💕කුමරි නුඹ නාඬන්...06💕

487 56 15
                                    

💕 කුමරි නුඹ නාඬන්.. 💕

හයවන දිගහැරුම

පසළොස්වක සඳ  අහස්කුස මුදුනටම පැමිණ තිබුණි. කේසර සදලුතලයට පියවර මැන්නේ දෙමාපියන්ට රහසින් සිගරට් එකක් පානය කිරීමේ නොනිමි ආශාවෙන් ය . සඳළුතලයට පිවිසෙන කුඩා කොරිඩෝව දිගේ පියවර මනින ඔහුට විවෘතව පැවති දොරින් හදිස්සියේම සහශ්‍රාගෙ  රුව නෙත ගැටුණි . ඔහු එකවරම කැළඹී ගියේය. දුහුල් සළු අතරින් බේරී ආ ඇයගෙ කෝමළ රේඛාවන් දෙස කේසර බලා උන්නේ තිගැස්සී ගිය සිතින් ය. මීටත් වඩා සොඳුරු ස්ත්‍රී ලාලිත්‍යයෙන් සපිරි සුරූපී රුවැත්තියන්ගේ සමීප රූප දර්ශනය ඔහුගේ නෙතට හසුව තිබුනි. එසේම ඒ  රුවැත්තියන් තමාට නතු කරගත් අවස්ථාව ද ඔහුට සිහිපත් විය .  ඒ සෑම අවස්ථාවක දී ම ඔහුගේ සිතේ තිබුණේ මොහොතක සුව විට ගැනීමේ අපේක්ෂාව පමනි . නමුදු මේ රුව සදාකාලයටම තමා සමීපයේ රඳවා ගැනීමේ  ලෝබකමක් ඔහුට එකවර ඇති විය .

ක්ෂණිකවම ව සහශ්‍රාගෙ  රුවින් ඔහු දෑස් ඉවතට හරවා ගත්තේ පසුතැවිල්ලෙන් ය.  සහශ්‍රා යනු තම එකම සහෝදරයගෙ පතිනිය බව සිහි වෙද්දී ඔහු ඇතුලතින්  දැවී ගියේ ය .  ඇය තමාට කිසිදිනක හිමි නොවන වස්තුවක් යැයි ඔහුට සිතුනි . මෙවැනි සුන්දරියකගෙන් මොහොතක් හෝ මිදී සිය සොයුරා කෙලෙස රැය පහන් කරන්නේ දැයි ඔහුට සිතාගත නොහැකි විය .කේසර  බැල්කනියේ වැටට හේතු වී දුම් වැටිය දල්වා ගත්තේය .

සොහොයුරා නිවසට නොපැමිණියේ තමා සමග ඇතිකරගත් කෝපයෙන් බව මේ වන විට කේසර වටහා ගෙන සිටියේ ය. කේසර, සියපත්ගෙ  පෙම්වතිය පිළිබඳ ඇති වූ ගැටුම හා වැරදි වැටහීම දෙදෙනාගේම සහෝදරත්වය බිඳ දමා තිබූ බව රත්වත්තේ  නිවැසියන් දැන උන්නේ නැත. සහශ්‍රා  පැවසූ පරිදි තමා කළ නොමවා විහිලුව දුරදිග ගියා  නොවේදැයි ඔහුටද වැටහුනි . නිරායාසයෙන් ම අතීත සිදුවීම කරා ඔහුගේ සිත දිව ගියේ ය .

" කේසර කෝ උඹ.." සියපත් නිවසට පැමිණියේ කෝපයෙන් පුපුරමින් ය. කේසර සාලයට දිව ගියේ විමතියෙන් ය.

" උඹ මොන මගුලකටද මගේ කෙල්ල පස්සේ යන්නේ .."

තම හඩ පාලනය කරන්නට උත්සහ දරමින් සියපත් විමසුවේ දත්මිටි සපමින් ය.  කේසර හඬ නගා සිනාසුනේ ඔහු පවසන කිසිවක් එකවර සිතාගැනීමට නොහැකිව ය. ඔහුගේ සිනාවට සියපත්ගේ කෝපය තවත් උග්‍ර විය.

💕 කුමරි නුඹ නාඬන්..💕Where stories live. Discover now