chapter 34 ♥

472 138 8
                                    

මන් වේගෙන් පාරට දිව්වත් මට ටේමින්ගේ ලකුණක්වත් දකින්න ලැබුනේ නෑ, මන් ආපහු ශොප් එකට ගියේ කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව...

එදා ගින්න දවසේ මන් බෙක්ජේ එක්ක ඩිනර් එකට යන්න කලින් හොබී ටේමින් එක්ක ගමනක් ගියා කියලා යුන්ගි කිව්වා කියලා මට හොදට මතකයි...

ගින්නෙන් පස්සෙ ඇත්තටම හොබී ගැන කිසිම ආරංචියක් ලැබුනෙත් නෑ...

ටේ නම් කිව්වේ එයා ගින්න පැතිරෙන්න කලිම් ගෙට ඇවිත් එයත් ගින්නට අහු වෙන්න ඇති කියලා, මාත් මෙච්චර කල් හිතන් හිටියේ එහෙම මොකද එදා පොලිසියෙන් ගෙදර චෙක් කරලා කිව්වා මිනිස්සු දෙන්නෙක්ගේ පිච්චිච්ච අවයව හම්බුනා කියලනේ....

ඇත්තටම පොලිසියෙන් එහෙම දෙයක් කියනකම්ම මන් මගේ විශ්වාසය අතහැරියේ නෑ, යුන්ගි හොබියි හොදින් කොහෙහරි ඇති කියලමයි මට හිතුනේ, ඒත් ගින්නෙ වාර්තා ආවම.....................

සමහරවිට මන් දකින්න ඇත්තේ ටේමින් නෙවේ වෙන්නඇති එක වගේ අය කොහොමත් ඉන්න්වනේ...

හරි දැක්කේ ටේමින්මයි කියලා හිතමු, කව්ද දන්නේ එයත් මන් වගේ හිත හදාගෙන ජීවත් වෙනවද කියලා...
.
.
.
.
.

ආයිශ් ..............ඔලුවත් රිදෙනවා දැන්නම්
.
.
.
.

" බබා දැන් ශොප් එක වහන වෙලාවත් හරි" ඔම්මා කිව්වමයි මන් දැක්කේ දෙයියනේ වෙලාව රෑ 7 යි

" හරි ඔම්මා මන් මේ කප්ස් ටික හේදුවම වැඩ ටික ඉවරයි..."

😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿😿

අද ලස්සනට හද පායලා...

මට මතක් වුනේ අපේ පලවෙනි ඩේට් එක, මට ඉබේටම ලොකු සුසුමක් පිට වුනා...
.
.
.
.
.
.
.
.

යුන්ගි ඔයා නැතුව මට පාලුයි ඇහෙනවද...
ඔයාට ඔයා කොහේහිටියත් සතුටින් ඉන්න...

ආහ්... හොබීට කියන්න මන් අද එයාගේ බෝයි වගේම කෙනෙක් දැක්ක කියලා මන් එයාගේ ශර්ට් එකක් තුරුල් කරන් මිම්ණුවා...

ඔව් ඒ ශර්ට් එක තමා මන් එදා ඩිනර් එකට ඇදන් ගියේ,මතකය හැරුනම එච්චරයි මට එයාගේ කියලා ඉතිරි...

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Where stories live. Discover now