තෙවන දිගහැරුම..සහශ්‍රා පහළ මාලයේ සක්මන් කළේ කැළඹුණු සිතින් ය. තම හිතේ තෙරෙපෙන පැනය අසාගත නොහැකිව ඈ ලතවූවාය. එහෙයින් අද ඔහු සමග කෙසේ හෝ කතා කළ යුතු යැයි සිතා ඈ ඔහු එන මඟ බලා සිටියාය .ටයි පටිය ගැටගසමින් පඩිපෙල බහින ඔහු දුටු සහශ්‍රා යලි කැලඹි ගියා ය. ඔහුගේ ටයි පටිය ගැට ගසා දීමේ බොළඳ සිතුවිල්ලෙන් ඈ දැවුනා මිස කිසි දිනෙක එම අදහස ප්‍රකාශ කරන්නට මැළි විය .. ඔහුගේ ඇඳුම් පවා ඔහු සේදීමට පවරා දී තිබුණේ තමාට නොව සිරියානිට යැයි ඇයට සිහිවූයේ සිහි වූයේ එවිටය .
"අයියේ තේ එක."
සහශ්‍රා දේ බන්දේසිය ගෙන ඔහු සමීපයට ළං විය. උදෑසන තේ පානය කිරීමේ පුරුද්දක් ඔහුට තිබුණේ නැත .එහෙත් සහශ්‍රාගේ සුන්දර මුහුණ අඳුරු වේ යැයි බියෙන් ඔහු තේක අතට ගත්තේ මද සිනාවක් පාමින් ය.
" අයියේ, අපෙ අම්මා කතාකරා.."
සහශ්‍රා කතාවට අවතීර්ණ වූයේ එසේය.
"හදිස්සියක්ද?"
සියපත් පුදුමයෙන් ඇසුවේය.
" ගෙදර එන්න කවද්ද කියලා ඇහුවා.. දැන් අහලත් සතියක් විතර වෙනවා.."
ඔහුගේ ප්‍රතිචාරය කෙසේ වේ දැයි දැන ගැනීමේ ඇයට අවශ්‍ය විය." ඔයා සිරියානි එක්ක යන්න මං හවසට ඒ පැත්තේ එන්නම්.."
තේ බඳුන බන්දේසි මත තබා ඔහු කීවේ එපමණකි .සහශ්‍රාට සුසුමක් පිට විය .ඔහු නොමැතිව හා හා පුරා ඇයට හුදකලාවම නිවසට යා නොහැකිය. නමුත් ඇය ඔහුට කිසිවක් ප්‍රකාශ කළේ නැත.
ඔහු නිවසින් පිටව ගිය පසු යළි සහශ්‍රා නිවස තුළ හුදෙකලා විය. ඈ පාළුව මකා දැමීම පිණිස රූපවාහිනිය ක්‍රියාත්මක කලා ය. ඒ මොහොතේ විකාශනය වෙමින් තිබුණේ හින්දි චිත්‍රපටියක ප්‍රේම ජවනිකාවකි. නිවසේ සිටි කාලයේ පවා ඈ චිත්‍රපටි දෙක තුනකට වඩා නරඹා තිබුණේ නැත .එහෙයින් ඈ මේ චිත්‍රපටය නැරඹීමට අසුන් ගත්තේ ප්‍රීතියෙන් ය. චිත්‍රපටයේ රංගන නළුවා කඩවසම් යැයි ඇයට සිතුනි. සහශ්‍රා ඔහුගේ නම ගැන දැන උන්නේ නැත .ඔහු දඟකාරයෙක් බව ඇයට පෙනුණේ ඔහු පෙම්වතිය සමඟ රඟ දක්වමින් තිබූ ජවනිකාව දෙස බලමින් ය .එක්වරම ඔහු තම ප්‍රේමවන්තියගෙ දෙතොල් සිප ගත්තේ ය. ඇයට දැනුණේ නොසන්සුන් බවකි. ඒ නළුවා සිප ගත්තේ නිළිය නොව තමාව යැයි හැඟෙන පරිදි සහශ්‍රා නොසන්සුන් වී සිටියා ය. තමා සියපත්ගේ පතිනිය වී මාසයක් ඉක්ම ගියත් තවමත් ඔහුගෙන් ආදරනීය හාදුවක් ලබා නොතිබූ බව ඇයට සිහිවිය .අඩුම තරමේ එකදු ආදරණීය බැල්මක්වත් ඈ ලබා තිබුණේ නැත. සියපත් තමා දෙස බලා සිටියේ අනුකම්පාවෙන් පිරුණු දෑසින් මිස ආදරයෙන් නිවන බව මේ වනවිට ඇය අවබෝද කර ගනිමින් උන්නා ය.
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Romanceමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්‍රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...