💕 කුමරි නුඹ නාඬන්.. 💕 16

421 46 6
                                    


දහසය වැනි කොටස

" තා..තාත්තේ .." පුපුරු ගසන කම්මුල අල්ලාගනිමින් සියපත් විමසුවේ සිඳුවූයේ කුමක්දැයි එකවර සිතාගත නොහැකිව ය.

" උඹ මට තාත්තා කියන්න එපා.. පරයා.. " රත්වත්තේ  යලි පැන ඔහුගේ කමිස කොළරය අල්ලා ගත්තේ කෝපයෙන් ය.

" උඹ අපි හැමෝගෙන කනින් රිංගලා අර මුඩුක්කු බැල්ලිව බැඳ ගත්තා ලු නේ..??. උඹ මොන අපරාදයක් ද යකෝ අර අහිංසක කෙල්ලට කරේ??.. " රත්වත්තේ කෝපයෙන් පහර කිහිපයක් එල්ල කලේ ය.

" තාත්තේ මේ.."  සියපත් සිය පියාව පසෙකට තල්ලු කරේ කෝපයෙන් ය.

" මං සහශ්‍රාව බදින්න කලින් ඒකිව බැන්දේ.. කසාද බැදලා දරුවෙකුත් හිටිය මට සහශ්‍රාව බන්දලා දීලා ඒකිව අමාරුවෙ දැම්මේ කවුද?... "

සියපත් කිසි දිනක නොවූ පරිදි උස් හසින් රත්වත්තේට තර්ජනය කරද්දි සේවකයෝ පවා මුනුණට මුහුණ බලා සිටියේ කුමක් වේ යැයි කුතුහලයෙන් ය.

' උපාසක බක බක.. තේ කෝප්ප දෙක දෙක..' සාලයේ තිබූ මල් බඳුන සකස් කරන්නා සේ පෙන්වමින් සියලු කතාවන් සවනය කරමින් සිටි  සිරියානි  අසල සිටි සේවකයෙකුට මිමිණුවා ය.

' දෙන්නම නියම ජෝඩුව.. අනෙක් කෙනාගෙ කැරැට්ටුවත් එලිවෙයි ලගදිම..'

" මොනවද තොපි කුටු කුටු ගාන්නේ.. ගිහින් වැඩක් බලාගනිල්ලා.. ඕපදූප අහනවට තොපිට පඩි ගෙවන් නෑ බොලව්.." අසල මිමුණම්න් සිටින සිරියානි දෙස හැරී රත්වත්තේ ගිගිරුවේ ය. ඈ වහාම කුස්සියට සක්මන් කරේ තැතිගනිමින් ය.

" උඹ මොකද්ද කිව්වේ.. අපිද එතකොට සහශ්‍රා ව අමාරුවෙ දැම්මේ.. අපි දැනන් හිටියද  උඹ මෙහෙම කසාදයක් හොරෙන් කරගෙන හිටපු එකක්?... "  සියපත් නිහඬව සිටියා මිස කිසිත් ප්‍රකාශ කලේ නැත.

" කසාද දෙකක්  එකසැරේ කරගන්න උඹ හම්බයෙක් කියලා හිතුවද පරයෝ.. අපේ පරම්පාරාවෙ කිසි එකෙක් කරපු වැඩක් ද උඹ මේ කරලා තියෙන්නේ.."

රත්වත්තේ තවත් කෝපයෙන් ගුගුරද්දි සියපත් මුනිවත රැක්කා පමනි.  මෙවැනි දිනයක් උදාවන්  බව ඔහු දැන සිටියේ ය. එහෙයින් ඔහු සිත දැඩි කරගෙන අවස්තාවට මුහුණ දීමට තීරනය කර තිබුනේ බොහෝ කාලකට පෙර සිට ම ය.

💕 කුමරි නුඹ නාඬන්..💕Where stories live. Discover now