chapter 27♥

504 150 15
                                    

" ඔයා ඔය ඇගම වහගෙන ඉන්නේ දවල් පිච්චුනු පැල්ලම් මට පෙනෙයි කියලද මිස්ට යුන්ගි..?"
මන් ඇහිබමකුත් උස්සලා හරිම  බැරෑරුම් විදියට ඇහුවත් යුන්ගි නෙවේ " හ්ම්..." සද්දයක් දැම්මේ...

මූණත් ජර්සි එකෙන් වහගෙන හොදට මගේ ඇදේ හාන්සි වෙලා , මෙයාට නින්ද ගිහින්වත්ද?

මන් හිමීට ජර්සි එකේ තොප්පිය උස්සලා බැලුවා...
හිතුවා හරියටම හරි, ඔය ඉන්නේ හොදට නිදාගෙන...

නිදාගෙන ඉන්නකොට නම් මාරම කියුට්, අල්ලල මිරිකන්නමයි හිතෙන්නේ, මන් හිමීට් ජර්සි එකේ ශිපර් එක අයින් කරලා යුන්ගිට ඇහැරෙන්නෙ නැති වෙන්න ජර්සි එක ඇගෙන් අයින් කලා...

දෙයියනේ මුලු ඇගම රතු පාට වෙලා, සමහර තැන් දම් පාටයි, මෝඩයා, මොන එහෙකට මහ දවාලෙ ඇවිදින්න ගියාද මන්දා...

මන් හිමීට පහල තට්ටුවට ගියේ ෆස්ට් එයිඩ් එකෙන් ක්‍රීම් එකක් ගෙනත් ගාන්න හිතාගෙන...

ගෙස්ට් රූම් එක පැත්තෙන් ඇහෙන හීනි කෙදිරිලි සද්දෙන් මන් දැනගත්තා අප්ප නම් දැන් හොදටම නිදි කියලා...

හොබී නම් රෑට කාපු ගමන්ම ආයෙත් ගෙදර ගියා හෙට වැඩට යන්න ඕනි නිසා, ඒත් යුන්ගි අප්පට ලොකු බටර් තලියක් ගාලා මෙහෙ නැවතුනා...

අප්පත් ඉතිං හිස්මුදුනෙන්ම එයාගෙ බෑනව තියාගන්න කැමති වුනා, මේ පැය දෙක තුනට එයාලා මාරෙටම ෆිට් වුනා, ඇත්තටම මට දැනුනේ ලොකු සතුටක්...

මන් ක්‍රීම් එක්ත් හොයාගෙන ආයිත් රූම් එකට ගිහිම් දොර ලොක් කරල ඇදෙන් වාඩි වුනා, ඊට පස්සෙ යුන්ගිට ඇහෙරෙන්නෙ නැති වෙන්න, හිමීට මන් එයාගෙ ඇග පුරා ක්‍රීම් එක ගාලා හීමීට අතගාලා ඒවට උඩින් පිම්බා, මන් ටියුබ් එක වහලා ටේබල් ලෑම්ප් එකත් ඕෆ් කරලා යුන්ගිගේ එහ පැත්තෙන් ඇල වුනා...

" කෝ සනීප වෙන්න දෙන කිස් එක..."
එක පාරටම මාව එයාගෙ ඇගට තුරුල් කර ගන්න ගමන් යුන්ගි මගෙ කනට කෙදිරුවා.

" මොකක් ඔයා නිදි නැද්ද.."

" නෑ, මන් නිදි වගේ හිටියේ නැත්නම් ඔයා පුච්ච ගත්‍ත එකට බනින හිංදා..."

" යා මාව අතාරින්න, මේ බලන්න අයියෝ මගෙ ඇගෙත් ක්‍රීම් ගෑවුනා, මෝඩ පූසා..."
මන් බොරු තරහක් අරන් එයාව එහාට තල්ලු කරන ගමන් කිව්වා...

" කිස් කරනකම් එහාට යන්නෙ නෑ..."

" ආපෝ කෝ එන්න... "
මන් එයාව ඇදල අරන් පපුව පුරා මගේ තොල් ගෙනිච්චා...

" දැන්නම් හොදටම සනීපයි... " හරීම වල් බැල්මක් දාන ගමන් යුන්ගි මිමිනුවා.

" හාකො එහෙනම්... "
මන් එයාගෙ ඇගට කකුලක් දාලා එයාට තුරුල් වුනා.
.
.
.
.

" ඉතිං කවුද දවල් හම්බෙන්න ගියේ..? "
.
.
.

" යාලුවෙක්... "
.
.
.
" එයාගෙ නම..? "
.
.
.
" ඇයි ඔය නම කිව්වොත් දන්නවද..? "
.
.
.

" හරි හරි ඉතිං , බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා වුනාම තමන්ගෙ පාට්නර් ගැන හොයන්න සම්පූර්ණ අයිතිය තියනවා... හොදේ... "

" හ්ම්ම්"...

"ඉතිං ඔයා ඇරෙන්න තව වැම්පයර්ලා කොච්චරක් දැනට ඉන්නවද..? "

" ලෝකෙ පුරාම ගත්තොත් නම් දාහක් විතර, ඒත් මෙහෙ නම් දැනට ඉතිරි වෙලා ඉන්නේ 100 විතර... "

" ඉතිං ඔයාද එයාලගෙ කුමාරයා... "

" තාම නෑ, දැනට මගෙ බාප්පා, එයාගෙන් පස්සෙ මම... "

" ආහ් ඉතිං මන් මනුස්සයෙක්නෙ, ඒක ප්‍රශ්නයක් වෙයිද ඔයාට... "

" ම්හ්... එහෙම එකක් නැ, කෝ එන්න නිද ගමු ඔය හෙට වැඩට යන්නත් එපැයි... "
යුන්ගි මාගෙ ඇග උඩට නැගලා මගෙ බෙල්ල අස්සෙන් මූණ ගහගත්තා.

මාත් එයාගෙ කොණ්ඩෙ අස්සෙන් ඇගිලි යවන ගමන් ඇස් පියා ගත්තා ....

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ㄒ卄乇 乃ㄖㄚ 几乇乂ㄒ ᗪㄖㄖ尺                               [Completed] Where stories live. Discover now