chapter 30

478 139 20
                                    

" මිස්ට බෙක්ජේ, ඔයා හදිස්සියේ මෙහෙ මොකද" ෆයිල් එකක් චෙක් කර කර හිටපු මම පියවි සිහියට ආවේ ටේගේ හඩින්

" අහ් ඔයාලට කොහොමද බලන්නයි මම ආවේ, ඒක නෙවේ ජීමින් නැද්ද?" බෙක් ජේ ටේගෙන් ඇහුවා

හෑහ් මෙයා මොකටද මාව හොයන්නේ!!!!



" අර අතන මිස්ට් බෙක්ජේ" ටේ මාව එයට පෙන්නුවා

මාත් ඉතිම් මොනා වුනත් හිනා වෙලා " ගුඩ් මෝනිම් සර"් කියලා කිව්වා

ඇත්තටම මෙයා මොකටද එන්න ඇත්තේ, දැන්ම අනිත් කාටුන් එකේ වැඩ පටන් ගන්නවත්ද,ඒත් ඒකේ ස්ක්‍රිප්ට් එක අර 2 ගෙනේ

" ගුඩ්මෝනිම් ජිමින්, මන් මේ අහන්න ආවේ අද ඩිනර් එකකට යමුද අහන්න ඇත්තටම මට ඔයාට තෑන්ක්ස් කරන්න ඕන්, ඔයාගෙ කාටුන් එක ප්‍රොඩියුස් කරන්න මට ඉද දුන්නට" බෙක්ජේ හිනාවෙලා කිව්වා


මොකක්ද මන් කරන්නේ යනවද නැද්ද යුන්ගිගෙන් අහන්නේ නැතුව කියන්නත් බෑ, මම ටේගේ දිහා බැලුවා, එයා නම් බෙක්ජේට පේන්නෙ නැති වෙන්න ඔලුව වැනුවේ එපා කියන්න වගේ


" අම්ම්, මන් ඔයාට උත්තරය හවසට දුන්නට කමක් නැද්ද, මට මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් අහන්න ඕනි" මන් අන්තිමට හිතට ආපු එක කියලා දැම්මා

" අහ් කැමැත්තක් හැබැයි තනියම එන්න හොදද , ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එනවට අකමැත්තකට නෙවේ,
මන් බුක් කලේ කපල් ටේබල් එකක් ඒකයි, " එකපාරටම මගේ කොන්ඩේ අවුස්සලා එහෙම කියපු එයා ටේටත් හිනාවෙලා එලියට ගියා,



ඒ මොකක්ද ඒ වුනේ

" යා ඒ මිනිහා එන විදිය මට අල්ලන්නේ නෑ චිම්, යන්න නම් එපා, යුන්ගි හයුන් හා කිව්වත් එපා" ටේ පිලිකුලෙන් වගේ කිව්වා


එතෝටම එතනට කඩා පාත් වුනේ, කුකී

" ඒ දැන් ඇවිත් ගියේ බෙක්ජේකාරයා නේද මොකද ඇවිත් තියෙන්නේ " කුකී සීට් එකෙන් වාඩි වෙන ගමන් ඇහුවා

ටේ විස්තරේ එයාට කිව්වා

" මාත් කියන්නේ යන්න එපා කියලා චිම්, දන්නවද මන් අපි එකට වැඩ කරන කාලේ එයා දිහා ඇහැගහගෙන හිටියේ, එයා ඕනවට වඩා ඔයාගේ ඇගේ එල්ලීගෙනමයි හිටියේ, අනික එයාගෙ හැසිරීමත් අමුතුයි" කුකී අමුතු විදියේ බැල්මක් දාන් කිව්වා

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Hikayelerin yaşadığı yer. Şimdi keşfedin