💕 කුමරි නුඹ නාඬන්... 💕 19

447 46 12
                                    


දහනව වන කොටස

සහශ්‍රා දෑස් සෙමින් විවර කලා ය . ඈ දුටුවේ තම නිවසේ හුරු පුරුදු සිය කාමරයි.  තරුණියගේ දෑත ගෙන තරුණයෙකු මල් මාවතේ ගමන් ගන්නා චායාරූපය දෙස සහශ්‍රා හිස් බැල්මෙන් බලා උන්නා ය . මීට අවුරුදු කිහිපයකට තමා විසින් ඒ චායාරූපය බිත්තියේ එල්ලූ අයුරු ඇයට සිහිවිය. සහශ්‍රාගෙ දුරකතනය නාද වන්නට වූයේ ඒ අතරතුර ය . සහශ්‍රා දුරකතනය අතට ගෙන තිරය දෙස නෙත් යොමු කලා ය. ඇය වේගවත් හුස්මක් ගෙන දුරකතනයට සම්බන්ද වූවා ය.

"සහශ්‍රා .. " එහා ඉමෙන් ඇසුනු කේසරගෙ හඬින් සහශ්‍රා තිගැස්සී ගියා ය.

" ඇ..ඇයි ඔයා කිව්වෙ නැත්තෙ.. " කේසර විමසුවේ ය.

" මො..මොකද්ද?.." සහශ්‍රා විමතියෙන් විමසුවා ය.

" ඔයා..ඔයා ප්‍රෙග්නට් කියලා.. " කේසර විමසද්දී සහශ්‍රා තදින් හුස්මක් ගත්තා ය.

" ඇ..ඇයි ම.. මං ඔයාට ඒක කියන්න ඕනි.. " සහශ්‍රා ඔහුගෙන් විමසුවා ය. ඒ උපහාසාත්මක වදන්වලින් කේසර වේදනාවට පත් විය.

" මට දැන ගන්න ඕනි.." කේසර සහශ්‍රාගෙන් ඇසුවේ දැඩි හඬින් ය.

" මොකද්ද?.. " සහශ්‍රා දෑස් කුඩා කර ඔහුට සවන් යොමු කලා ය.

" දරුවා කාගෙද කියලා.. " කේසර දැඩි හඬින් විමසුවේ ය .

සහශ්‍රා තොල් සපා ගත්තේ ආයාසයෙන් ය. ඈ වේගයෙන්  හුස්ම ගත්තා ය. සහශ්‍රාගෙ දෙනෙතට කඳුලු පිරීමට වැඩි වේලා ගත නොවී ය .

" ද..දරුවා මගෙ නේද?.." කේසර අපමණ විශ්වාසයෙන් විමසුවේ ය.

සහශ්‍රා මුනිවත රැක්කා පමනි.  ඒ නිහැඩියාව කේසරගෙ සිත තව තවත් කුතුහලයෙන් පිරී ඉතිරී ගියේ ය.සහශ්‍රා ඔහුට කතා කිරීමට උත්සහ කලා පමනි. මැකිනේ කාමරයට කඩා පැන්නා ය.

" කවුද දැන් කතා කරන්නේ ඔය.." මැනිකේ දෑස් කුඩා කර විමසුවා ය.

" කේ..කේසර.." මවගේ හඬේ තිබූ දැඩි බවට සහශ්‍රාට කියවිනි.

" දැන් මොකටද උන් එක්ක කතා කරන්නේ.. ආයෙ ඔය පවුලේ කිසිම එකෙක් එක්ක කිසිම සම්බන්දතාවයක් නෑ අපිට.."

💕 කුමරි නුඹ නාඬන්..💕Where stories live. Discover now