නවවන කොටසමිතුරාගේ නිවසින් පිටවූ කේසර යළි නිවසට පැමිණියේ බිඳුනු සිතින් ය. තම නිවස ඉදිරිපිට නවතා තිබූ සොයුරාගේ සුදු පැහැති කාර්ය දුටු ඔහුගේ සිතට ක්ෂණික සතුටක් ඇති විය ඇතිවිය .ඒ සහශ්‍රා නිවසට පැමිණ ඇති බව ඔහුට අවබෝධ වූ නිසා ය . සමීපයට ගෙන ආදරෙන් සිප සනසන්නට නොහැකි වුව ද ඇස ගැටෙන මානයක හෝ ඇගේ රුව දර්ශනය වීම භාග්‍යයක් යැයි ඔහුට සිතුණි . සිය සොයුරාගේ රුව දර්ශනය වීමත් සමග ඔහුගේ සිතිවිලි යලි විසිර ගියේය . සොයුරා තමාට වෛර කරනුවේ අංජානාගේ කරුණක් අරඹයා වුවද දැන් දැන් ඔහුගේ සිතට දැනෙන්නේ සැබෑවටම වරදකාරී බවක් පමනි. ඒ නිසා ම ඔහු සොයුරා දැක්කද නොදුටුවා සේ කාමරයට යන්නට උත්සහ දැරුවේ ය. සියපත් වහාම කේසරගෙ දකුණතින් අල්ලා ගත්තේ ය.
" සොරි බන්.."
සියපත්ගේ හඬේ තිබුනේ පසුතැවිලි ස්වාභාවයකි. කේසරට දැනුනේ විමතියකි. ඔහු නිහඩවම උන්නා පමනි.
" ඇයි උඹ මට කිව්වෙ නැත්තේ, උඹ නෙමේයි යාලුවා කියලා...හ්ම්ම්...??"
කේසර යම් දෙයක් කීමට උත්සහ දැරුවද සහශ්‍රා අසල උන් නිසා ඔහු පැනය මගදි නවතා කේසරව වැලද ගත්තේ ය. කේසරට එකවරම දනුජය පෑවසූ වදන් සිහි විය. කේසරට සියල්ල වැටහුනේ ඉන් පසුව ය. කේසර ද සහෝදර ප්‍රේමයෙන් තම වැඩිමල් සොයුරා සිප ගත්තේ ය. අවුරුදු පහක් පුරාවට අනවබෝදයෙන් ඇති වී තිබූ වෛරය එසේ අවසන් විය. නමුදු එම වෛරී ගිනි දලු යලි ඇවිලෙමින් දෙසොහොයුරන් පුලුස්සා දැමීමට වෙර දරමින් උන් බව සියපත් දැන උන්නේ නැත. මන්ද තවමත් ඒ ගිනි පුපුරු කේසරගේ සිතේ පමනක් ඇවිලෙමින් පැවතුනි.
" අනුන්ගෙ ගෑනු පස්සෙ යන්න තරම් උඹ ජරා සතෙක් නෙමෙයි කියල මං දන්නවා බන්.. " සියපත් කනට කොදුරමින් සැබෑවටම එසේ පැවසුවද කේසරට එය දැනුනේ ඔහු තමාට කල සමච්චලයක් විලස ය. දෙසොහොයුරන් දෙස නෙත ගැටෙන මානයේ සිට බලා සිටින සහශ්රාගෙ රැව කේසර දුටුවේ ය.ඔහුට සුසුමක් පිටවිය.
සහශ්‍රා කේසර දෙසත් සියපත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ සංවේගයෙනි. සියල්ල සන්සුන් ය. සියල්ල සාමකාමිව ය. නමුදු අලුයට පවතින් ගිනිදැල් තවමත් පුපුරු ගසමින් කේසරගෙත් සහශ්රාගෙත් සිත්වල නිදන්ගතව තිබුනි. නමුදු සියල්ල නිහඩය . ඒ නිහඩතාව කොටියා ගොදුරකට පනින්නට පෙර ඇතිවන නිහඩතාවයක් බව කිසිවෙකුට දැනුනේ නැත. කේසර දුටු සහශ්රාගෙ සිතට ඇතිවන ආගන්තුක හැගීම කුමද්දයන්න තවමත් නිර්ණය කල නොහැකි විය. ඇගේ සිත දෙදෙනා අතර දෝලනය වූවා යැයි කීවද එය මුසාවක් නොවෙ.. ඒ තරමට ම ඈ සිතුවිලි අතර අතරමං ව උන්නා ය. ඇයට කේසරගෙ වදන් හා හැසිරීම් රටාවන් සිහිපත් වූයේ නිරායාසයෙන්ය .
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Romanceමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්‍රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...