දහතුන්වැනි කොටසකේසර සුපුරුදු පරිදි උදෑසනම සහශ්රා සොයා පැමිණියේ වාහන ධාවන පුහුණුව සඳහා ඇයව රැගෙන යාමට ය. සහශ්රාට වාහන ධාවනව කිරීමේ ආශාව කේසරට පැවසූ දිනය ඔහුට සිහිවිය.
" මටත් ආසයි ඩ්රයිව් කරන්න.." වාහනය ගියරය එහෙ මෙහෙට කරකවමින් රිය හසුරුවන කේසරගේ දෑත් දෙස ආශාවෙන් බලමින් සහශ්රා කීවා ය.
" ඉතින් මේ ගෙදර ඕන තරම් වාහන තියෙන්නෙ.. ඕන වෙලාවක අරන් ඕන තැනකට යන්න පුළුවන් නෙ කෙල්ලේ.." කේසර කීවේ ඇගේ වත දෙස හැරී බලමින් ය.
" තටු තිබුනට වැඩක් තියේද කේසර පියාඹන්න බැරි නම්.." සහශ්රා වේදනාවෙන් සුසුමක් හෙලුවා ය. කේසර ඈ දෙස බැලුවේ සංවේගයෙන් ය.
" මං ඔයාට පියාඹන්න පුරුදු කරන්නම්.. පස්සෙ ඔයාට පුලුවන් නේ ඔයා කැමති තැනකට ඉගිලිලා යන්න ...."
කේසර ඇගේ දකුනත අල්ලාගෙන කීවේ ආදරණීය හඩින් ය. සහශ්රාගෙ මුවට සුන්දර සිනාවක් ආරෝප විය. අවිහිංසක ලෙස සිනාසෙන ඒ රුවැත්තිය දෙස කේසර මොහොතක් බලා සිටියේ වශී වී ගිය දෙනෙතින් ය.
" ඉස්සරහ බලන් ඩ්රයිව් කරන්න.."
සහශ්රා කෝල හඩින් කියද්දී කේසර ලැජ්ජාවෙන් ඇයගෙ මුවින් තම දෑස් ඉවත්කර ගත්තේ ය.මොහොතක් යන තුරු ඔවුන් අතර නිහඩතාවයක් උපන්නේ ය. ඒ නිහඩතාවය දුරු වූයේ වාහනයයේ ක්රියාත්මක වෙමින් තිබුනු සින්දුවක් නිසා ය. කේසර ද තාලයට එහි පද මුමුණමින් සිටියේ ය.
මල් පෙරහැර එන්නා සේ හිඳිමි
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමි
ගැල් පෙරහැර යන්නා සේ නිදමි
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමි
ඒ දුක නිමක් නැති එනමුදු කමක් නැතී
යළි හිත හදා ගමි සදහට පතා එමි
හඹා එමි සදා ඔබම පතමීනිල් තරු බිම විටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමීසඳ රැජිනිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරූ නැටුම් නටමි
පෙරහැර මා හැරගිය බව දුටිමී
ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
ඒ සැප නිමක් නැතී තාමත් පමා නැතී
ඔබෙ සිත බදා ගමී සදහට සිනාසෙමී
සිනාසෙමී සදා ඔබම පතමී
YOU ARE READING
💕 කුමරි නුඹ නාඬන්..💕
Romanceමං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක...