...
"යුන්ගියා, මන් යාලුවෙක්ගෙ ගෙදර යන්න බැලුවේ, ඔයත් එනෝද මා එක්ක... "
මන් එයා මොන වගේ උත්තරයක් දෙයිද බලන්න ඇහුවා..." බැහැ, මගෙ කාමරේට එහෙම ආයෙ බැරි වෙලාවත් එන්න හිතන්න එපා... ඒම වුනොත් කලින්ට වඩා දරුනු දෙයක් වෙයි"
එහෙම කියපු එයා මටත් රවලා උඩට ගියා...අම්මෝ මෙයාගෙ ගෑස් හරියට මන් මෙයාට බලහත්කාරකමක් කරන්න ගියා වගේනේ , කම්මැලි එකේ ගෙදර ඇතුලෙවත් ඇවිදලා බලන්න ඕනි...
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
හිතුවට වඩා ගේ ලස්සනයිනේ... පොඩි අවුලකට තිබ්බේ ඉතිම් හැම තැනම අදුරු එක තමා... එහෙම වෙන්න එපැයි ඉතිම් පොතේ හැටියට යුන්ගිට ඉර එලිය හොදනෑනේ...
දැන් වෙලාව හවස 2 වුනත් හැමතැනම තිබ්බේ අදුරක් විතරයි...එක බිත්තියක් පුරවලා තිබ්බේ පොටෝ වලින් හෝසොක්ගේ පොටෝ තමා වැඩියම තිබ්බේ... ඒ අතරෙ මන් නොදැකපු ලස්සන කොල්ලෙක් හෝසොක් එක්ක කරට අත දාන් හිටපු පොටෝ එකකුත් තිබ්බා, හ්ම් ටේමින් වෙන්න ඇති...
තව ටිකක් එහාට වෙන්න තිබ්බේ හෝසොක්ගේ ආච්චිලා සීයලාගේ ෆොටෝ...
හම්මේ මෙතන එක්දාස් නවසිය බර ගනන් වල හිටපු අයගෙ ෆොටෝසුත් එයාලගෙ නම් එක්කම එල්ලලා තිබ්බා...මන් පේලියට නම් කියෝගෙන යනකොට හරිම හුරුපුරුදු නමකුත් දැක්කා...
ජන්ග් මින් හෝ...
හ්ම්... කොහෙදිද මට ඒ නම හම්බුනේ...
මන් මතක් කරගන්න ට්‍රයි කලත් මට මතක් නොවුන නිසා මන් ආපහු කාමරයට ගියා...🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
කටු කොල 1000 විතර වට කරගෙන මේ වෙනකොට මන් කතාවක් මවන්න ට්‍රයි කරමින් හිටියත් තාමත් මට හරි අයිඩියා එකක් ඇවිත් තිබ්බේ නෑ... ඈනුමක් යවපු මම ආපහු කුකීගෙ ෆයිල් එක අතට ගත්තේ අලුත් අදහසක්වත් තියේද බලන්න, ඒත් මගේ ඇස් යොමු වුනේ නම් එතන තිබ්බ විශේෂ නමකට...
.
.
.
ජන්ග් මින් හෝ!!!!!
.
.
.
වැම්පයර්ලා ගැන විස්තර ඉදිරිපත් කරපු ප්‍රොෆෙසර්!!!!!
.
.
.
එයා එතකොට හෝසොක්ගේ සීයා කෙනෙක්ද??????!!!!!
.
.
.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
YOU ARE READING
ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺 [Completed]
Fanfiction⭐️මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක්... ⭐️දිදුලන කහ පැහැ නෙත් සඟලක අයිතිකාරයෙක්... ⭐️අහම්බයෙන් මුණගැසුණු ආදරයක්... ⭐️එකිනෙකා ලඟ නොසන්සුන් වූ ආදරණිය හදවත් දෙකක්... ⭐️නොසිතූ විටෙක සියල්ල අවසන් කිරීමට සැරසෙන ආගන්තුකයෙක්... . . . ♥️ THE BOY NEXT DOOR...