එකොළොස් වන කොටස"නෝනේ..තේ ගෙනාවා..දොර අරින්නකො.."
සහශ්‍රා තිගැස්සී අවදි වූයේ සිරියානි නොනවත්තාම දොරට තට්ටු කරන හඬ ඇසීමත් සමඟ ය. තමා වැළදගෙන සුවනින්දේ උන් කේසර දුටු සහශ්‍රාට පසුදින රාත්‍රියේ සිදුවීම් සියල්ල චිත්‍රපටියක රූපරාමු පෙළක් සේ මතකයට නැගුනි.
" නෝනේ..තාම නිදිද?.. දැන් අටත් පහු වෙලා නෙ.." සිරියානි යලිත් දොරට තට්ටු කරන හඬ ඇසුනි.
සහශ්‍රා කේසරගෙන් මිදී වහා ඇද කෙලවර පොඩි වී තිබූ නිදන ඇදුම ඇදගත්තේ කලබලෙන් ය. සිරියානිගෙ හඩටත්, සහශ්රාගෙ හදිසි ඉවත්ව යාමත් නිසා කේරස තිගැස්සී අවදි විය. සහශ්‍රා කේසරට ශබ්ද නොකරන ලෙස අතින් සන් කොට දොර අඩක් විවර කලා ය. හිසත් අවුල් වී, පොඩි වී ගිය නිදන ඇදුමින් සිටින තම ස්වාමිදුව දුටු සිරියානි මදක් විමතියෙන් ඈ දෙස බැලුවා ය.
" සියපත් බේබි ආවද නෝනේ.." සිරියානි විමසුවේ කුතුහලයෙන් ය.
" ආ..නෑ..එයා අද එන්නෑ.. " සහශ්‍රා වදන් ගොනු කලේ අපහසුවෙන් ය.
" මං මේ කේසර බේබිගෙ රූම් එකටත් ගියා තේක දෙන්න...දොර ඇරල දාලා කොහේ ගීන්ද මන්දා.." සිරියානි එසේ පවසද්දි සහශ්‍රා තිගැස්සී ගියා ය.
" ජොගින් කරන්න යන්න ඇති සිරි අම්මේ.."
සහශ්‍රා තේ බදුන ගෙන දොර වසා දමා සුසුමක් හෙලුවා ය. සහශ්‍රා දොරටම පිට දී මොහොතක් කල්පනා කලා ය. ඇයගේ සිතට දැනුනේ වේදනාවකි..පසුතැවිල්ලකි. තමා සියපත්ට ද්‍රෝහි වූවා යන හැගීමෙන් ඈ දැවී ගියා ය. පෙරදින සියපත් පිලිබඳ ඇති වූ ක්ශනික කෝපය නිසා කේසරට ලං වුවත් මේ මොහොතේ ඇගේ සිතට දැනුනේ දැඩි පරාජිතබවකි. ඇය දෑතින් ම හිස බදා ගත්තා ය. ඇයට කේසර කෙරෙහි ද උපන්නේ සියුම් කෝපයකි. ඔහු අවස්තාවෙන් ප්‍රයෝජන ගත්තා නොවේද යන සිතුවිල්ලෙන් ඇගේ මුලු හදවත ම වෙලා ගත්තේ ය.
සහශ්රාගෙ සිතේ පසුතැවිල්ලක් ඇති වූයේ යම්සේ ද ඒ හා සමාන පසුතැවිලික් ම කේසරගේ සිතේද ඉපිද තිබුනි. ඈ තම සොයුරාගෙ බිරිඳ යන සිතුවිල්ල හැගෙත්ම ඔහුගෙ සිත වේදනාවෙන් මිරිකී ගියේ ය. ඔහුගේ සොයුරාගේ පතිනිය සමග ඔවුන්ගේ ම යුගල ඇදේ ඈ සමග ගෙවූ රාත්‍රිය පිලිබද කේසර අපමණ සන්තාපයට පත් වූවේ ය. ඔහු හිස් බැල්මෙන් ඒ යුගල යහනාව දෙස නෙත් යොමු කලේ ය. එකවර ඔහු දුටු දසුනින් ඔහුගේ සියොළග ම ගිනියම් වී ගියේ ය.
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Romanceමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්‍රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...