වසර 2521
No one's pov
" සුභ පැතුම් රජතුමනි, මේ පාරත් පුතෙක්... "
හෙදිය ඇවිත් කිව්වම මෙච්චර වෙලා මාලිගාවේ ප්‍රසූත කුටිය ඉස්සරහ නොයිවසිල්ලෙන් ඇවිද ඇවිද හිටපු යුන්ගි ටක් ගාලා ලග හිටපු ඔක්කොමත් තල්ලු කරගෙන ඇතුලට දිව්වා...එයාට දකින්න ලැබුනේ අලුත උපන් කිරි කැටියත් තුරුල් කරන් එයා දිහා බලන් ඉන්න එයාගේ ආදරණීය සහකරුවා...
ජීමින්.......
Flash black
2021
"නෑ නෑ... මන් ඒ මොකක්ද කලේ, අනේ පැටියෝ බෙක්ජේ හිතල නෙවේ එහෙම කලේ... "
යුන්ගිගේ අතට මැදිවෙලා ලේ පෙරාගෙන ඉන්න ජිමින් දිහා බලාගෙන බෙක්ජේ පිස්සෙක් වගේ කෑ ගහන්න ගත්තා..." ඔහොම ඉන්න ජිමින් , මාත් ඉක්මනට ඔයා ලගට එනවා... "
වියරුවෙන් වගේ කෑ ගැහුව බෙක්ජේ යුන්ගිව තල්ලු කරලා ජිමින්ගෙ ඇගේ ඇමිනිලා තිබ්බ ලේ වලින් පෙගුනු ලී දණ්ඩ හයියෙන් ඇදලා එයාගෙම පපුවට ඇන ගත්තේ තියුනු විලාපයකින් පරිසරයම කලඹලා...ඒ ක්ශනයෙන් බෙක්ජේව වාශ්ප වෙලා ගියේ එයාගේ කලු පාට ඇදුම් ටික විතරක් ඉතිරි වෙද්දි...
ලී දන්ඩ අයින් කරපු නිසා තවත් වැඩියෙන් ජිමින්ගෙන් ලේ පිටවෙමින් තිබ්බේ...
" එපා ජිමින් මාව දාලා යන්න එපා... "
යුන්ගි උමතුවෙන් වගේ කෑ ගැහුවේ අනිත් තුන්දෙනාගේ ඇස් තවත් කදුලු වලින් පුරවලා..." ඔයාට එයාව බේරන්න පුලුවන් යුන්ගි පරක්කු නොඊ දැන්ම එයාව වැම්පයර් කෙනෙක් කරන්න..." මින්ජේ කිව්වා...
" ඒත් ඒක අවදානම්... "
යුන්ගි කිව්වේ ඉවසන්න බැරි තරම් දුකකින්..."දන්නවද... ටේමින්ගේ අම්මත් ඔය විදියට අන්තුරක් වෙලා නැති වෙන්න ගියා, මාත් හිතේ බය නිසා මුකුත් කලේ නෑ...ඒ නිසා එයව මට නැති වුනා, මන් අදටත් ඒ ගැන පසුතැවෙනවා, ඒ නිසා පරක්කු නොවී දැන්ම ඒක කරන්න..."
මින්ජේ කිව්වා.ලේ පෙරාගෙන ඉන්න ජිමින්ව එතන තණගොල්ලේ හාන්සි කරපු යුන්ගි එයාගේ තියුණු රදනක දත් පිටතට අරගෙන ජිමින්ගේ සිනිදු ගෙල සිදුරු කලේ එයාගේ විශ ජීමින්ගේ සිරුර පුරා පැතිරෙන විදියට...
YOU ARE READING
ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺 [Completed]
Fanfiction⭐️මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක්... ⭐️දිදුලන කහ පැහැ නෙත් සඟලක අයිතිකාරයෙක්... ⭐️අහම්බයෙන් මුණගැසුණු ආදරයක්... ⭐️එකිනෙකා ලඟ නොසන්සුන් වූ ආදරණිය හදවත් දෙකක්... ⭐️නොසිතූ විටෙක සියල්ල අවසන් කිරීමට සැරසෙන ආගන්තුකයෙක්... . . . ♥️ THE BOY NEXT DOOR...