දා හතවැනි කොටසකේසරගේ මුලු සිත ම අවුල් වී තිබුනි. සහශ්‍රා තවත් සියපත් වෙනුවෙන් පාරමී පුරනුයේ මන්දැයි ඔහුට නොවැටහුනි. සියපත් වුවත් වෙනදාට වඩා සහශ්‍රා පිලිබද සොයා බලා ඇගේ කටයුතු යුහුසුලුව කරන වගක් කේසරට ද පෙනුනි. සැබවින් ම සිය සොයුරාගෙ දෙබිඩි ජීවිතයේ අරුත කුමක්දැයි කේසරට තවම සිතා ගත නොහැකි විය .
සහශ්‍රා කිහිලුකරු ආධාරයෙන් මිදුල පුරා ඇවිදින අයුරු කේසර බලා සිටියේ සතුටින් ය. තෙමසක් වැනි කෙටි කලක් ඇතුලත ඇය එසේ හෝ පා තැබීම භාග්‍යයක් යැයි කේසරට සිතුනි. කේසරට සහශ්‍රා සමග නිදහසේ කතා බස් කිරීමට දැඩි උවමනාවක් තිබුනි. නමුදු ඇය ඉහළමාලයේ ම කාලය ගෙවූ නිසා ඇය හමුවිමට යාමට කේසර අදිමදි කරමින් සිටියේ ය.
විටින් විට ඇගේ යෙහෙලියන් පැමින ඇයගේ සුව දුක් විමසා බලා යන්නට අමතක නොකලේ ය. එසේ ම සහශ්‍රා සිය දෙමාපියන්ගේ නිවසේ රැදී සිටි දෙසතිය කේසරට නම් දැනුනේ කල්පයක් ලෙසට ය. නමුදු දෙසතිය නිමවී යලි ඈ නිවසට පැමිණි පසු ඔහුට දැනුනේ අපමණ ප්‍රීතියකි . කතා බස් කිරීමට නොහැකි වුවත් ඈ දෑස් මානයේ හෝ සිටීම ඔහුට ගෙන ආවෙ සැනසීමකි.
" සහශ්‍රා .."
සාලයේ පුටු සැටිය මත හිඳ රූපවානිය නරඹමින් සිටි සහශ්‍රා දැක කේසර හඬ අවදි කලේ ය. ඇය සමග කතා බස් කිරීමට සුදුසු අවස්තාවක් සොයමින් සිටි කේසරට ඈ හුදකලා ම මෙසේ රැදී සිටිනු දැකීම ම ප්‍රීතියට කරුණක් විය.
" කේ..කේසර.." සහශ්‍රාගෙ දෑස් දිලිසුනි.
කේසර ඈ උන් අසල සැටිය මත අනෙක් කෙලවරේ ඇයට මදක් ඈතින් හිද ගත්තේ ය. සහශ්‍රාට සුසුමක් පිට විය. ඔහුගේ ඒ හැසිරීම ඇයගේ සිතට එක්කලේ වේදනාවකි.
"ඔයා ඉස්සර වගේ නැත්තේ දැන් මං අබ්බගාත නිසා වෙන්න ඇති නේ.. "
සහශ්‍රා පොල්ලෙන් ගැසූ පරිදි වදන්වලින් පහර එල්ල කරද්දි ඔහු තිගැස්සී ගියේ ය. ඇයගේ ඒ වදන් ඊයම් බරුවක් සේ ඔහුගේ ලය තුල කිදා බැස්සේ වේදනාවෙන් ය. ඔහු වහා සහශ්‍රාගෙ සමීපයටම පැමිණ දෑත තද කර අල්ලා ගත්තේ ය.
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Romansමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...