chapter 39

544 136 95
                                    

යුන්ගි වේගයෙන් දුව ගෙන ඇවිත් අර ලී දණ්ඩ අතට ගත්තා, බෙක් ජේත් සටන අත ඇරියේ නැති වුනාට ලී දණ්ඩ දැක්කහාම නම් ටිකක් ගැස්සුනා...

" හහ්... මාව මරන එක උබ හිතන තරම් ලේසි නෑ , යුන්ගි... ජීමින් ඇරෙන්න මෙතන ඉන්න හැමෝම මන් මරලා දානවා...
අහ් මින් ජේ...
මන් ළගම ඉදලත් මට උබව අදුර ගන්න බැරුවනේ හිටියේ, මේක මගේ හැකියාවට ලොකු කැලලක්...
කමක් නෑ, අද ඔක්කොටම එකට අවසන් ගමන් යවන්නන්කො මම... "
එහෙම කිව්ව බෙක්ජේ හිතන්නත් කලින් අර ලීදණ්ඩට කකුලෙන් ගැහුවා, එයාගේ ශක්‍තියට ඒක ටිකක් ඈතට විසික් වුනා...

යුන්ගි ඒක ගන්න යන්න හැදුවත් බෙක්ජේ ආයෙමත් එයව පෙරලගත්තා...

" උබට මගෙන් බේරෙන්න බෑ, මන් තොපි ඔක්කොම මරලයි පස්ස බලන්නේ... "
බෙක්ජේ ආයෙමත් වියරුවෙන් කෑ ගහලා යුන්ගිට ගහන්න ගත්තා.

" අද මෙතනින් මැරෙන්නේ එක්කෙනයි, ඒ උබ... "
වේගෙන් බෙක්ජේව අනික් පැත්තට පෙරලුව යුන්ගි ආයෙමත් එයාට ගහන්න ගත්තා.

ආයෙමත් දෙන්න ගහගන්නවා, මේකෙ ඉවරයක් නැද්ද, රවන මෑන් ගිනි පේල්ල තියාගෙන බාවනා කරනවද, ඕක යුන්ගිට දෙන්නෙ නැතුව...

" මිස්ට මින්ජු මන් මේ කිව්වේ... මිස්ට රජතුමනී ඇයි ඔයා ඔය ගිනි පේල්ල යුන්ගිට දෙන්නෙ නැත්තේ... "
මන් අන්තිමට එහෙම ඇහුවේ මට තවත් අර පොරය දිහා බලන් ඉන්න බැරි නිසා, යුන්ගි දැන් දුර්වලයි, බෙක්ජෙත් එහෙමයි, මෙහෙම ගියොත් දෙන්නම ගුටි කාලා වැඩිවෙලා මැරෙයි...

" ඔයාගේ උපදෙස් එපා මිස්ට පාක්, කොහොමද ගිනි පෙලෙල්ලක් ඈත ඉදන් විසි කරන්නේ... එක්කො ඒක නිවෙයි නැත්නම් දෙන්නවම පිච්චෙයි... " මන් දිහාට තවත් සුපිරි රැවිල්ලක් දාන ගමන් රවන මෑන් යුන්ගි දිහාට හැරුනා...

" යුන්ගි මේක ගන්න... " හොබීවයි , ටේමින්වයි තල්ලු කරපු මන් රවන මූණා හිතන්නත් කලින් එයාගෙන් ගිනි පෙලෙල්ල උදුරගෙන මන් පුලුවන් උපරිම වේගෙන් යුන්ගි ළගට දුවල ඒක එයාට දුන්න...

බෙක්ජේගේ මූණෙ තිබ්බේ දුක තරහ මිශ්‍ර පෙණුමක්...

එයා ගිනි පෙල්ල උදුර ගන්න යුන්ගිගෙ ඇගට පනිනවත් එක්කම සාක්කුවේ තිබ්බ පුංචි කුප්පියක් අතට ගත්තු යුන්ගි ඒක වේගෙන් බෙක්ජේගේ ඇගට ඉහලා ගිනි පේල්ල එයාගේ ඇගට දැම්මා..

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Where stories live. Discover now