"අහන්නකො බබා අද අපේ බොස් ජින් හියොන්ට ප්‍රපෝස් කලානේ" මන් අද පාර්ටි එකේදි හම්බෙච්චි මල් ටික යුන්ගිගේ කාමරේ තිබ්බ වාස් එකට දාන ගමන් කිව්වා
" හ්ම් , මට නිදිමතයි, වොශ් දාන් ඇවිත් කතාකරන්නකො, අද අපි තුන්දෙනා රෑට එලියෙන් කමු" ඇදේ හතර දිශාවට අත පය දිග ඇරගෙන යුන්ගි කිව්ව
මන් බාතෲම් එකට ඇවිත් හොද හොදට නාගත්තේ හඩ්ඩ වගේ එලියට යන්න බැරිවුන නිසා, දැන් මන් පදිංචි යුන්ගිලගෙ ගෙදරමයි, අප්පත් එක්ක කතාකරගෙන අනිත් ගෙදර මිසිස් ලීට බාර දුන්නේ නිකම් බොරුවට ගෙදරට රෙන්ට් එක ගෙවන එක අපරාදේ නිසා
වොශ් දාන් ඉවර වෙලා මන් කාමරේට එනකොට මන් දැක්කේ
ගොඩාක් අමාරුවෙන් හුස්ම ගන්න යුන්ගිව!!!!!!!!
මන් ටවල් එකත් විසික් කරලා ටක් ගාලා එයා ලගට දිව්ව,( එයා යට්ට ඇදුමක් ඇදලා හිටියේ) දෙයියනේ මේ මොකද!!!!!!
" අනේ යුන්ගි කතා කරන්නකො මොකද මේ" මන් එයාව උකුලට අරගෙන මූණට තට්ටු කලා
" චිම් ම..ම..මට අමා...රුයි" යුන්ගි ඇද රෙද්දත් මිරිකගෙන කෙදිරි ගානව, ඇග පුරා දාඩිය දෙයියනේ මේ මොකක්ද සිද්ද වෙන්නේ,!!!!!
" හොබී ඉක්මනට එන්නකෝ" මන් කෑ ගැහුවා
" ඇයි මොකද, මොකක්ද වුනේ ..... ආයිශ් යුන්ගි, දෙයියනේ මේ මොකද" හොබී යුන්ගි ලගට පාත් වෙලා එයාගෙ ඇස් වලට එබුනා....
ඒ ඇස් රතු පාටින් ඉරි තලලා!!!!!
" විස,....කවුරුහරි යුන්ගිට විස දීලා" හොබී කලබලෙන් වට පිට බැලුවා,
ඒ එක්කම එයා දැක්කේ මන් සරසපු මල් වාස් එක
" දෙයියනේ කවුද මෙතනින් සුදුලූනු මල් තිබ්බේ, මෙයාට මේවා මාරාන්තිකයි" කෑ ගහගෙන නැගිට්ට හොබී එක පාරින් මල් වාස් එක එලියට විස කලා,
දැන් රෑ වෙලා තිබ්බ නිසා හොබී කර්ට්න් ටිකත් පැත්තකට කරලා ජ්නෙල් ඔක්කොම ඇරියා
" කවුද මේ මල් ගෙනාවේ ජීමින්" හොබී ඇහුවෙ තරහින්
" ඕ ඕක මට ලැබුන එකක් හොබී මන් මන් දැනන් හිටියේ නෑ යුන්ගිට ඕවා විසයි කියලා" මන් ඉකි ගහහ කිව්වේ
දෙයියනේ මන් නිසානෙ මගෙ යුන්ගිට මේහෙම වුනේ
දැන්න්ම එයාගෙ හුස්ම සාමාන්‍ය අතට හැරිල, ඒත් තාමත් ඒ හීනි ඇස් පියවෙලා , මගෙ පපුව පැලෙන්න වගේ
" ජිමින් ප්ලීස් මන් අර දුන්න පොත් ඔයා කියවන්න, ඒකෙ හැමදේම තියනව" හොබී ටිකක් තරහ ගියපු කටහඩින් කියලා එතනින් එලියට ගියේ බ්ල්ඩ් පැකට් එකක් අරන් එන්න
" අනේ මියානේ යුන්ගියා" මන් ඒ සිතල පපුවට ගුලි වෙලා හොදටම ඇඩුවා
" ශ් ඒක ඔයාගෙ වරද නෙවේ, ඔයා මගෙන් විස්තර අහන හැම වෙලේ මමනෙ ඔයාව නැවැත්තුවේ" යුන්ගි එයාගෙ දිග ඇගිලි මගේ කෙස් අස්සෙන් යවන ගමන් මිමිනුවා
"ආහ් මේක් බොන්න යුන්ගි, මියානේ ජීමින් කලින්කෑ ගැහුවට' හොබී බ්ල්ඩ් පැකට් එකක් දික් කරගෙන පසුතැවිලි හඩින් කිව්වා
" නෑ , මමයි හරි නම් සමාව ගන්න ඕනි" මන් මිමිනුව
" දැන් ඕක අපි අමතක කරමු, හොදට නිදා ගන්න ගුඩ් නයිට්" හොබී එහෙම කියාගෙන පහලට ගියඇති වෙන්න ලේ බිව්ව යුන්ගි බාතෲම් එකට ගිහින් කට හෝදන් ඇවිත් කබඩ් එකෙන් පලතුරු වගයක් අරන් මට දික් කලා
" මේවා ඇයි"
"ඇයි රෑට නොකා නිදගන්නද හදන්නෙ, ඔය ටික දැනට කන්නකො, රෑට බඩගිනි වුනොත් රාමෙන් හදලා දෙන්නම්" යුන්ගි මගෙ නලල කිස් කරන ගමන් කිව්වා
" මෝඩයා හරි නම් මායි ඔයාව බලාගන්න ඕනි, ඒත් දැන් ඔයානේ මාව බලාගන්නේ" මන් කිව්වේ මගේ ඇස් වලට කදුලු පිරෙන අතරේ
" අම්මෝ ජීමින් දැන් නම් ටැප් එක අරින්න එපා හොදේ, මට ඇත්තටම ඇගට හරි නෑ, ඔයාව උස්සගෙන නලවන්න" යුන්ගි ඇදේ වාඩි වෙල මාව උකුලට ගන්න ගමන් කිව්වා
මට ඉබේටම හිනාවක් ගියේ දවසක් මන් අතින් කෑමක් වැරදිලා ඒකට මන් බොරුවට අඩනකොට යුන්ගි මාව වඩාගෙන අවුරුදු දෙ
කේ පොඩි ළමෙක් වගේ නලවපු හැටි මතක් වෙලා
" නෑ නෑ, ආයේ අඩන්නේ නෑ,කාලා ඉවරයි මම නිදාගමු එහෙනම්"
"හ්ම්ම් ගුඩ් නයිට් ජීමින්"
" ගුඩ් නයිට් යුන්ගි"
Sorry update denn parakku wunt, ada double dennm
YOU ARE READING
ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺 [Completed]
Fanfiction⭐️මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක්... ⭐️දිදුලන කහ පැහැ නෙත් සඟලක අයිතිකාරයෙක්... ⭐️අහම්බයෙන් මුණගැසුණු ආදරයක්... ⭐️එකිනෙකා ලඟ නොසන්සුන් වූ ආදරණිය හදවත් දෙකක්... ⭐️නොසිතූ විටෙක සියල්ල අවසන් කිරීමට සැරසෙන ආගන්තුකයෙක්... . . . ♥️ THE BOY NEXT DOOR...