පහළොස් වැනි කොටසශ්රියානි නිවසට පැමිණියේ ඇදහිය නොහැකි දෙයක් දුටුවා සේ බිරාන්ත වීගෙන ය. ඇයගෙ සිතේ ඇති වී තිබූ කුතුහලය ප්රත්යක්ෂ කරගැනීමට ක්රමයක් නොමැති වීමෙන් ඈ අපමණ සංතාපයට පත් වී සිටියා ය. ඈ සඳලුතලයේ එහෙ මෙහෙ ඇවිදිමින් තමා ඇසින් දුටු දර්ශනයේ අරුත කුමකද්ද යන්න සිතමින් උන්නා ය . සදලුතලයේ කලබලයෙන් සක්මක් කරමින් උන් සිය බිරිඳ සමීපයට රත්වත්තේ පැමිණියේ ය.
" හෙට වෙද්දී දරුවට සිහිය එවී..."
රත්වත්තේ කීවේ ඈ සංතාපයෙන් පසු වන්නේ සහශ්රා සිහිසුන්ව සිටි නිසාවෙන් යැයි සිතු නිසා ය. ඇය හිස සලා අනුමත කරා පමනි. සිය බිරිද කිසිත් ප්රකාශ නොකල හෙයින් රත්වත්තේ ආපපු හැරුනේ පහළ මාලයට යාමට ය. ඇයට සිය ස්වාමිපුරුෂයා සමග සියල්ල කීමට අවැසි විය. එහෙයින් ඈ හඩ අවදි කලා ය.
" පොඩ්ඩක් හිටියා නම්.." ඇගේ ඒ හඩේ තිබූ ස්වාභාවයට රත්වත්තේ නැවතුනේ කුතුහලයෙන් ය.
" මං හොස්පිටල් එකේදි සියපත්ව දැක්කා අර ගෑනි එක්ක ඉන්නවා.."
" අර ගෑනි කිව්වෙ.." රත්වත්තේ පුදුමයෙන් ඇසුවේ ය.
" වෙන කවුද ඉතින් අර අනාත මඩමේ ගෑනි.. අර ඒ කාලේ.." ශ්රියානි අතරමග නවතා ගත්තේ අතීතය පිලිබද කතා කිරීමට ද ඇයට රිසියක් නොවූ බැවින් ය. රත්වත්තේ දෑස් කුඩා කර ගත්තේ ය.
" ළමයෙක් ලැබෙන්න වගේ හිටියේ.." ශ්රියානි තව දුරටත් විස්තර කරමින් සිටියා ය.
" ආ..එහෙමද?... ඕකට ඉතින් කලබල වෙන්න ඕනිද..?" රත්වත්තේ සැනසුම් සුසුනක් හෙළමින් කීවේ ය.
" ඒ කෙල්ලත් දැන් බැදලා ඒනම්.. අහම්බෙන් හම්බෙලා කතා කරන්නැති.. එච්චර හිතන්න දෙයක් නෑ නෙ.."
රත්වත්තේ කීවේ ය.නමුදු ශ්රියානිගෙ සිත නොසන්සුන් වී තිබුනි. එහෙත් පවතින වාතාවරණය මත ඇය එම ගැටලුව වැඩිදුර ගෙන යාමට නොසිතා රත්වත්තේ ලෙස සැහැල්ලුවෙන් සිතන්නට විය. නමුදු ඔවුන්ගේ සිතුවිලි උඩු යටිකුරු කරමින් සිදුවූයේ කුමද්ද?
❤️ ❤️ ❤️ ❤️
පාටපාට සිහින ලෝක තුල ඔහේ මංමුලා වී සිටි සහශ්රා දින දෙකකට පසු සෙමෙන් දෑස් විවර කලේ හුරු පුරුදු පහසක් හිසට දැනෙද්දී ය. ඉහල කැරකෙමින් තිබූ විදුලි පංකාව සහශ්රාගෙ බොදවූ දෙනෙතට පළමුව හසුවිය. සතර වටින්ම සුදුපාට ගැන්වූ බිත්ති සහිත කුඩා කාමරයක තමා උන් වගක් ඇයට දැක ගත හැකි විය. කොල පාට තිර රෙදිවලින් වීදුරු ජනේලය ආවරනය කර ඇති අයුරු ඇයට පෙනුනි. මැනිකේ කඳුලු පිරි දෙනෙතින් සහශ්රාගෙ හිස අතගාමින් සිටියා ය.
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Любовные романыමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...