💕කුමරි නුඹ නාඬන්💕05

520 55 13
                                    

💕 කුමරි නුඹ නාඬන්.. 💕

පස්වන දිගහැරුම

පොඩි පුතු පැමිණෙන දින ලොකු පුතු මෙන්ම ලේලිව ද මහ ගෙදරට ගෙන්වා ගැනීමට රත්වත්තට අවශ්‍ය විය. එහෙත් සියපත් කාර්ය බහුල බව පවසමින් නොපැමිණන බව දන්වා සිටියත් සහශ්‍රාව හෝ එවන ලෙස රත්වත්තේ  අණ කළේ ය. පියාගේ මතයට විරුද්ධ විය නොහැකි වූ සියපත් අකමැත්තෙන් වුවද බිරිඳ ව මහ ගෙදරට යැව්වේ ය .

"දූ එන්නැද්ද එයාපෝට් යන්න?. " තවමත් සූදානම් වී නොසිටි ලේලිය දෙස බලා රත්වත්තේ ඇසුවේ ය.

"බෑ තාත්තා ..මං ගෙදර ඉන්නම්.. කේසර අයියා ආවාව මොනවා හරි බීම එකක් දෙන්න මං ඉන්න එපෑ ය.." සහශ්‍රා  කීවාය .

" ඔව් ඒකත් ඇත්ත. ඔයා ඉන්නකො එහෙනම් . සිරියානිත් හදිස්සියෙම ගියා නෙ දුවට දරුවා ලැබිලා කියලා බලන්න.."

මහා මන්දිරය තුළ තනිව රැඳෙන දැන් සහශ්‍රාට බියක් තිබුණේ නැත .නීති පොතට පමණක් සීමා වූ තිබූ මේ විවාහ ජීවිතයට ඈ දැන් පුරුදු වී සිටියාය. ගැහැනිය  මහා පොළොව සේ සියල්ල දරා ගත යුතු අයකු බව අසා තිබුණි .නමුදු ඈ නෑ උන්නේ  සතුටින් නම් නොවේ . ඇයට මේ ඒකාකාරි කටුක විවාහ ජීවිතය නීරස වී තිබුණි . ඔහු අවම වශයෙන් තමාට ආලය කරන්නේ නම් සියලු දුක් උසුලමින් වුවත් ඒ මන්දිරය තුළ රැඳෙන්නට සැදී පැහැදී සිටියාය . නමුදු ඈ බලාපොරොත්තු කිසිවක් ඇයට ලැබුනේ නැත. ස්වාමිපුරුෂයාගේ ආදරේ,කරුණාව,  දයාව ආදී මානුෂික අවශ්‍යතා හැරෙන්නට අනෙක් සියලු භෞතික සම්පත් අඩුවක් නොමැතිව ඇයට එම මන්දිරය තුළින් ලැබුණි.කල්පනා සයුරේ නියෙලෙමින් සිටි සහශ්‍රා එකවර තිසැස්සී අවදිවූයේ සීනුව නාදවන හඬින් ය. සියපත් අවසාන මොහොතේ හෝ පැමිණ ඇතැයි යන අපේක්ෂාවෙන් සහශ්‍රා දොර විවෘත කළේ සතුටින් ය .

මව්බිමට පය තැබූ මොහොතේ සිට ම කේසරට දැනුනේ පුදුමාකාර සතුටකි..සැනසීමකි .ලෝකයේ කොයි හතර දිබ්බාගයේ කරක් ගැසුවද තම මව්බිම තරම් සුන්දර තැනක් මිහිපිට නැතැයි කේසරට සිතුනි. කේසර වේගයෙන් හුස්මක් ඉහලට ඇදගෙන ළය පුරවා  ගත්තේ ඒ දැනුනු දේශාභිමානි හැගීමෙන් ය. දෙමාපියන් තමා අපේක්ශාවෙන් ගුවන් තොටුපොළට පැමිනෙන ඇති බව ඔහු දන්නේ ය. ඔහුගේ මුහුනේ මතු වුයේ දඟකාර සිනාවකි. ඔහු තම පිරිස මගහැර ටැක්සියකට කතාකළේ ඒ දඟකර සිනාවත් පෙරටු කරමින් ය.

💕 කුමරි නුඹ නාඬන්..💕Where stories live. Discover now