💕කුමරි නුඹ නාඬන් 💕 01

1.1K 65 30
                                    

01 දිගහැරුම

බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං ගිරිමේඛලං උදිත ඝෝර සසේන මාරං දානාදි ධම්ම විධිනා ජිතවා  මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි ...

කුඩා දැරියන්ගේ මධුර ජයමංගල ගී නාදය මුළු හෝටල් භූමිය පුරාම රැව් පිළිරැව් දුන්නේ ය.පෝරුවෙ සිට ආශිර්වාද ලබමින් සිටි යුවතියගේ සිත පුරාම පැතිර තිබුණේ අපූරු ප්‍රීතියකි. අද තම දිවියේ අතිශයම සුන්දර දිනයක් ඇයට සිතුණි .තමාගේ දකුණු පසින් පෝරුමස්තකව  සිටි  තරුණයා දෙස ඈ යටැසින් බැලුවාය . තවමත් නිසියාකාරව  ඔහුගේ මුව දෙස සෘජුව බැලීමට නොහැකි විලියෙන් ඈ ඇඹරුනා ය. එහෙයින් පෝරුව මත හිස් බැල්මෙන් බලා සුසුම්ලන ඔහුගේ මලානික මුහුණ යුවතීයගෙ දෙනෙතට තවමත් හසු වූයේ නැත . යුවතියගේ දෑස් යොමු වී තිබුණේ තම දෙමව්පියන්ගේ ප්‍රීතිමත් මුව කමල දෙසය. ඔවුන්ගේ සතුටු සිනාව දුටු ඈ සැබැවින්ම ප්‍රීතියට පත් වූවාය .

" දැන් මනාල ජෝඩුව පෝරුවෙන් බහිමු කො "

කපු මහතාගේ හඬින් තිගැස්සී ගිය ඔහු අතරමං වූ සිතුවිලි දහසක් අතරින් එකවර  නින්දෙන් අවදි වූවෙකු සේ එකවර  පෝරුවෙන් බැස්සේය. ඒ මොහොතේ පොල් ගෙඩියට පහරදුන් පුද්ගලයාගේ එල්ලේ වැරදී ගිය නිසා යළි ඔහුට පහර දීමට සිදු විය . දෙවන වර පොල් ගෙඩිය බිඳී ගියමුත් නිසි ඉදිරි දෙබෑ වූයේ නැත. ඒ දුටු මනමාලියේ ගේ මව වූ මැණිකේගේ සිතේ ඇති වූයේ නොරිස්සුමකි.

" ඒකවත් හරියට බිඳ ගන්න බෑනෙ ඒ මිනිහට... ගෑණියෙක්ට දුන්න නම් එක පාරයි.."

මැණිකෙ යටපත් කරගත් කෝපයයෙන් තමා අසල සිටි සැමියා වූ වික්‍රමසිංහට කීවාය .ගතානුගතික අදහස් දරන තම බිරිඳ පිළිබඳ වික්‍රමසිංහ දැන සිටියේය. ඔහු මන්දස්මිතයක් මවා තම බිරිඳ දෙස බැලුවේය.

" මැණිකේ මොකටද හිත නරක් කර ගන්නේ ??..ඕක බිඳුන් නෑ කියලා මගේ කෙල්ලගේ පවුල් ජීවිතය අවුල් වෙනවා ද?.. ඕවා බොරු කතා..." වික්‍රමසිංහ තම බිරිඳ අස්වැසුවේ එසේය .

වලව්කාර පෙළපතකට උරුමකම් සහිත වික්‍රමසිංහ ගේ බාල දියණිය සහශ්‍රා දිව්‍යාංජලී වික්‍රමසිංහ හා ධනවත් ව්‍යාපාරික  රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුතු සියපත් කුමුදිත රත්වත්ත නම් තරුණයාගේ අතගත් ඒ සොඳුරු මොහොතේ සතුට සැමරීමට අතිවිශාල ධනපතීන් රැසක් ඒ සුවිශාල මන්දිරයට එක්රැස් වී උන්හ .

💕 කුමරි නුඹ නාඬන්..💕Where stories live. Discover now