අටවන දිගහැරුම
සහශ්රාගෙ වදන්වලින් සිරියානි තිගැස්සී ගියා ය. සියපත් විශයෙහි එවැනි අතිශය බයංකර වදන් පෙලක් ඈ ඇසීමට බලාපොරොත්තු නොවුවා ය. තම ස්වාමියාගෙ තැන්පත් ගතිගුණ ගැන කුඩාකල සිටම අවබෝධයෙන් සිටි සිරියානි සහශ්රාගෙ වදන් එකවර පිලිගැනීමට පසුබට වූවා ය. සහශ්රා හඩා වැටෙමින් ආගන්තුක ස්ත්රිය පිලිබද තවදුරටත් වදන් ගොනු කලා ය. නමුදු ඒ සියලු වදන් එක හෙලා පිලිගැනීමට සිරියානි අකමැති වූවා ය.
" අදුරන්නෙ නැති ගෑනියෙක් කතා කරලා ඔහොම දෙයක් කිව්ව පලියට තමන්ගේ ස්වාමිපුරුෂයව සැක කරන එක හොද දෙයක් නෙමෙයි නෝනේ.. අනෙක සියපත් බේබිව මං දන්නේ පොඩිකාලේ ඉදලමයි... ගෙදර අයගෙ වචනෙට පිටින් කිසිදෙයක් කරන දරුවෙක් නෙමේ.." සිරියානි තම ස්වාමි පුත්රයා පිලිබද විස්තර කරේ එසේ ය.
" ඔව් ඔව්.. සිරියම්මා දන්න ටික තමා.. හැමදාම ෆෝන් එකේ ඉල්ලි එල්ලි කතා කරනවා ඇත්තේ ඔය ගෑනි එක්ක තමා.. මං කොච්චර මෝඩ හරකියෙක් ද..?"
සහශ්රා කෝපයත් දුකත් කලවම් කර ගනිමින් හඩ නඟා කීවා ය. සිරියානි නිශ්ශබ්ද වූවා ය. ඔහු දුරකතනය හරහා බොහෝ වෙලා කිසිවෙකු සමග කතා කරන් අවස්තා සිරියානි පවා දැක තිබූ බව ඇයට සිහි විය.
" වෙන සම්බන්දයක් නැත්තම් මොකටද මට හොරෙන් තව ෆෝන් එකක් පාවිච්චි කරන්නේ.. අද ගෙදර දාලා ගිය නිසා මං දැන ගත්තා.. නැත්තම් මං..නැත්තම් ....ම..මගෙ මොකද්ද අඩුපාඩුව..?." සහශ්රාට කතාකර ගත නොහැකි විය .ඈ දිගටම හැඩුවා ය.
" කලබල වෙන්න එපා නෝනේ..තව ටිකක් ඉවසන්න... මගෙ හිත නම් කියන්නේ ඔය කවුරු හරි ගෑනු කෙනෙක් විහිළුවට කරපු දෙයක් කියල..සියපත් කියන්නෙ එහෙම දකින දකින ගෑනු ලගට යන කෙනෙක් නෙමේ.." සිරියානි නැවත කීවා ය.
" සිරියම්මටත් ලොකු එයාව තමා.. මගෙ දුක කාටවත් තේරෙන් නැ.." සහශ්රා වේදනාවෙන් උඩුමහලට පියවර මැන්නා ය.
සහශ්රා සයනය බදාගත්තේ කලකිරීමෙන් ය. ඈ සියපත්ට ඇමතුම් ගත්තද දුරකතනය ක්රියා විරහිත වී තිබුනි..තම දුක බෙදාගැනීමට කිසිවෙක් හෝ සිටින්නේ නම් මැනවැයි ඈට සිතුනි. ඈ වහා තම මිතුරිය වූ දනූජි ඇමතුවේ ඒ නිසා ය . දනූජි සුලු වේලාවකින් දුරකතනය ඇමතුමට සම්බන්ද වූවා ය.
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Lãng mạnමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...