Jimin's pov
.
මන් ගැස්සිලා ඇහැරුනේ නොනවත්වාම මගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසයි
මන් ඇදේ ඉදන්ම අතපත ගාලා ෆෝන් එක ඕෆ් කරලා රෙද්ද ආයෙ ඔලුවෙ ඉදන්ම පොරෝගත්තා, උදේ 7 කියන්නෙ නැගිටින්න ඕනි වෙලාවක් නෙවේ, පොරෝගෙන නිදාගන්න ඕනි වෙලාවක්..
හා නැද්ද මන් අහන්නේ.... අනික ඊයේ මහ රෑ වෙනකම්ම අර ෆිල්ම් ටිකත් බැලුවනේ.
.
.
.
මේ වෙනකොට මට වැම්පයර්ලා ගැන වගෙම වෙයාවුල්ෆ්ලා ගැනත් යාන්තමින් අවබෝධයක් ලැබිලයි තිබ්බේ, ඉතින් තව පැයක් විතර නිදාගෙන මොලේ රීෆ්‍රෙශ් කරගෙනම වැඩේ පටන් ගන්නයි මට ඕනි උනෙ...
.
ඒත් එකපාරටම මට මතක් වුනේ අර පිරිමි ලමයා..
හද එලියේ දිලිසි දිලිසි මන් දිහා තත්පර ගානක් බලන් ඉදපු විදිය...
මන් ඇත්තටම මුලින් හිතුවෙ ඒක මට මැවුනු දෙයක් කියලා.ඒ නිසාම මන් ඇස් 2 පිහිදාලා ආයෙත් ඒ දිහා බැලුවා...
මෙන්න ඒ පාර මන් දිහා කින්ඩියට වගේ බලන් ඉන්නවා, එයාගෙ හම ගොඩක්ම සුදුමැලි, මට කැපිලා පෙනුනේ ඒ සුදුමැලි හමමයි...
තාමත් ඒ ඇස් යොමු වෙලා තිබ්බේ මන් දිහාවටමයි.
මට ඇත්තටම ලොකු අපහසුවක් වගේම සතුටක් දැනුනා, අපහසුවක් දැනුනේ මීට ඉස්සරවෙලා කවුරුත් මන් දිහා ඕම බලාලා නැති නිසා..
එටකොට සතුටක් දැනුනේ? .....
ඒත් ඒකටම තමා, මොන වුනත් එයා පට්ට හැන්ඩ්සම්.
මන් ආපහු පාරක් ජනේලෙන් එලිය බැලුවෙ එයාව දැකගන්නයි, ඒත් එයා එතන හිටියේ නෑ.
.
.
.
.
.
හ්ම් ...කල්පනා ලෝකෙන් එලියට ආපු මම ඔරලෝසුව දිහා බැලුවා
ඕ ශිට්, වෙලාව 8 මම පැයක්ම මගේ නින්ද නැති කරගෙනද එතකොට අර කොල්ලා නිසා
හයියෝ මොනා කරන්නද? මන් ඇදෙන් බැහැලා වොශ් එකක් එහෙම දාගෙන, ටෝස්ට් එකකුත් හදන් කාලා, මේසෙ ලගට ගිහින් වාඩි වෙලා කල්පනා කරන්න පටන් ගත්ත...
.
.
.
.
පැයක් විතර එක එක බලි කුරුටු ඇද ඇද හිටියත් මට හොද කතාවක් හදාගන්න බැරිවුනා...ශිට් මට මගේ වැඩ ගැන සෑහිමකට පත් වෙනකම් හැමතිස්සෙම නොසන්සුන් කමක් දැනුනා
ඒ ඉස්සර ඉදන්ම මගේ හැටි, පුටුවෙන් නැගිටපු මම ජනේලෙ ලගට ගිහින් එහා පැත්තෙ ගෙදරට එබිකම් පාරක් දැම්මේ අර අමුතු කොල්ලා ඉන්නෝද බලන්න
ම්හ්.... ඒකගෙ සලකුණක් වත් නෑනෙ, දොරත් වහලා, ජනෙල් දොරවලුත් වහලා, මේ කට්ටිය කොහෙ හරි ගිහිම්ද
කොහෙ ගියත් මට මොකෝ මන් ආයේ ඉදගෙන වැඩ පටන් ගත්තා ....
.
.
.
.
.
.
මන් අයෙත් සැරයක් ගැස්සිලා ඇහැරුනේ කවුරු හරි දොරට තට්ටු කරන සද්දෙට, දෙයියනේ මට මේසෙ උඩම නින්ද ගිහින්, කෙලින්ම මන් ඔරලෝසුව දිහා බැලුවා, හෑ වෙලාව දවල් 1 යි, කටු කොල ටික ඔක්කොම කෙල වලින් නෑවිලා.
.
ආයෙත් දොරට තට්ටු කරන සද්දෙට පියවි සිහියට ආපු මම ගිහින් දොර ඇරියේ මේ වෙලාවෙ කවුද මාව බලන්න එන්නෙ කියලා හිතමින්...
.
.
දොර ඇරිය මන් දැක්කේ.......
.
.
.
.
.
.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
STAI LEGGENDO
ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺 [Completed]
Fanfiction⭐️මිතුදමට එහා ගිය සහෝදර බැඳීමක්... ⭐️දිදුලන කහ පැහැ නෙත් සඟලක අයිතිකාරයෙක්... ⭐️අහම්බයෙන් මුණගැසුණු ආදරයක්... ⭐️එකිනෙකා ලඟ නොසන්සුන් වූ ආදරණිය හදවත් දෙකක්... ⭐️නොසිතූ විටෙක සියල්ල අවසන් කිරීමට සැරසෙන ආගන්තුකයෙක්... . . . ♥️ THE BOY NEXT DOOR...